20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ නිර්දේශයන්

පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කරන බවට අගමැති මහින්ද රාජපක්‍ෂ සහතික වී ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

20 වන සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරන සංශෝධන සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඇමති වීරවංශ එබව අවධාරණය කර සිටියේය.

අගමැතිවරයා විසින් පත්කරන ලද කමිටුව ඔහුගේම ප්‍රධානත්වයෙන් රැස්වී ඔහු ඉදිරියේදීම අවසාන නිගමනයට පැමිණි බවද වීරවංශ අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

ඒ අනුව අවසානයේ දී කමිටුව එකඟ වූ නිගමනයන්ට කාරක සභා අවස්ථාවේදී සංශෝධන ගෙන එන බව අගමැතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇතැයිද ඇමතිවරයා කියා සිටියේය.

ඇමතිවරයාගේ ප්‍රකාශය ආණ්ඩුවට පක්ෂපාත lanka C news වාර්තා කර තිබුනේ මෙසේය.

20 CNEWS

 

'සංශෝධන පාර්ලිමේන්තු විවාදයට පෙර ජනතාවට ඉදිරිපත් කළ යුතුයි' - ජාතික සංවිධාන එකමුතුව

මේ අතර දේශ හිතෛශි ජාතික ව්‍යාපාරයේ ලේකම්, ජාතික සංවිධාන එකමුතුවේ සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසන්නේ, විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ආණ්ඩුව සිදුකරන සංශෝධන අනිවාර්යයෙන් කරන බවට පොරොන්දුවක් දිය යුතු බවත් සහ ඒවා පාර්ලිමේන්තුවේ විවාදයට පෙර නොසඟවා මහජනයාට ඉදිරිපත් කළ යුතු බවත් ය.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ ඊයේ (24වැනිදා) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙසේද කීය.

''ඇත්තටම 19 සංශෝධනයේ අරමුණ වටහා ගැනීමෙන් තොරව අපට 20 ගැන කතා කරන්න බෑ. රාජපක්ෂ පවුල බිඳ දැමීම, රනිල් වික්‍රමසිංහට විධායක බලය ලබාදීම සහ රට අන්තවාදී , බෙදුම්වාදී බලවේගවල ගොදුරක් බවට පත්කරලා රට අස්ථාවර කිරීම 19 සංශෝධනයේ මූලික අරමුණු වුණා.

දෙවැනි අරමුණ ඔවුන්ට ඉටු කරගන්න බැරි වුණා. නමුත් අවසන් අරමුණ ඔවුන් ඉටු කරගත්තා. පළමුවැනි අරමුණත් ඉටු කරගන්න භාවිත කරපු මූලික සටන් පාට තමයි ඔවුන් දැන් 20 සංශෝධනයට යොදාගන්නේ.

Wasantha B''අද ආණ්ඩුව අදූරදර්ශී විදියට සහ
ජනවරමේ අධ්‍යාත්මය පළුදු වෙන විදියට
කටයුතු කරනවා. යහපත් දේ ඉතුරු කරලා
අයහපත් දේ ඉවත් කළා නම්
අද මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නෑ.
මේ සඳහා විපක්ෂයෙන් වගේම
ආණ්ඩු පාර්ශ්වයෙන්ද විරෝධය මතුවෙනවා.”

අද ආණ්ඩුව අදූරදර්ශී විදියට සහ ජනවරමේ අධ්‍යාත්මය පළුදු වෙන විදියට කටයුතු කරනවා. යහපත් දේ ඉතුරු කරලා අයහපත් දේ ඉවත් කළා නම් අද මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නෑ. මේ සඳහා විපක්ෂයෙන් වගේම ආණ්ඩු පාර්ශ්වයෙන්ද විරෝධය මතුවෙනවා.”

සබැඳි පුවත් :

අනතුරු ඇඟවීමයි: ආණ්ඩුවේම පිරිසක් ආණ්ඩුව බිඳ වට්ටන කුමන්ත්‍රණයක!  

ජනපතිගේ හයිය අතටගත් ඇමති අලි සබ්රි අගමැතිට අභියෝග කරයි! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්