මෙරටට ආනයනය කර ඇති රථවාහනවලින් සියයට 90 ක් පමණ මේ වනවිට අළෙවි වී අවසන් බව ලංකා වාහන ආනයනකරුවක්ගේ සංගමය පවසයි.

ඒ, ගත වූ මාස 06 තුළ මෙරටට වාහන ආනයනය කිරීම රජය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙනි.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ සඳහන් කරන්නේ පවතින වාහනවලට ඉල්ලුම වැඩිවීම නිසා මිල ඉහළ ගොස් ඇති බවයි.  

මේ හේතුවෙන් රට තුළ තිබෙන ලියාපදිංචි කළ වාහනවල මිළ ගණන් ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව ඔහු කියා සිටියි.

237a58e81f34df9162dc5853d9bf35b8 වෙළෙඳපොළේ පැරණි වාහන මිළ පවා රුපියල් මිලියනයේ සිට මිලියන 10 දක්වා ඉහල ගොස් ඇත.

ලෝකයේ බොහෝ රටවල කොවිඩ් 19 ආර්ථික අර්බුදයත් සමග ජනතාවට අදායම් අහිමි වීම නිසා වාහන, ව්‍යාපාර කොටස් වෙළෙඳපොළ සහ ඉඩම් මිළ පහත ගියත්, ශ්‍රී ලංකාවේ නියාමනයක් නොමැතිව පොලී අත්තිකිරම් අනුපාතය අඩුවීමේ වාසියෙන් ප්‍රයෝජනයට ගත් දක්ෂ (smart) ශ්‍රී ලාංකිකයන් ඉඩම් මිලදී ගැනීමටත් වාහන මිලදී ගැනීමටත් මෙම පහසුකම් පරිහරණය කළ බව ආර්ථික හා මූල්‍ය විශ්ලේෂක සේන සූරියප්පෙරුම පවසයි.

සබැඳි පුවත් :
කොවිඩ් 19 බැංකු පහසුකම් අවභාවිතා වුණාද? - සේන සූරියප්පෙරුම


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්