වත්මන් ආණ්ඩුව පත් කර ගැනීමට ඡන්දය දුන් හැට නම ලක්ෂයක් ජනතාවට අද සිදුව ඇත්තේ ටේප් පටි අරගෙන පොළවල් ගානේ

ගොස් පොල් මැන මැන සිටීමට යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

බොහෝ වියත් ආකාරයෙන් ජනතාවට සලකන බව පේන බවත් මෙය වියත්මග දැයි තමන් ප්‍රශ්න කරන බවත් ඔහු පැවැසීය.

ඔහු එබව කියා සිටියේ 'සමගි ජනබලවේගය' විසින් ක්‍රියාත්මක කරනු ලබන 'දිනමු කමිටු' පිහිටුවීමේ දෙවන අදියර අනුරාධපුර පොළොන්නරු දිස්ත්‍රික්ක මුල්කොටගෙන ඊයේ (26) පැවති ජනහමුවක් අමතමිනි.

ජනතාගේ ප්‍රශ්න විසදනවා වෙනුවට ආණ්ඩුව විසිවෙනි සංශෝධනය අල්ලාගෙන දගලන බව එහිදී පැවසු විපක්ෂ නායකවරයා, මෙයාකාරයේ  දේශපාලන සරදම් ඉදිරියේදී තව තවත් බලාපොරොත්තු වන්නැයි ජනතාවට කියා සිටින බව ද පැවසීය.

 

පොල් බූරු මැසිම : 'දඩුමොනරයෙන් පසු කරන ලද හොදම සොයා ගැනීම'

මේ අතර වටප්‍රමාණය අනුව පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය පවසන්නේ ශ්‍රී ලංකාව දඩුමොනරයෙන් පසු කරන ලද හොදම සොයා ගැනීම 'පොල් බූරු මැසිම' බවයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ සිය FB පිටුවේ සටහනක් තබමිනි.

polburu mashin

 

සබැඳි පුවත් :

තවත් ගැසට් එකක්: පොල් ගන්න කඩේ යද්දී 'ටේප් එකක්' අරන් යන්න!! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්