ජනතාවගේ පොදු යහපත පිණිස දෙන, සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සළකා ක්‍රියාත්මක කළ යුතු බවත්,

එම නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රජයේ නිලධාරීන්ට කළ දැනුම් දීම මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි සංවාදයකට ලක්වෙමින් තිබේ.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකළේ බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයෙන් ආරම්භ වූ “ජනපති ගම සමග පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයට එක්වෙමිනි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂයකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

Edict (ආඤාවක්) යවන්නෙ රජ කෙනෙක් !

Circular(චක්‍රලේඛ) යවන්නෙ ජනරජයකින්!

ජනපතිතුමා 20 එන්නත් කලින් රජකෙනෙක් වී ඇති බව තමන්ම ප්‍රකාෂ කරයි.

ප්‍රංශයේ ලුවී රජයත් ඔහොමම කිව්වා!

 

sk post

 

“ගෝඨාගේ නියෝගය අත්තනෝමතික රාජාණ්ඩු සමයට යෑමක් – ජනතා නීතිඥයෝ

මේ අතර ජනතා නීතිඥයෝ එකතුවෙහි කැදවුම්කරු නීතිඥ සේනක පෙරේරා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දෙන ලද නියෝගය රජ සමය සිහි ගන්වන අත්තනෝමතික නියෝගයක් බවයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ප්‍රසිද්ධ කර ඇති වාර්තාවකට අනුව එහිදී ජනාධිපති රාජපක්ෂ මෙසේ පවසා තිබේ.

“ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු‌ය. මේ නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නවා ඇත. ජනතා ප්‍රශ්නවලට විසඳුම්දීමට රාජ්‍ය ආයතන දිගුකාලයක් ගන්නා බැවින් ආයතනයක ලිඛිත විමසුමකට අනෙක් ආයතනයෙන් දින 14ක් ඇතුලත පිළිතුරු නැත්නම් එම ලිඛිත ඉල්ලීම අනුමත කළා සේ සලකා ජනතාවට පිළිතුරු දිය යුතුය”

 

රටෙහි පවත්නා ලිඛිත නීතියට නොසළකා හැරීමක්

මෙම ප්‍රකාශය රටෙහි පවත්නා ලිඛිත නීතියට නොසළකා හැරීමක් බව පවසන නීතිඥ සේනක පෙරේරා, කට වචනය නීතියක් සේ සැලකූ අත්තනෝමතික රාජාණ්ඩු සමය පසු කර සමාජයන් ප්‍රජාතන්ත්‍රවාදී මාවතෙහි බෙහෝ දුර පැමිණ ඇති බවද සදහන් කරයි.

කවර හෝ දේශපාලනඥයකුගේ කට වචනය නීතියක් සේ සැලකීමට නොහැකි බවත් නීති රීති සම්පාදනය සදහා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පිළිගත් ක්‍රියාපරිපාටියක් ඇති බවත් ඔහු සදහන් කරයි.

Senaka Pereraනීතිඥ සේනක පෙරේරා වැඩි දුරටත් මෙසේ සදහන් කරයි.

“ඉහත සඳහන් ප්‍රකාශය ජනාධිපති රාජපක්ෂ විසින් කළ බව සදහන් වන බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයෙහි පසුගිය 25 දින පැවැති රැස්වීමේදී ඔහු විසින් දෙන ලද නියෝග ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා අදාළ නිලධාරීන් පවත්නා නීතිමය රාමුව අනුගමනය කළ යුතුය.

ඒසේ නොකළ හොත් ඔවුන් නීතිය ඉදිරියේ වරදකරුවන් වෙයි. ඒවැනි නීති කාර්යකදී අධිකරණය පිළිගත යුත්තේ කට වචනයද ලිඛිත නීතියද යන ප්‍රශ්ණය පැන නගිනු ඇත.

මෙම නියෝගය අදාළ වන්නේ ජනාධිපතිවරයාගේ වාචික නියෝගවලට පමණක් බව එම වාර්තාවෙන් අදහස් වන නමුත් ආන්ඩුවේ අනෙක් ප්‍රධානීන්ද මෙවැනි වාචික නියෝග නිකුත් කිරීමට පටන්ගත හොත් කුමන තරමක අවුල් සහගත තත්වයක් ඇතිවනු ඇත්දැයි කල්පනා කළ යූතුය.

''මෙම නියෝගය අදාළ වන්නේ ජනාධිපතිවරයාගේ වාචික නියෝගවලට පමණක් බව එම වාර්තාවෙන් අදහස් වන නමුත් ආණ්ඩුවේ අනෙක් ප්‍රධානීන්ද මෙවැනි වාචික නියෝග නිකුත් කිරීමට පටන්ගත හොත් කුමන තරමක අවුල් සහගත තත්වයක් ඇතිවනු ඇත්දැයි කල්පනා කළ යූතුය.''

 

දින 14 නීතිය ???

දින 14 නීතිය ලෙස ජනාධිපති රාජපක්ෂ විසින් දක්වා ඇති රීතිය ද බරපතල ප්‍රශ්ණ ඇති කරයි. රාජ්‍ය ආයතනයක් යම්දි විමසුමකට දින 14ක් තුළ පිළිතුරු නොඑවන්නේ නම් ඒම ඉල්ලීම් අනුමත කළ එකක් ලෙස සළකන ලෙස ජනාධිපති නියෝග කර තිබේ.

මෙම ඉල්ලීම් මුදල් හො අනෙක් ප්‍රතිපාදනයක් සම්බන්ධයෙන් නම් මෙළෙස නිල අනුමත කිරීමකින් තොරව රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීමට පටන් ගත හොත් සිදුවන්නේ කුමක්දැයි සිතා ගැනීමටවත් නොහැකිය.

Haldummullaජනාධිපතිවරයාගේ මෙම නියෝගය හල්දුම්මුල්ලට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටමත් සියළු රජයේ සේවාවන්ටත් අදාළ වන එකකි.

ජනාධිපතිවරයාගේ මෙම නියෝගය හල්දුම්මුල්ලට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටමත් සියළු රජයේ සේවාවන්ටත් අදාළ වන එකකි.

එසේ වූ විට සිදුවනු ඇත්තේ ලිඛිත නීතිය වෙනුවට වාචික නීතිය, රටේ නීතිය බවට පැමිණමයි.

 එවැනි තත්වයක් යනු රාජාණ්ඩු ක්‍රමයකි. රජුගේ වචනය අවසාන නීතිය විය. එය ප්‍රශ්ණ කළ නොහැකි විය.

''මහජනයා මුහුණ දෙන ප්‍රශ්ණ කඩිනමින් විසදිය යුතු බව අපි පිළිගනිමු. ඒසේ නමුත් එය කළ යුත්තේ නිසි ක්‍රමවේදයන්ට අනුවය.''

මහජනයා මුහුණ දෙන ප්‍රශ්ණ කඩිනමින් විසදිය යුතු බව අපි පිළිගනිමු. ඒසේ නමුත් එය කළ යුත්තේ නිසි ක්‍රමවේදයන්ට අනුවය.

දැන් ජනාධිපති රාජපක්ෂගේ මෙම නියෝගයෙන් ශ්‍රී ලංකාව ආපසු රාජාණ්ඩු යුගයකට ගෙන යන්නේ දැයි ප්‍රශ්ණ කිරීම සියලු ප්‍රජාතන්ත්‍රවාදී පිරිස්හි වගකීමක් වේ.”

සබැඳි පුවත් :

චියර්ස්! : තම වාචික නියෝග චක්‍රලේඛ ලෙස සලකනු!!- ජනපති නියෝගයක්

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්