කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීමට රජයේ අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ පවසයි.
ඔහු මේ බව පැවසුවේ නාවලපිටිය ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගීවෙමිනි.
මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මෙසේ සඳහන් කළේය.
හඬපටය
මල් ආනයනයත් සීමා කෙරේ !
මෙරට වගා කළ හැකි මල් වර්ග ආනයනය ඉදිරියේ දී සීමා කිරීමට ද රජය තීරණය කර ඇත.
මේ සදහා මල් වගාකරුවන් දිරිමත් කර මෙරට වගා කළ හැකි වැඩි ඉල්ලුම්පත් සහිත මල් වර්ග වැඩි වශයෙන් වගා කිරීමට ඔවුන්ව පෙළඹවීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි පවසයි.
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් සුවහස් මල් එකමුතුව සංවිධානය කළ “සියනෑ මල් වසන්තය 2020” ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ලේකම්වරයා මේ බව සදහන් කළේය. ප්‍රදර්ශනය ගම්පහ නගර සභා පිටියේ දී පැවැත්විණ.
අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ, මල් අපනයන ආදායම ඉහළ නැංවීමට රජය සුදානම් බවයි.
''මෙරටට වැඩි වශයෙන් මල් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙනි. ඒ පිච්චමල්ය.
2008 වසරේ දී ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මල් විදෙස් රටවලින් දිවයිනට ගෙන්වා තිබේ.
2012 දී විදෙස් රටවලින් දිවයිනට යොමු කළ මල් වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් 26000 කි.
2017 වසරේ දී ඩොලර් 65000 ක මල් මෙරටට ගෙන්වා ඇති බවත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහි දී කියා සිටියේ ය.
මෙලෙස වැඩි වශයෙන් මල් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙනි. ඒ පිච්චමල් බව ද ලේකම්වරයා කීවේය.
ලංකාවෙන් මල් විදේශයන්ට යැවීමේ (අපනයනයේ) ඉහළම අගය වාර්තා කර ඇත්තේ 2008 වසරේදීත් ඒ ඩොලර් අටලක්ෂ දාහත් දහසකි.
2018 වසරේ දී එය මල් අපනයනයෙන් මෙරටට ලැබීමට හැකිව ඇත්තේ ඩොලර් 150,000 ක මල්ය.
ඉදිරි වසර කීපය තුළ මල් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් දසලක්ෂය දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කරගෙන ඇතැයි ද හෙට්ටිආරච්චි කීවේය.
මල්වගාකරුවන් සදහා උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුව තාක්ෂණික පුහුණුව ලබා දීමට කටයුතු යොදා තිබේ.
ඊට අමතරව ඔවුන්ට අවශ්‍ය මල්පැළ හා සෙසු ද්‍රව්‍ය නොමිලේ ලබාදීමට සැලසුම් කර තිබේ.
ඒ සදහා රුපියල් මිලියන 23 ක් වෙන් කර ඇතැයි ද අමාත්‍යාංශ ලේකම්වරයා මෙහි දී වැඩිදුරටත් කිවේය.