ශ්‍රී ලංකාව තුළ කෝවිඩ්-19 උවදුර පාලනය කිරීමේ භාරදූර කර්තව්‍යය සඳහා තමන් ලද රුසියානු වෛද්‍ය අධ්‍යාපනය

බෙහෙවින් ඉවහල් වූ බව පරිසර අමාත්‍යංශයේ ලේකම් සහ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ඔහු එබව සඳහන් කළේ පසුගිය 25 දා කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ පැවති උත්සවයක් අමතමිනි.

ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 පාලනය කිරීමේ උත්සාහයේ පෙරමුණෙන් ම සිටි සමාජවාදී රටවල අධ්‍යාපනය ලද වෛද්‍යවරුන් ඇගයීම සඳහා එම උත්සවය සංවිධානය කර තිබිණ.

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මෙහි ප්‍රධාන ආරාධිතයා වූ අතර ගෞරවණීය ආරාධිතයා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් ඊට එක්ව සිටියේය.

මෙහිදී හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු වෛද්‍යවරුන් පිරිසකගේ සේවය ඇගයීමට ලක් කෙරුණි.

Anil Jasinghe

 

ඇගයීමට පාත්‍ර වූ වෛද්‍යවරුන් :

  • හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ

  • සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස්

  • කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි

  • ශ්‍රී ලංකා පොලිස් රෝහලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෛද්‍ය රවී බස්නායක

  • කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය ගීතිකා ගුරුගේ

  • කොළඹ මහනගර සභාවේ වසංගත රෝග නිලධාරී වෛද්‍ය දිනූ ගුරුගේ

  • කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ නිලධාරී වෛද්‍ය ධම්මික අධිකාරීවත්ත

  • ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන අංශයේ ප්‍රධානී වෛද්‍ය කපිල සූරියආරච්චි

  • උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ කෝවිඩ් ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදන්තිකා විජේසූරිය

  • කලුතර මහ රෝහලේ කෝවිඩ් ඒකකයේ ප්‍රධානී වෛද්‍ය තේජා හුරුග්ගමුව

මීට අමතරව, කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් සහ කොළඹ ජාතික රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ ඇතුළු සෝවියට් දේශයේ හා රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනය ලබා ආපසු පැමිණ, ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉහළම තනතුරු හොබවන විශේඥ වෛද්‍යවරුන් සියයක පමණ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය හ.

Anil Jasinghe speech

සෝවියට් දේශයේ සහ රුසියාවේ අධ්‍යාපනය ලැබූ වෛද්‍යවරුන් වෙතින් ජනතාවට විශිෂ්ටතම තත්ත්වයේ සේවයක් සැලසෙන බව බව වෛද්‍ය ජාසිංහ සභාව අමතමින් සඳහන් කළේ ය.

ඔහු පෙන්වා දුන්නේ 1960 දශකයේදී වෛද්‍ය ශිෂ්‍යත්ව ඇරඹි යුගයේ සිටම, මෙරට සේවයට පැමිණි වෛද්‍යවරුන් වෙතින් එම විශිෂ්ටත්වය පෙන්නුම් කෙරෙන බවයි.

මෙය අනෙක් අයගේ විමතියට ද හේතු වන බව පෙන්වා දුන් වෛද්‍ය ජාසිංහ, ඇතැම් විට, අනෙකුත් වෛද්‍යවරුන්ට මෙය තේරුම් ගැනීම ද අපහසු බව කියා සිටියේ ය.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි, රුසියානු ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපති රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ, රුසියානු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා අනස්තාසියා හක්ලෝවා, රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක බුද්ධප්‍රිය රාමනායක ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටිය හ.

 

රුසියාවෙන් කෝවිඩ්-19 එන්නතක් :

වර්තමානයේ ද වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ රුසියානු කාර්යයභාරය ඉතා ඉහළ තත්ත්වයක ඇති බව නොරහසකි.

රුසියාව සහ ශ්‍රී ලංකාව යන දෙරටම කෝවිඩ්-19 හේතුවෙන් ඉතා අඩු මරණ අනුපාතයක් ඇති රටවල් ය.

එමෙන්ම කෝවිඩ්-19 සඳහා එන්නතක් සොයාගැනීමේ පර්යේෂණයන් හි පෙරමුණ ගැනීමට රුසියාව සමත්ව සිටියි.

එවන් වූ රුසියාවේ ඉහළම තත්ත්වයේ වෛද්‍ය පීඨවල අධ්‍යාපනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් හෑල්ලුවට ලක් කර තිබීම හාස්‍යජනක කරුණක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

සත්‍ය වශයෙන්ම ඔවුනට රුසියානු වෛද්‍ය අධ්‍යාපනයේ විශිෂ්ටත්වය වටහා ගැනීම අසීරු වී ඇති බවක් දිස් වේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලොව පිළිගත් රුසියානු වෛද්‍ය විද්‍යාල 03ක් කිසිදු හේතුවක් නොදක්වා පදනම් විරහිතව අනුමත විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත්කර අදට මාස 03කි.

සබැඳි පුවත් :

විදෙස් වෛද්‍ය උපාධි ලබාගත් සිසුන් දහසක් අනාතයි ! - වෛද්‍ය සභාවේ කටයුතු සොයාබැලීමට කමිටුවක්!! 

රුසියානු වෛද්‍ය විද්‍යාල කැපුණේ අත්වැරදීමකින් - ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති (වීඩියෝ) 

රුසියානු වෛද්‍ය විද්‍යාල කැපුණේ අල්ලස් නොදීම හේතුවෙන්ද ?

රුසියාවේ ප්‍රධාන පෙළේ සරසවි 03 ක් තහනම් ද? නැද්ද? - ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත් පැටලිල්ලක!

ශ්‍රී ලංකාව, රුසියන් උපාධි ප්‍රතික්ෂේප කිරීම නිසා 'කුරුමිනියා' අයෙත් එන අනතුරක්!  

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීරණය අපට කළ බරපතල අවමානයක් - රුසියාවෙන් දැනුම්දීමක්!

වෛද්‍ය සභාවේ කෝන්තරයක් නිසා රුසියානු පුර්ණ ශිෂ්‍යත්ව 40 ක් අහිමි වේ!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්