දිවයින පුරා පිහිටි ජාතික හා පළාත් පාසල්වල මේ වන විට විසි දහසක පමණ ගුරු  හිඟයක් පවතින බව

පෙන්වා දෙන දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක්  ඒ හේතුවෙන්  දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන් බරපතල පීඩාවකට ලක්ව ඇති බව අනාවරණය කර තිබේ.

 එසේම දුෂ්කර ප්‍රදේශයන්හි පාසල්වල සේවය කරන ගුරුවරු ද ගුරු හිඟයෙන් දැඩි පීඩාවකට පත්ව ඇති බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

 "වසර 7,8 ආදී වශයෙන් හෝ ඊටත් වැඩි කාලයක් දුෂ්කර ප්‍රදේශයන්හි පාසල්වල සේවය කර, තම ස්ථිර පදිංචි ප්‍රදේශවලට ස්ථාන මාරුවීමට සුදුසුකම් ලබා සිටින විශාල ගුරුවරු පිරිසකට මෙම ගුරු හිඟය හේතුවෙන් ස්ථාන මාරු ලැබීමට නොහැකි වී ඇත. ස්ථාන මාරු නිර්දේශ වී සිටින ගුරුවරු වෙනුවෙන් අනුප්‍රාප්තිකයන් යෙදීමට නොහැකිවීම මත එම ගුරුවරු තම ස්ථාන මාරු නොලැබීමෙන් බරපතල පීඩාවටකට ලක්ව සිටිති."

Stalinලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්ගේ අත්සනින් යුතුව සැප්තැම්බර් 28 සදුදා නිකුත් කළ නිවේදනයක් මගින් පෙන්වා දී ඇත්තේ දැනට පවතින ගුරු හිඟය ඉදිරි වසර දෙක තුළ තවදුරටත් වැඩිවීමේ ප්‍රවණතාවක් ද පවතින බවයි.

 1989-90 වසරවල බඳවා ගත් ගුරුවරුන් බොහෝ පිරිසක් ඉදිරි වසර දෙක තුළ විශ්‍රාම යාමට නියමිතව තිබීම එයට හේතු ලෙස ගුරු සංගම් නායකයා පෙන්වා දෙයි.

 මේ වන විට ගුරුවරුන් විසිදාහකට ආසන්න පිරිසක් අධ්‍යාපන පද්ධතිය තුළ හිඟවීමට ප්‍රධාන හේතුව ලෙස ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් පෙන්වා දෙන්නේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පාඨමාලා අවසන් කළ ගුරු සිසුන් 5000 කට ආසන්න පිරිසකට පත්වීම් ලබා නොදීමයි.

''මේ වන විට ගුරුවරුන් විසිදාහකට ආසන්න පිරිසක් අධ්‍යාපන පද්ධතිය තුළ හිඟවීමට ප්‍රධාන හේතුව ලෙස ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් පෙන්වා දෙන්නේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පාඨමාලා අවසන් කළ ගුරු සිසුන් 5000 කට ආසන්න පිරිසකට පත්වීම් ලබා නොදීමයි.''

  ලංකාවේ දැනට පවතින ගුරු හිගය සදහා බලපා ඇති සෙසු හේතුන්ද ලංකා ගුරු සංගමය  සිය නිවේදනය මගින් අනාවරණය කර තිබේ.

 "එසේම ජාතික හා පළාත් පාසල්වල ශිෂ්‍ය උපදේශනය සඳහා ගුරුවරු බඳවා ගැනීමට අයඳුම්පත් කැඳවා 2018.11.25 දින තරග විභාගයක් පවත්වා එහි ප්‍රතිඵල මත 2020.01.06, 12, 14, 16, හා 17 දිනයන්හිදි ප්‍රායෝගික පරීක්ෂණ ද පවත්වා තෝරා ගන්නා ලද ගුරුවරු 1000 කට ආසන්න පිරිසක් බඳවා නොගැනීම ද, 2019 වසරේදී උතුරුමැද පළාතේ උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම යටතේ 5000 ක පමණ පිරිසක් ඉල්ලූම් කර තිබුණ ද 986 ක් පමණක් බඳවා ගෙන ඉතිරි පිරිස් බඳවා නොගැනීම හා බස්නාහිර පළාතේ 2019 වසරේ පවත්වන ලද තරග විභාගයට 11,000 ක පමණ පිරිසක් පෙනී සිටි අතර, 5000 ක් පමණ විභාගය සමත්ව සුදුසුකම් ලබා තිබුණ ද 1600 කට ආසන්න පිරිසක් පමණක් අවස්ථා දෙකකදී බඳවාගෙන ඉතිරි පිරිස බඳවා නොගැනීමට ද මෙම ගුරු හිඟයට හේතු වී ඇත."

 මේ ආකාරයට පවතින පුරප්පාඩු අනුව ගුරුවරු බඳවා ගැනීම සඳහා අදාළ තරග විභාග හා සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබුණ ද ඔවුන් බඳවා නොගෙන පද්ධතිය තුළ ගුරු හිඟයක් පවත්වාගෙන යන්නේ කුමන පදනමකින් ද යන්න බරපතල ගැටලූවක් බව ලංකා ගුරු සංගමය පවසයි.

 මේ තත්වය පිළිබඳව අවධානය යොමු කර දැනට පත්වීම් ලැබීමට නියමිත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් ගුරු සිසුන් මෙන්ම ශිෂ්‍ය උපදේශන ගුරුවරුන් ද කඩිනමින් බඳවා ගන්නා ලෙසත්, පළාත් සභා මගින් බඳවා ගැනීමට අදාළ සුදුසුකම් සපුරා ඇති ගුරුවරු වහා බඳවා ගැනීමට කටයුතු යොදන ලෙසත් ලංකා ගුරු සංගමය අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්