2020 වසරේ ශ්‍රී ලංකාවේ දෙවෙනි කාර්තුවට අදාල දළ දේශීය නිෂ්පාදිත (Gross domestic product, GDP)

ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොතිබීම ආර්ථික විශේලේෂකයින්ගේ හා ව්‍යාපාරික ප්‍රජාවේ බරපතල සැකයකට ලක්වෙමින් තිබේ.

වත්මන් රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ස්වකීය ක්‍රියාකාරිත්වය ඔස්සේ පසුකළ 2020 පළමු කාර්තුවේ  දළ දේශීය නිෂ්පාදනය අගය සෘණ 1.6කට හකුළුන බව ප්‍රකට කරුණකි.

කොවිඩ් 19 කිසිඳු බලපෑමක් නොමැතිව ආර්ථිකය මෙසේ හැකිලියමට හේතුව රජය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

මේවනවිට ලැබී තොරතුරු හා දත්තවලට දෙවැනි කාර්තුවේ තත්ත්වය ඊටත් වඩා අතිශයින් ම බරපතල බව මුදල් අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

දළ දේශීය නිෂ්පාදිතය යනු රටක නිශ්චිත කාල සීමාවක් තුළ නිපදවන සියලුම භාණ්ඩ හා සේවා වල වෙළඳපල වටිනාකම පිළිබඳ අගයයි.

''කිසියම් රටක පිට පිට කාර්තු දෙකක ආර්ථික වර්ධන වේගය සෘණ අගයක් ගතහොත් එවැනි රටක් ආර්ථික අවපාතයක් සහිත ( Recession ) රටක් ලෙස ජාත්‍යන්තරය විසින් නිල වශයෙන් සලකනු ලබයි.''

කිසියම් රටක පිට පිට කාර්තු දෙකක ආර්ථික වර්ධන වේගය සෘණ අගයක් ගතහොත් එවැනි රටක් ආර්ථික අවපාතයක් සහිත ( Recession ) රටක් ලෙස ජාත්‍යන්තරය විසින් නිල වශයෙන් සලකනු ලබයි.

ආර්ථික අවපාතයක් යැයි සාමාන්‍යයෙන් අර්ථ දැක්වෙන්නේ සමහර අවස්ථාවල නිපදවන භාණ්ඩ හා සේවාවල වටිනාකම පහත වැටීමේ තත්වය මාස හයක කාලයක් හෝ කාර්තු දෙකක කාලයක් තුළ එක දිගට සිදුවන විට ය.

1.6 GDP 2020

 

රැකියා විරහිතභාවය !

පළමු කාර්තුවට අදාළ රැකියා විරහිතභාවය පිළිබඳ සංඛ්‍යා ලේඛණ කිසිවක් හෝ රජය විසින් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

එවැනි තත්වයක් තුල ආණ්ඩුවේ නිල නොවන ආරංචිමාර්ග පවසන්නේ, කොවිඩ් බලපෑමකින් තොරවූ 2020 පළමු කාර්තුවේ විරැකියාව සියයට 5- 7 අගයක් ගෙන ඇතිබවයි. එය මෑත දශකයේ වාර්තා වී ඇති ඉහලම අගයකි.

කොවිඩ් 19 බලපෑමට ලක්වූ දෙවන කාර්තුවේ තත්ත්වය මිටවඩා බරපතල බව මේවනවිට වාර්තා වේ.

මේවනවිට ලක්ෂ 4කට රැකියා සැපයු සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම බිඳවැටී ඇති අතර ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්ෂ එකහමාරක දෙකක පිරිසකගේ සේවය අවදානමකට ලක්ව තිබේ.

ලංකාවේ EPF සේවකයින් ලියාපදිංචි ව්‍යාපාර සංඛ්‍යාව 86,000ක් පමණ වන අතර මේවනවිට ඉන් සියයට 30ක් පමණ වසා දමා හෝ  වසා දැමීමට නියමිතය.

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ තත්වය ද දිනෙන් දින බරපතල වෙමින් තිබේ. ඔවුන් ගෙන් බොහෝ පිරිසක් ලංකාවට එන ගුවන් යානයක් බලාපොරොත්තුවෙන් අනාත කඳවුරු තුල ලැගුම්ගෙන සිටිති.

මේ අනුව මේ වර්ෂය අවසාන වනවිට ශ්‍රම බලකායේ නියුතු ලක්ෂ 10කට වැඩි පිරිසක් රැකියා විරහිත භාවයට පත්වනු ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග අනුව අනුමාන කලහැකිය.

මේ අනුව මේ වර්ෂය අවසාන වනවිට ශ්‍රම බලකායේ නියුතු ලක්ෂ 10කට වැඩි පිරිසක් රැකියා විරහිත භාවයට පත්වනු ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග අනුව අනුමාන කලහැකිය.

 

අයාලේ දුවන ආණ්ඩුවක් !

වත්මන් රාජපක්ෂ රජය බලයට පත්ව වසරකට ආසන්න කාලයක් ගෙවී ඇතත් ආර්ථික අර්බුදය දිනෙන් දින ඔඩුදුවන තත්වයකට පත්වෙමින් තිබිය දී රජයට එම තත්වය පාලනය කර ගැනීමට නිශ්චිත සැලැස්මක් හෝ වැඩපිළිවෙලක් නොමැතිබව මේවනවිට පැහැදිලිව ම ප්‍රදර්ශනය කර තිබේ.

බොහෝ රටවල් ආර්ථිකය පනගැන්වීම සඳහාත් සේවා නියුක්තිය තහවුරු කරගැනීම සඳහාත් ආර්ථික උත්තේජන ඉදිරිපත්කර ඇතත් ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් වගේ වගක් නොමැතිව මාධ්‍ය සංදර්ශන පවත්වමින් ජනතාව මුලා කරමින් සිටියි.

 

දෙවන කාර්තු වාර්තාව : මන්ද පමා ?

රජය පළමු කාර්තුවට අදාල දළ දේශීය නිෂ්පාදන අගය ඇතුලත් වාර්තාව ප්‍රකාශයට පත්කිරීම පමා කල පරිදිම දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදන වාර්තාව එළිදැක්වීම ද මේවනවිට දිගින් දිගටම කල් දමමින් සිටියි.

කාර්තුව අවසන් වී දින 75ක් ඇතුලත එම වාර්තාව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කළ යුතු වුවද එය පමා කරමින් සිටින්නේ රජයට රටට මුහුණදීමට නොහැකි තත්වයක් එම වාර්තාව මගින් අනාවරණය වීමට නියමිත නිසාදැයි දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් තිබේ.

මුදල් අමාත්‍යංශයේ නිල නොවන ආරංචිමාර්ග වලට අනුව, දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදන අගය සෘණ 7- 8 අතර අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සබැඳි පුවත් :

  1. 2020 දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදනය අගයත් සෘණ ලෙස තවත් පල්ලම් බසී! 
  2. 2020 ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ණය වර්ෂය! - බිලියන 3000 කට ආසන්නයි!! 
  3. 2020 ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ණය වර්ෂය! - බිලියන 3000 කට ආසන්නයි!! 
  4. දිනක ණය, පොලීය හා වියදම කෝටි 777යි ! - ආදායම කෝටි 394යි !!  
  5. රාජ්‍ය ආදායම පල්ලම් බසී ! - භාණ්ඩාගාරය හා මහ බැංකුව එළිපිට ගැටෙති !! 
  6. ලංකාවේ ආදායම් තත්වය ඇල්ජීරියාව හා සුඩානයේ තරමටම කඩා වැටිලා! 
  7. ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයෙන් පහළ මැදි ආදායම් කාණ්ඩයට ඇදවැටෙයි 
  8. අර්බුදයේ අවධානම නොසලකා ඉඳීම - වික්ටර් අයිවන් 
  9. ශ්‍රී ලංකාව තව තවත් ණය උගුලේ සිරවන ලකුණු: කෝටි 2,05,000 ක ණය ගනී!! - අනිද්දා 
  10. 'ජනාධිපති ගෝඨාට ආර්ථික දැක්මක් නැති බව තහවුරු වෙලා' - සැබෑ දේශප්‍රේමියෝ 
  11. නැවත කියමි - “මෙහෙම යා නොහැක” -කුසල් පෙරේරා 
  12. මුල්‍ය අර්බුදය එන්න එන්නම බරපතලයි : රාජ්‍ය සේවක වැටුප් ගෙවීමෙන් බැංකු අයිරාව කෝටි 25,100 යි
  13. රජයේ ණය බිලියන 14,000 ඉක්මවයි. මාස 04ක දී බිලියන 993කින් ඉහළට

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්