මිලියන 22ක ජනතාවගේ අයිතිය එක් පුද්ගලයකුට පැවරීම රටකට හිතකර දෙයක් නොවන බව

'සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික  ව්‍යාපාරයේ' සභාපති, හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.

''යෝජිත විසිවන සංශෝධනය මගින් මේ රට මහා ව්‍යසනයකට  මුහුනදීලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදි මූලධර්ම සම්පූර්නයෙන්ම උල්ලංගනය වෙමින් මිලියන 22ක ජනතාවගේ පූර්ණ අයිතිවාසිකම් තනි පුද්ගලයෙකුට ලබාදීමට මින්  උත්සාහ කර තිබෙනවා. ඒක රටකට හිතකර දෙයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර රජය ගත යුතුයි. '' යයි ඔහු කියා සිටියේ,  කොළඹ ජානකී හෝටලය ස්ථානයේ දී අද (29) පැවති මාධ්‍ය හමුවකදීය.

විසිවන ව්‍යවස්ථා සංශෝධනය මගින් රට තුළ සිදුවීමට යන ප්‍රජාතන්ත්‍රවාදයේ අහිමිවීමත් ඉන් සාමාන්‍ය පුරවැසියන්ට සිදුවන අසාධාරණයත් පිළිබඳව පාර්ලිමේන්තුවේ විපක්ෂයත් සිවිල් සංවිධානත් එකමුතුව ජනතාව දැනුවත් කිරීම සඳහා වූ ආරම්භක පියවරක් ලෙස එම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුනේ, 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' විසිනි.

අදට සිය උපන්දිනය යෙදී තිබු හිටපු කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති එම මාධ්‍ය හමුවට 'සමගි ජන බලවේගයේ' ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දොස්තර රාජිත සේනාරත්න, මනෝ ගනේෂන්, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග යන මහත්වරු සහභාගී වූහ.

ඊට අමතරව සිවිල් සංවිධාන වල නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියේය.

 

''ආණ්ඩු - දේශපාලන පක්ෂ පිහිටුවිමේ බලාපොරොත්තු නෑ''

ආණ්ඩු පිහිටුවිමේ හෝ දේශපාලන පක්ෂයක් පිහිටුවිමේ  බලාපොරොත්තුවක් තමන්ට නොමැති බවත් විනයගරුක, නීතිගරුක සාධාරන සමාජයක් ගොඩනැගීම 'සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික  ව්‍යාපාරයේ' අරමුණ බවත් කරු ජයසූරිය මෙහිදී පැවසීය.

තනි මතයට කටයුතු නොකර පොරොන්දු වූ ආකාරයට අනෙකුත් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සමග සාකච්ඡා කර රටේ සෑම කොටසක්ම  එකතු කරගෙන සමගියෙන් සාමදානයෙන් මේ රටට යහපත් නව ව්‍යවස්තාවක් ගෙන එන්නැයි හිටපු කතානායකවරයා එහිදී රජයෙන් ඉල්ලා සිටියේය.

තනි මතයට කටයුතු නොකර පොරොන්දු වූ ආකාරයට අනෙකුත් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සමග සාකච්ඡා කර රටේ සෑම කොටසක්ම  එකතු කරගෙන සමගියෙන් සාමදානයෙන් මේ රටට යහපත් නව ව්‍යවස්තාවක් ගෙන එන්නැයි හිටපු කතානායකවරයා එහිදී රජයෙන් ඉල්ලා සිටියේය.

 ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද ලක්ෂ 69 මෙන්ම අහිමි වූ ඡන්ද ලක්ෂ 62 පිලිබඳවත් අවධානය යොමුකරමින් රාජ්‍ය පාලනය ගෙනයාම ජනාධිපතිවරයාගේ සහ වත්මන් ආන්ඩුවේ වගකීම වියයුතු බවද ඔහු එහිදී සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු කථානායක කරූ ජයසූරිය මෙසේද කීවේය.

“ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස වෙනුවෙන්  මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික  ව්‍යාපාරය 2014 වසරේදී මෙවැනි රැස්වීම්  පවත්වමින් ජනතාව දැනුවත් කරමින් විශාල කාර්යක් ඉටුකළා.

සෝබිත හිමියන්ගේ අපවත් වීමෙන් පස්සේ අද පලවෙනි වතාවට යළිත් සිවිල් සංවිධානත් විපක්ෂයේ පක්ෂත් එක්ක එකතුවෙලා රට වෙනුවෙන්  එක තැනක හිටගෙන තිබෙනවා.

 ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනිම වෙනුවෙන්  අපි දරන උත්සාහයේ ආරම්භයක් විදියට අපි මේක දකිනවා.   ආණ්ඩුව පෙරලීමවත්, ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමටවත්, පදවි තානාන්තර ගැනීම සඳහාවත් නෙමෙයි අද අපි  මේ එක වේදිකාවකට ගොඩවෙලා තියෙන්නේ.  

''ආණ්ඩුව පෙරලීමවත්, ආන්ඩුව අපහසුතාවයට පත්කිරීමටවත්, පදවි තානාන්තර ගැනීම සඳහාවත් නෙමෙයි අද අපි  මේ එක වේදිකාවකට ගොඩවෙලා තියෙන්නේ.''

රටේ අනාගතයට බලපාන මේ විසිවන සංශෝධනයට එරෙහිව පෙරමුණ ගැනීම තමයි අපේ මේ සාකච්ඡාවේ අරමුණ වී තිබෙන්නේ.

ජනාධිපතිවරයා ඇතුලු මේ ආණ්ඩුව යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධනය යහපත් අරමුණකින් ඉදිරිපත් කරන්න ඇති කියලා අපි විශ්වාස කරනවා.

නමුත් මෙතනදි ප්‍රජාතන්ත්‍රවාදයට යම් ගැටලු සහගත තත්වයක්   සහ අනාගතයේදි මේ තුලින් ඇතිවෙන හානිය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවිහිමියෙන් පෙනීසිටි අයෙකු විදියට මම දකිනවා.

 අපිටත් ඇස්, කන්,  නාසා වසාගෙන ඉන්න බැහැ.''

සිවිල් සංවිධාන සහ විපක්ෂය එකමුතු කරන්නේ ඇයි? ද යන කාරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කරු ජයසූරිය මෙසේ සඳහන් කළේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්