පාර්ලිමේන්තු අධිකාරය අබිබවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලය අත්කර දීම අරමුණු කොටගත් විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන

පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 39 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබියදී, විසි වැනි සංශෝධනයට සාමකාමී විරෝධයක් දක්වන්නට බහුජන සංවිධාන කටයුතු කර තිබේ.

කෝට්ටේ, ජපන් මිත්‍රත්ව මාවත සමීපයේ ඉදි කර තිබෙන මාදුළුවාවේ සෝභිත හිමි අනුස්මරණ පිළිරුව අබියස දී සැප්තැම්බර් 28 අගහරුවාදා පැවැත්වු “අධිෂ්ඨාන පූජාව” සංවිධානය කර තිබුනේ සිවිල් සංවිධාන සහ වෘත්තීය  සමිති එකමුතුව විසිනි.

Saman Rathnapyiyaඅධිෂ්ඨාන පූජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වෘත්තිය සමිති නායක සමන් රත්නප්‍රිය සදහන් කළේ, ජනතාවගේ හෝ රටේ ප්‍රශ්න වලට  විසදුම් ලබා නොදෙන විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය රජය විසින් ඉදිරිපත් කර ඇත්තේ හුදෙක් ඒකාධිපති ජනාධිපතිවරයෙක් නිර්මාණය කිරීම සඳහා බවයි.

"මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් විගණන කොමිසම අහෝසි කරනවා, ඒ වගේම ප්‍රසම්පාදන කොමිසම අහෝසි කරනවා, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට තියෙන බලය නැති කරනවා, විගණකාධිපතිට තියෙන බලය නැති කරනවා. ඒ හරහා හොරකම් නවත්වන්න, වංචා දූෂණ නවත්වන්න තියෙන සීමාවන් නැති කරල, හොරකම් කරන්න, වංචා කරන්න, දූෂණය කරන්න උඩගෙඩි දෙන අවස්ථාවක් තමයි මේ විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය," යි ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

'මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න එහිදී මාධ්‍යවේදීන් හා කියා සිටියේ දරුණුම මර්දනකාරී රාජ්‍යක් ගොඩ නැගීමේ ප්‍රයත්නයක් ලෙසින් ආණ්ඩුව  විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර තිබෙන බවයි.'

 මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න එහිදී මාධ්‍යවේදීන් හා කියා සිටියේ දරුණුම මර්දනකාරී රාජ්‍යක් ගොඩ නැගීමේ ප්‍රයත්නයක් ලෙසින් ආණ්ඩුව  විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර තිබෙන බවයි.

ලෝක ඉතිහාසය තුළ එවැනි දෙයක් ජර්මනිය තුළ සිදුවූ බව ඔහු සිහිපත් කර දුන්නේය.

 "පාර්ලිමේන්තුවකින් පත් වෙලා ඇවිල්ලා, ඒකාධිපති ආණ්ඩුවක් හදලා ජාතිවාදී මර්දනයක් රට පුරා ගෙනිහිල්ලා ලෝක විනාශයකට ගෙනිච්ච තත්වය තමයි එදා තිබුනේ."

 

ඉන්දියාවෙන් “තර්ජනයක්”

ආණ්ඩුව ගෙනයන ක්‍රියාමාර්ගයන්ට එරෙහිව  ජාත්‍යන්තර වශයෙන් විශාල විරෝධයක්ද  ඇති වෙමින් තිබෙන බව කී මහාචාර්යවරයාවරයා ප්‍රකාශ කරන පරිදි අගමැති මහින්ද රාජපක්ෂ සමග කළ වීඩියෝ සාකච්ඡාවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි බලය බෙදීම වෙනුවෙන් තර්ජනයක් කර තිබේ.

Wickramabahu''අගමැති මහින්ද රාජපක්ෂ සමග
කළ වීඩියෝ සාකච්ඡාවේදී
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි
බලය බෙදීම වෙනුවෙන් තර්ජනයක් කරලා ..''
-  මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

"ඉන්දියාවේ අගමැතිතුමා මේ කතන්දර අහගෙන ඉදල මොකද කිව්වේ? 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න. නැතිනම් අපි දන්නව අපි මොනවද කරන්න ඕනෙ කියල තර්ජනයක් තමයි මෙයාට කළේ,"  වික්‍රමබාහු කරුණාරත්න තව දුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත්, මහාචාර්ය කරුණාරත්න සඳහන් කරන ආකාරයේ තර්ජනයක් ඉන්දු ලංකා අගමැති සාකච්ඡා වලින් පසු නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් නොවේ.

එහි දැක්වෙන පරිදි අගමැති මෝඩි කාර ඇත්තේ ඉල්ලීමකි;

“ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම ඇතුළුව, එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ගෞරවය පිණිස, දෙමළ ජනතාවගේ අභිලාෂයන් පිළිබඳව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ වරම අනුව පෝෂණය වූ ප්‍රතිසන්ධානය සාක්ෂාත් කර ගැනීම හා ව්‍යවස්ථාමය විධිවිධාන ක්‍රියාත්මක කිරීම තුළින් දෙමළ ජාතිකයන් ඇතුළු සියලු ජනවාර්ගික කණ්ඩායම්වල අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විශ්වාසය පළ කළේය.”

ශ්‍රී ලංකාවේ අගමැතිවරයා නිකුත් කළ තනි නිවේදනයේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන වචනයක්වත් සඳහන් වන්නේ නැත.

Modi Mahindaශ්‍රී ලංකාවේ අගමැතිවරයා නිකුත් කළ තනි නිවේදනයේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන වචනයක්වත් සඳහන් වන්නේ නැත.

මාදුළුවාවේ සෝභිත හිමි අනුස්මරණ පිළිරුව අබියස දී ඉටි පහන් දල්වා පැවැත්වු අධිෂ්ඨාන පූජාව සදහා වෘත්තිය සමිති නායකයන්, දේශපාලන නියෝජිතයන් සහ සිවිල් සංවිධානය නියෝජිතයන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන  විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සැප්තැම්බර් 28 බදාදා වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39 ක් ගොනු කර තිබෙන බව අධිකරණ වාර්තාකරුවන් විසින් වාර්තා කර තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්