පසුගිය වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ  සියලුම අධිකරණවල අවසන් නොවු නඩු ප්‍රමාණය හත්ලක්ෂ හැටදහස

ඉක්මවා තිබු බව අනාවරණය වී තිබේ.

 රජය පවසන්නේ 2019 වර්ෂ අවසානය වන විට සියලුම අධිකරණ වල අවසන් නොවු නඩු 766,784 ක් පැවැති බවයි.

 එම තත්වය යටතේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා විශේෂ ඒකකයක් අධිකරණ අමාත්‍යාශය යටතේ ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ සැප්තැම්බර් 28 සදුදා පැවැති කැබිනට් මණ්ඩලයේදී එම අනුමැතිය හිමිව ඇති බවයි.

 මේ සතියේ අමාත්‍ය මණ්ඩල තීරණ වල දැක්වෙන පරිදි 2016 වර්ෂයේදී ජාතික නීති සම්මේලන කමිටුව විසින් නඩු ප්‍රමාදයන්ට හේතු වන විවිධ ගැටලු, ඒ හේතුවෙන් සිදුවන අයහපත් ප්‍රතිළුල සහ ඒ සදහා යෝජිත විසදුම් පිළිබද වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

මේ සතියේ අමාත්‍ය මණ්ඩල තීරණවල දැක්වෙන පරිදි 2016 වර්ෂයේදී ජාතික නීති සම්මේලන කමිටුව විසින් නඩු ප්‍රමාදයන්ට හේතු වන විවිධ ගැටලු, ඒ හේතුවෙන් සිදුවන අයහපත් ප්‍රතිඵල සහ ඒ සදහා යෝජිත විසදුම් පිළිබද වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

 නඩු ප්‍රමාදයන්ට හේතු වන ගැටලු විසදීම සදහා යටිතල පහසුකම් සංවර්ධනය, නීති ප්‍රතිසංස්කරණය, අධිකරණ ස්වයංක්‍රියකරණය හා ධාරිතා සංවර්ධනය යන සංරචක ඔස්සේ අවශ්‍ය පියවර ගත යුතු බව රජයේ ස්ථාවරය වී තිබෙන බව ප්‍රවෘත්ති අමාත්‍යාංශය පවසයි.

 ඒ අනුව අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන නීති ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ දායකත්වය ලබා ගනිමින් වසර 3 ක කාලයක් තුළ අධිකරණ ප්‍රතිසංස්කරණ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සදහා අධිකරණ අමාත්‍යාශය යටතේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීම සදහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image