රටේ ආර්ථිකය බලාගෙන සිටිය දී කඩා වැටෙමන් තිබෙන බවත්, 2020 දී ලංකාවේ එක් පුරවැසියෙක් රු. 37,000 කින් දුප්පත් වන බවත්

මාතලේ පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න පවසයි.

'ලෝකයේ ණය ශ්‍රේණිගත කිරීමේ කීර්තිමත් ආයතනයක් වන මූඩීස් ණය ශ්‍රේණිගත කිරීම් අනුව, ලංකාව B 2  සිට   Caa 1 දක්වා පල්ලම් බැහැලා තියෙනවා. මේ අවුරුද්දේ ලංකාවේ එක් පුරවැසියෙක් රු. 37,000 කින් දුප්පත් වෙනවා, යැයි  ඇය කියා සිටියේ රත්තොට පැවති උත්සවයක් අමතමිනි.

මන්ත්‍රීවරිය එහිදී මෙසේද පැවසුවාය.

''ලංකාවේ ආර්ථික සමෘද්ධිය ගැන ආණ්ඩුව පම්පොරි ගහනවා. 2019 අවසන් වෙනකොට ලංකාවේ සමස්ථ ආර්ථකයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 84 යි.

 2020 අවසන් වෙනකොට ලංකාවේ සමස්ථ ආර්ථකයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 78 ක් දක්වා අඩුවෙනවා.

2019 වසරේ, ලංකාවේ ඒක පුද්ගල ආදායම,  ඇමරිකානු ඩොලර් 3800 යි.

2020 දී එය ඩොලර් 3600 දක්වා, ඩොලර් 200කින් පහත වැටෙනවා.

එක පුද්ගලයෙක් ඩොලර් 200 කින් දුප්පත් වෙනවා, නැත්තම් දුප්පත් වෙනවා.   අද ඩොලර් එක රු. 185 යි.  185 ගානේ, ඩොලර් 200 න් වැඩි කරාම රුපියල් 37,000 යි. රටේ එක් පුරවැසියෙක්, මේ අවුරුද්ද අන්තිමට රු. 37,000 කින් දුප්පත් කරනවා''

unnamedමූඩීස් ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම B2 ශ්‍රේණියේ සිට Caa1 ශ්‍රේණිය දක්වා පහත හෙලා ඇත.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන'මූඩීස්' ශ්‍රේණිගත කිරීම් ආයතනය (Moody Investors Service) විසින් ශ්‍රී ලංකාවේ ස්වකීය ණය ශ්‍රේණිය එවකට පැවති B 2 (ඉහල ණය අවදානම් අනුපාතය) සිට Caa1 (ඉතා ඉහල ණය අවදානම් අනුපාතය) දක්වා පහත දැමීම සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය මෙසේ සඳහන් කළාය.

''ජාත්‍යන්තර ණය වර්ගීකරණය පිළිබඳ MOODY`S  ආයතනය මේ කථාව ආර්ථික විද්‍යාවේ භාෂාවෙන් B 2 සිට Caa1 දක්වා පල්ලම් බස්සලා තියෙනවා.  

දැන් අපි ඉන්නේ, මොසැම්බික්, කියුබාව, බෙලීස්, බාබඩෝස්, වෙනිසියුලාව වගේ රටවල් එක්කයි.  

එයින් කියවෙන්නේ, ලෝකයේ කිසිම රටක්, සංවිධානයක් අපිට තවදුරටත් ණය දෙන්නට කැමති වෙන්නේ නෑ.  බංකොළොත් තත්වයට පත් වෙමින් තිබෙන රටක් බවට අප පත් වෙනවා කියන එකයි.

''එයින් කියවෙන්නේ, ලෝකයේ කිසිම රටක්, සංවිධානයක් අපිට තවදුරටත් ණය දෙන්නට කැමති වෙන්නේ නෑ.  බංකොළොත් තත්වයට පත් වෙමින් තිබෙන රටක් බවට අප පත් වෙනවා කියන එකයි. ''

 මෝඩී‘ස් ආයතනය කියන්නේ වසර 111 ක් පැරණි, ලොව පිළිගත් ජාත්‍යන්තර බැඳුම්කර ශ්‍රේණිගත කිරිමේ ආයතනයක්.

රටේ ආර්ථික තත්වය, ප්‍රතිපත්ති හා දේශපාලන කරුණු සැලකිල්ලට අරගෙන තමයි ඔවුන් ණය අවදානම ගැන පූර්වකතනය කරන්නේ.  

මීට කලින්, ලංකාව FITCH RATING ආයනය විසින් පහළ ශ්‍රේණියකට ඇදළා දැම්මා.  එයින් රටේ ආර්ථික බිඳවැටෙමින් තිබෙන බවට පැහැදිලි අනතුරු ඇඟවීමක් ලෝකයට ලැබුණා.   ලංකාවේ ණය ප්‍රමාණය දළ ජාතික නිශ්පාදිතයේ මට්ටමට ලඟ වෙලා තියෙනවා.  අය වැය හිඟය 8% ඉක්මවීමට ආසන්න වෙළා තියෙනවා. රට තුල උද්ධමනය පැහැදිලිව පේනවා.

''නව තත්වය යටතේ කිසිවෙකුත් ලංකාවට ණය ආධාර ලබාදීමට ඉදිරිපත් වෙන්නේ නෑ.  එයින් රටේ ආර්ථිකය තවදුරටත් ප්‍රපාතයට ඇඳ වැටෙනවා. ''  

  ඉදිරි වසර 5 තුල ලංකාව ණය හා ණය වාරික විදිහට වාර්ෂිකව ඩොලර් බිලියන 4 ක් ගෙවිය යුතුයි.  ලබන මාසයේ භාණ්ඩාගාරය sovereign bond ඇමරිකානු ඩොලර් බිලියනයක් පියවිය යුතුයි.  

නව තත්වය යටතේ කිසිවෙකුත් ලංකාවට ණය ආධාර ලබාදීමට ඉදිරිපත් වෙන්නේ නෑ.  එයින් රටේ ආර්ථිකය තවදුරටත් ප්‍රපාතයට ඇඳ වැටෙනවා.   ආනයන නතර කිරීම නිසා රටට දිගු කාලීන ගැටළු මතුවිය හැකියි.  අපි ඇමරිකාව, යුරෝපා සංගමය, එංගලන්තය කියන මෙරට අපනයන ආදායමෙන් 65% කට වැඩි පංගුවක් සම්පාදනය කරන රටවල් සමඟ වෙළෙඳ අරියාදුවක් ඇති කර ගනිමින් සිටිනවා.  මෙය දේශපාලනික අර්බුදයක් දක්වා වර්ධනය වෙන්නට පුළුවන්'' යැයි ද කවිරත්න මන්ත්‍රීවරිය පැවසුවාය.

 

''චීනය සමඟ ගණු දෙනුවේ ප්‍රතිඑල අපි විදිමින් සිටිනවා''

''මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීරකයෝ එක්ක ගැටෙනවා.  නිලධාරි කලින් විශ්‍රාම යනවා.  

එළිපිටම මුදල් අමාත්‍යාංශයේ ලේකම් විවේචනය කරනවා අපි දැක්කා.  

ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගණු දෙනු නොකර චීනය සමඟ ගණු දෙනු කිරීමේ ප්‍රතිඑල අපි විදිමින් සිටිනවා'' යැයි ද කවිරත්න මන්ත්‍රීවරිය වැඩි දුරටත් පැවසුවාය.  

සබැඳි පුවත් :

'මූඩීස් වාර්තාව නිසා ලංකාවට ආයෝජකයන් එන එකක් නෑ' - ප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා  

Sri Lanka sovereign rating downgraded two notches to Caa1 by Moody’s - ECONOMYNEXT

 Moody ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තවත් පහළට ඇද දමයි:  'වැරදි වැඩක්' - රජය කියයි : 'තත්වය බරපතලයි'- විපක්ෂනායක  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්