නීති සම්පාදනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ද්විත්ව පුරවැසියන්ට පත්වීමට ඉඩ ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය මෙන් ම ස්වාධිපත්‍යයත් අභියෝගයට ලක්වෙන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෙහාන් ගුණතිලක

අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසිය. 

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් විභාගයේ දෙවැනි දිනය (30) සඳහා පෙත්සම් විභාගය සිදු කළ අවස්ථාවේ දී සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගෙහාන් ගුණතිලක සහ නීතිඥ ලිහිණි ප්‍රනාන්දු වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා කරුණු දැක්වීම් සිදු කළේය.

නීතිඥ ගෙහාන් ගුණතිලක සිය කරුණු දැක්වීම් වලදී මූලිකව ම අවධානය යොමු කළේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ ප්‍රශ්නය පිළිබඳවයි.

බ්‍රිතාන්‍ය පුරවැසි පනතෙන් සහ ඇමෙරිකානු පුරවැසි ප්‍රතිඥාවෙන් උපුටා දැක්වීම් සිදු කළ ඔහු පෙන්වා දුන්නේ, එම රටවල පුරවැසිබව ලබා ගන්නා අයෙකු අන් සියලු රටවල් කෙරේ ඇති පක්ෂපාතීත්වයත් බැඳීමත් අත හැරීමට ප්‍රතිඥා දෙන බවයි. 

ඒ අනුව ශ්‍රී ලංකා පුරවැසියෙකු එම රටවල පුරවැසිභාවය ලබා ගන්නේ නම් ශ්‍රී ලංකාව සම්බන්ධ සියලු පක්ෂපාතීත්වයන් සහ බැඳියාවන් අත් හරින බව ඔහු පෙන්වා දුන්නේය.

WhatsApp Image 2020 09 30 at 5.15.03 PM                   රසික ජයකොඩි හා ලිහිණි ප්‍රනාන්දු 


එවැනි පුද්ගලයන්ට නීති සම්පාදනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් පත්වීමට ඉඩ ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය මෙන් ම ස්වාධිපත්‍යයත් අභියෝගයට ලක්වෙන බව ඔහු අවධාරණය කර සිටියේය.

එමෙන් මොවුන්ට අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කිරීමට ඉඩ ලැබීම හරහා තමන් පුරවැසිභාවය දරන රටවල් සහ ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශ්වීය කරුණු සම්බන්ධයෙන් අතිශය රහසිගත සහ සංවේදී තොරතුරුවලට ප්‍රවේශ වීමේ හැකියාව ඔවුන්ට ලැබෙන බවත් ඔහු පැවසිය.

 ඔහු තවදුරටත් සඳහන් කළේ මෙය ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් බවයි. 

නීතිපතිවරයා අධිකරණයට ලබා දුන් "සංශෝධන ඇතුළත් ලියවිල්ලට" කිසිදු නීතිමය වලංගුතාවක් නැති බවත් පාර්ලිමේන්තුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොරොන්දු හෝ සහතික ලබාදීමට නීතිපතිවරයාට නොහැකි බවත් නීතිඥ විරාන් කොරයා පෙන්වා දුන්නේය.

නීතිඥ විරාන් කොරයා ප්‍රකාශ කළේ රටක පාලනයට අදාළ සංවරණ සහ තුලන දුර්වල කිරීමෙන් ස්වෛරීත්වය දුර්වල වන බවත් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර බලයකින් පමණක් එය සිදු කළ නොහැකි බවයි. 

එසේ ම නීතිපතිවරයා අධිකරණයට ලබා දුන් "සංශෝධන ඇතුළත් ලියවිල්ලට" කිසිදු නීතිමය වලංගුතාවක් නැති බවත් පාර්ලිමේන්තුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොරොන්දු හෝ සහතික ලබාදීමට නීතිපතිවරයාට නොහැකි බවත් එමනිසා එම කාරක සභා මට්ටමේ දී සිදුකෙරෙන සංශෝධන ගැන දෙන පොරොන්දු පිළිගැනීමට අධිකරණයට නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

ආණ්ඩුවේ ස්ථාවරය :

mr30                        අගමැති සහ ජනපති දෙසොහොයුරෝ (Getty Images)

මේ පෙත්සම් විභාගවන අවස්ථාවේ එයට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සම් ඉදිරිපත් කරන බව ආණ්ඩුව පවසයි. 

විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනය විධායක ජනාධිපතිවරයාට රාජ්‍ය පාලනය සඳහා බාධා කරන්නක් බැවින් එය අහෝසි කළ යුතු බව ආණ්ඩුවේ ස්ථාවරය වී තිබේ.

සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී කැබිනට් මණ්ඩලය එය අනුමත කිරීමෙන් අනතුරුව එය ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කෙරිණ.

එවක් පටන් 20 වෙනි සංශෝධනයේ විවිධ වගන්ති කෙරෙහි විරුද්ධ පක්ෂයෙන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ ඇතැම් පාර්ශවයන් වෙතින් ද බරපතල විවේචන එල්ලවෙමින් තිබේ.

එහෙත් ආණ්ඩුව පවසන්නේ, 19 වෙනි සංශෝධනය අහෝසි කිරීම සඳහා ජනපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී තමන්ට ජනවරමක් ලැබී තිබෙන බවය.


ආණ්ඩුව පවසන්නේ, 19 වෙනි සංශෝධනය අහෝසි කිරීම සඳහා ජනපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී තමන්ට ජනවරමක් ලැබී තිබෙන බවය.

20 වෙනි සංශෝධනය තාවකාලිකව සම්මත කරගනු ලැබුව ද ඉක්මනින්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම සිය අභිප්‍රාය බව ආණ්ඩුවේ නායකයෝ පවසති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඒ සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කරනු ලැබ තිබේ. 

(උපුටා ගැනීම් -BBC )


සබැඳි පුවත් :
විස්සෙන් හිට්ලර් කෙනෙක් බිහිකිරීමට යෝජනා කරලා - ශිරාල් ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්