තේක්ක කැලයක් නීති විරෝධී ලෙස කපා හෙලන පිරිසක් පිළිබඳ තොරතුරු අනාවරණය

කරන්නට ගොස් ලේ වැගිරෙන තුරු බැට කෑ වෘත්තීය සගයන් දෙදෙනකුට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් මුලතිව් නගරයේ පෙළපාලි යමින් විරෝධය පලකළ දෙමළ මාධ්‍යවේදීහු  ප්‍රාදේශීය බලධාරීන්ට තේක්ක පැල බෙදා දුන්හ.

මුලතිව් දිස්ත්‍රික්කයේ මුරිප්පු වනාන්තරයේ සිදුවන විනාශය හෙළි කිරීමට ගිය කනපතිපිල්ලෙයි කුමනන් සහ ෂන්මුගම් තවසීලන්ට පහර දීම සම්බන්ධයෙන් පමණක් නොව කැලෑ පාලු කිරීමටද එරෙහිව විරෝධය පෑ උතුරේ මාධ්‍යවේදී පෙළපාලිකරුවන් අත සටන් පාඨ පුවරු වලට අමතරව වියලි දර ඉපල්ද හා තේක්ක පැලද දැක ගන්නට හැකිවිය.

යාපනය මාධ්‍ය සමාජය සංවිධානය කළ විරෝධතාවට උතුරේ සියලු මාධ්‍යවේදීන් එක්ව සිටි බව ප්‍රදේශයේ වාර්තාකරුවෝ පවසති.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් විසින් මෙතාක් පවත්වන ලද දැවැන්තම විරෝධතාව මේ බව විශ්වාස කෙරේ.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් විසින් මෙතාක් පවත්වන ලද දැවැන්තම විරෝධතාව මේ බව විශ්වාස කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට යොමු කරනු පිණිස තම විරෝධය හා ඉල්ලීම් රැගත් සන්දේශයක් පළාතේ පොලිස් හා දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්ට භාරදුන් මාධ්‍යවේදීහු ඒ සමගම තේක්ක පැලය බැගින් ද තෑගී කළහ.

එසේ වෙතත්, සංදේශය පමණක් වන සංරක්ෂණ නිලධාරීන්ට බාර දෙමින් කැලෑ විනාශයට ඔවුන්ද හවුල් බවට චෝදනා කළ මාධ්‍යවේදියෝ තම විරෝධය පල කිරීම සඳහා මුලතිව් දිසා වන කාර්යාලය ඉදිරිපිට තේක්ක පැලයක් රෝපණය කළහ.

මුලතිව් හි  දැව මංකොල්ල කල්ලිය පොලිස්  සහ වන සංරක්ෂණ  නිලධාරීන් කිහිප දෙනකුගේ සහාය ඇතිව වන සංහාරයේ යෙදී සිටින බව සංදේශයේ සඳහන් වෙයි.

“සකල ජාතීන්ට අයත් මාධ්‍යවේදීන් අතීතයේදී පැහැරගෙන ගොස් අතුරුදහන් කර ඇතත්, මාධ්‍ය කම්කරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාව තුල  සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුවී නැත,” යි එම සංදේශයේ දැක්වේ.

“සකල ජාතීන්ට අයත් මාධ්‍යවේදීන් අතීතයේදී පැහැරගෙන ගොස් අතුරුදහන් කර ඇතත්, මාධ්‍ය කම්කරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාව තුල  සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුවී නැත,” යි එම සංදේශයේ දැක්වේ.

මුලතිව් සහකාර පොලිස් අධිකාරී රුවන් කුමාරසේකර සංදේශය හා තේක්ක පැලෑටිය බාරගනිමින් කියා සිටියේ මාධ්‍යවේදීන්  දෙදෙනාට පහර දුන් බවට සැක කෙරෙන හතරදෙනා අතරින් දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර අනික් දෙදෙනා 15 බදාදා දවස ඇතුලත අල්ලා ගන්නා බවයි.

ඊට අමතරව, ගස් කැපීම නතර කරණ ලෙස ද මාධ්‍යවේදීන් කළ ඉල්ලීමකට සහකාර පොලිස් අධිකාරී රුවන් කුමාරසේකර ප්‍රතිචාර දැක්වුයේ “අනිවාර්යයෙන්ම” යි පවසමීනි.

සබැඳි පුවත් :

මාධ්‍යවේදීන්ට පහර දුන් මුලතිව් කැළෑ පාළුවන්ට නිසි දඬුවම් ලබාදෙනු! -PWJA 

මුලතිව් කැලෑ පාලුවන් වෑයෙන් බැට දුන් දෙමළ මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ 

කැලෑ පාලුවෝ මාධ්‍යවේදීන්ට ලේ ගලන්නට පහර දෙති 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්