විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේදී රිෂාද් බදියුදීන් වැනි බෙදුම්වාදී චෝදනා ලැබූ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීම තමන් කිසිසේත් අනුමත නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත ජනාධිපති සහ අගමැතිවරයා වෙත ලිපියක් යවමින් පවසා තිබේ.

මහින්ද රාජපක්ෂ පවුලේ සමීපතමයකු වන ඔහු පෙන්වා දෙන්නේ, ජනවරම ලබාදුන්නේ 19 වැනි සංශෝධනයේ අඩුපාඩු නිවැරදි කිරීමට බව සැබැවක් නමුදු යළිත් 18 වැනි සංශෝධනය යළි ගෙනඒමට නොවන බවයි.

කෙසේවුවද පෙරේදා (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේ දී අගමැති මහින්ද පවසා තිබුනේ, විසිවන සංශෝධනය සම්මත කර ගැනීමට මුස්ලිම් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහය ලැබෙන බවයි. එහෙත්, රිෂාඩ් බදියුදීන් හා රවුෆ් හකීම් ඡන්දය නොදෙන බව ඔහු හිදී සඳහන් කර තිබුනේ, අමාත්‍ය විමල් විරවංශ විසින් කළ ප්‍රශ්න කිරීම් හමුවේදීය.

 

නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මන්ත්‍රීවරයාගේ ලිපිය මෙන්න

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්