විගණකයෙකු නොවන කෙනෙකු විගණකාධිපතිධූරයට පත්කිරීමේ උත්සාහයක්

ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වරලත් ගණකාධිකාරී ආචාර්ය උදයශ්‍රී කාරියවසම් පවසයි.

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපතිවරයා වන උදයශ්‍රී කාරියවසම් එබව පවසන්නේ, යෝජිත 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනයේ ඇතුළත් රජයේ විගණනයට අදාළ සංශෝධන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විගණන සේවා සංගමය 2020 ඔක්තෝබර් මස 19 වන දින ප්‍රකාශයට පත්කර ඇති ලියවිල්ලකට ප්‍රතිචාර දක්වමින්   සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමිනි.

ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ ලියවිල්ල සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන ඔහු මෙසේ සඳහන් කරයි.

''එහි නව වන පිටුවේ ඔවුන් යෝජනා කරන්නේ වරලත් ගණකාධිකාරිවරයකු නොවන ඕනෑම තැනැත්තෙකු විගණකාධිපතිවරයා ලෙස පත් කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන සලසා දෙන ලෙසයි.

එහි මෙසේ සඳහන් වේ.

“ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ හෝ නීතියෙන් පිහිටුවන ලද වෙනත් යම් ආතතනයක හෝ සාමාජිකයෙකු වු ද, විගණකවරයෙක් වශයෙන් වෘත්තියෙහි යෙදීමට ඒ ආයතනයේ සභා විසින් නිකුත් කරන ලද සහතිකයක් දරන්නා වූද තැනැත්තෙක් හෝ ජාතික විගණන කාර්යාලය මගින් පාලනය වන රාජ්‍ය විගණන පුහුණු සංවර්ධන මධ්‍යස්ථානයේ සනාතන සභාව මගින් විගණකවරයෙක් වශයෙන් වෘත්තියේ යෙදීමට ලබාදුන් සහතිකයක් සමග රජය පිළිගත් විශ්ව විද්‍යාලයක සාමාන්‍ය උපාධියක් හා පශ්චාත් උපාධියක් හිමි ජාතික විගණන කාර්යාලයේ විධායක මට්ටමේ තනතුරක වසර 15කට වැඩි පළපුරුද්දක් සහිත නිලධාරියෙකු හෝ ”

(උපුටා ගැනීම අවසන්)

ඉහත යෝජනාවට අනුව වරලත් ගණකාධිකාරිවරයෙකු හැරුණු කොට නීතියෙන් පිහිටුවන ලද වෙනත් යම් ආයතනයක සාමාජිකයෙකු වූ ඕනෑම තැනැත්තෙකු විගණකාධිපතිවරයා ලෙස පත්කළ හැක.

''ඉහත යෝජනාවට අනුව වරලත් ගණකාධිකාරිවරයෙකු හැරුණු කොට නීතියෙන් පිහිටුවන ලද වෙනත් යම් ආයතනයක සාමාජිකයෙකු වූ ඕනෑම තැනැත්තෙකු විගණකාධිපතිවරයා ලෙස පත්කළ හැක. ''

තවද, ජාතික විගණන කාර්යාලය මඟින් පාලනය වන රාජ්‍ය විගණන පුහුණු සංවර්ධන මධ්‍යස්ථානයේ සනාතන සභාව මඟින් විගණකවරයෙක් වශයෙන් වෘත්තියේ යෙදීමට ලබාදුන් සහතිකයත් සමඟ රජය පිළිගත් විශ්ව විද්‍යාලයක සාමාන්‍ය උපාධියක් සහ පශ්චාත් උපාධියක්  හිමි ජාතික විගණන කාර්යාලයේ විධායක මට්ටමේ තනතුරක වසර 15කට වැඩි පළපුරුද්දක් සහිත නිලධාරියකු විගණකාධිපතිවරයා ලෙස පත්කිරීමට ද ශ්‍රී ලංකා විගණන සේවා සංගමය යෝජනා කර තිබේ.

මෙම යෝජනාව අතිශයින් භයානක එකකි.

 

කාගේ කොන්ත්‍රාත්තුවක් ද?

ශ්‍රී ලංකාවේ විගණන වෘත්තියේ නියැලීමට බලය ලබා දී ඇත්තේ ශ්‍රි ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයන් හට පමණි.

එසේ නොවන තැනැත්තෙකු විගණකාධිපතිවරයා ලෙස පත් කිරීමට නීති සකසන ලෙස ශ්‍රී ලංකා විගණන සේවා සංගමය කර ඇති යෝජනාව කාගේ කොන්ත්‍රාත් එකක් දැයි නොදනිමි.

විගණනයක වෘත්තීමය භාවය සම්බන්ධ අධ්‍යාපනය, පුහුණුව සහ පරිචය වරලත් ගණකාධිකාරිවරයෙකු සතුව තිබෙන බැවින් වෙනත් අයෙකු විගණකාධිපතිවරයා වශයෙන් පත්කරන ලෙස කර ඇති යෝජනාව දෙස බැලුවිට පෙනී යන්නේ ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ වරලත් ගණකාධිවරයෙකු නොවන අයෙකු විගණකාධිපතිවරයා වශයෙන් පත්කර ගැනීමට යටි අරමුණක් ඇති බවයි.

මෙවැනි අමනෝඥ යෝජනාවක් මඟින් විගණනයේ ජීවගුණය කෙලෙසෙන අතරම ගිණුම්කරණ උපාධියක් පවා නොමැති පුද්ගලයකු විගණකාධිපතිවරයා ලෙස පත්වීමට  මාර්ගයක් සැලසේ.

මෙවැනි තත්වයක් ඇති කිරීමට කිසි සේත්ම ඉඩලබා නොදෙන බව ප්‍රකාශ කරන අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය පවා මෙවැනි යෝජනාවකට එකඟ නොවනු ඇති බවත් ප්‍රකාශ කරමි.

 

 

සබැඳි පුවත් : '

විගණකාධිපතිගේ බලතල කප්පාදුකර නැහැ' - හිටපු කතානායකට ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක්  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image