පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීම මගහැර සිටීමට සැකකරුවකුට ආධාර අනුබල දුන් බව

ප්‍රසිද්ධියේ පිළිගනිමින් වෘත්තිය ආචාර ධර්ම කෙලෙසීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල නීතිඥ වරයාගෙන් කරුණු විමසන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

සමස්ත ලංකා මහජන කොන්ග්‍රස් නායක රිෂාඩ් බදියුද්දීන් පොලිසියට අල්ලා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන්  ඉකුත් සති අන්තයේ මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් නීතිඥවරයකුද වන ගම්මන්පිල අමාත්‍යවරයා කියා සිටියේ තමන්ද තිස්පස් දිනක් තිස්සේ සිය පක්ෂයේ නායකයකු වන මධුමාධව අරවින්ද පොලිසියෙන් සඟවාගෙන සිටි බවයි.

“නීතිඥ වරයකු ලෙස ඔහු කර ඇති ප්‍රකාශය සමස්ත නීති වෘත්තියටම නිගා ගෙන දෙන්නකි,” යි නීතිඥ ෂෙහාර හේරත් නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්සට යවන ලිපියකින් කියා සිටියි.

“නීතිඥ වරයකු ලෙස ඔහු කර ඇති ප්‍රකාශය සමස්ත නීති වෘත්තියටම නිගා ගෙන දෙන්නකි,” යි නීතිඥ ෂෙහාර හේරත් නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්සට යවන ලිපියකින් කියා සිටියි.

“සාක්ෂි ආඥාපනතේ 17 (2) වගන්තිය යටතේ පාපොච්චාරණයක් සේ ගිනිය හැකි එම ප්‍රකාශය අවධාරණය කරන්නේ ඉහත දැක්වෙන නීතිඥවරයා සැකකරුවකුට දවස් 35 ක් අත් අඩංගුවට පත්වීම මගහැර සිටීමට 2019 වසරේදී ආධාර හා අනුබල දුන් බවයි.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් කළ යුතුවාක් සේම, එය නීතිඥවරයකුගෙන් අපේක්ෂා කෙරෙන චර්යාවද බරපතල ලෙස බරපතල ලෙස උල්ලංඝනය කෙරෙන්නකි.”

රජයේ නිලධාරීන් යුක්තිය ඉටු කිරීමේ රාජකාරියට අකුල් හෙලීම නීතිඥයකු විසින් ප්‍රසිද්ධියේ අනුමත කිරීම මගින් ගම්මන්පිල අමාත්‍යවරයා නීතිඥයන් අතර මෙන්ම සමස්ත සමාජයටත් නිශේධනීය පූර්වාදර්ශයක් සපයන බව ෂෙහාර හේරත් වැඩිදුරටත් අවධාරණය කරයි.

උදය ගම්මන්පිලගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද අත් අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහ කළේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිකළ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටය.

සබැඳි පුවත් :

රිෂාඩ්ට රැකවරණ දුන් අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කලොත් ඇමති ගම්මන්පිලත් අමාරුවේ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්