යුද පීඩිත උතුරේ තොරතුරු සිංහලෙන් හා දෙමළෙන් ලොවට හෙළි කරමින් සිටි මාධ්‍යවේදියකු ඝාතනය කොට

දශක දෙකක් ගතවීම අනුවේදනීය ලෙස අනුස්මරණය කළ අතුරුදහන් වුවන්ගේ නෑසියන් කැලෑ පාලුවන්ගේ මැර පහරින් තුවාල ලත්  දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනකුට යුක්තිය ඉල්ලා විරෝධතාවක් පවත්වා තිබේ.

මුලතිව් හා වව්නියා  දිස්ත්‍රික්කයන්හි අතුරුදහන් වුවන්ගේ ඥාතීහු සිය සමීපතමයන් සොයා දෙන ලෙස ඉල්ලා රජයට බලකරන අඛණ්ඩ උද්ඝෝෂණයේ යෙදෙන  1321 වැනි  හා 1340 වැනි දිනයේ දී එයින් විසි අවුරුද්දකට ඉහතදී මරා දමන ලද  මයිල්වාගනම් නිමලරාජන් ගේ සේයාරුවකට මලින් පහනින් උපහාර දක්වා, වන විනාශයක් වාර්තා කරමින් සිටි ෂන්මුගම් තවසීලන් හා කනපතිපිල්ලේ කුමනන් හට පසුගිය සතියේ බරපතල ලෙස පහරදීමට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියහ.

“මාධ්‍යවේදීන්ට පහර දීම නවතනු, වන විනාශය අත් හිටවනු” යනුවෙන් ලියවුනු පුවරු මුලතිව් මෑණිවරුන් හා පියවරුන් විසින් ප්‍රදර්ශනය කරන ලදී.


Mullaitivu Nimalarajanඅධි ආරක්ෂක කලාපයක් තුල නිමලරාජන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේතාක් කිසිවකුත් දඬුවම් ලබා නැති අතර වන රක්ෂිතයක් අසලදී කුමනන් හා තවසීලන්ට පහර දීම ගැන චෝදනා ලබන සිව් දෙනා අතරින් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ දෙදෙනකු පමණකි.

අද අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද යෝගේෂ්වරන් අනුජන් සහ තිශාන්තන් රාජේන්ද්‍ර යන ප්‍රධාන සැකකරුවන් දෙදෙනා නොවැම්බර් 03 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මුලතිව් දිසා විනිසුරු එස්. ලෙනින්කුමාර් නියෝග කර ඇත.

පොලිස් වාර්තා වල අඩු පාඩු :

මාධ්‍යවේදීන් දෙදනොට පහරදීමේ සිද්ධියට අදාලව පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වාර්තා වල අඩුපාඩු පවතින බැවින් මීලග නඩු දිනයේදී එම වාර්තාවල අඩුපාඩු සම්පුර්ණ කර ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා පොලීසියට නියෝග කර තිබේ.

සතියක් ඉක්මවූ පහරදීමට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩගුවට ගැනීමට පොලීසියට මේ දක්වා හැකි වී නැත.

මුලතිව් සහකාර පොලිස් අධිකාරී රුවන් කුමාරසේකර ඔක්තෝබර් 15 දා  මාධ්‍යවේදීන් හමුවේ පොරොන්දු ලබා දී තිබුනේ මාධ්‍යවේදීන්  දෙදෙනාට පහර දුන් බවට සැක කෙරෙන  අනික් දෙදෙනා එදින දවස ඇතුලත අල්ලා ගන්නා බවයි.

යුද හමුදාවට භාරවූ හෝ සුදු වෑන් රියෙන් පැහැරගෙන යනු ලැබූ හෝ සිය සමීපතමයන්ගේ ඉරණම විරෝධතාවයේ යෙදෙන ඥාතීන්ට කිසිවකුත් තවමත් හෙළි කර දී නැත.   

නිමලරාජන් සමරනු පිණිස දකුණේ කිසිත් කළ බවක් වාර්තා වී නැත. 


සබැඳි පුවත් :

දකුණටත් වාර්තා කළ නිමලරාජන් මරා දමා අවුරුදු 20 උතුරේ සැමරේ 

කැලෑ පාලුවන්ට එරෙහි උතුරේ මාධ්‍යවේදී විරෝධයේ දී බලධාරීන්ට තේක්ක පැල

මාධ්‍යවේදීන්ට පහර දුන් මුලතිව් කැළෑ පාළුවන්ට නිසි දඬුවම් ලබාදෙනු! -PWJA 

මුලතිව් කැලෑ පාලුවන් වෑයෙන් බැට දුන් දෙමළ මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ 

කැලෑ පාලුවෝ මාධ්‍යවේදීන්ට ලේ ගලන්නට පහර දෙති 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්