විසිවන සංශෝධනයට එරෙහිව ආණ්ඩුව තුළින්ම මතුවන විරෝධය ප්‍රතිපත්තිමය විරෝධයක් නොව

එහි ඇත්තේ ඒ අයගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව වැඩකිරීමක් පමණක් බව දේශපාලන විචාරක හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සිංහල සේවයට පැවසීය.

"විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග ඇතුළු මේ ජාතික වාදී පිරිස දැන් බයවෙලා තියෙනව බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට එන එකට. එයා අවොත් එයා තමයි ඊලඟ අගමැතිවෙන්නේ. බැසිල් ට ඕන බල කේන්ද්‍ර හදන්න එයා රිෂාඩ්ව, මනෝලව (මනෝ ගනේෂන්) හකීම්ලාව ඇතුළු සියලුම දෙනාව එකතුකරගෙන ඉදිරියට යන්න දන්නා කෙනෙක් එහෙම උනොත් විමල්ලාගේ බලය හා වටිනාකම හීන වෙනවා එකට ඒ ජාතිකවාදීන් කැමතිනෑ."

රජිත් කීර්ති තෙන්නකෝන් තවදුරටත් පැවසුවේ බැසිල් රාජපක්ෂගේ අවශ්‍යතාවය ඊලඟට පළාත් සභාවන් හි බලය ලබාගෙන දෙවන හා තෙවන පෙළක් නිර්මාණය කිරීම තුළින් තම දේශපාලන අනාගතය ස්ථාවරව ගොඩනගාගැනීම බැවින් එසේ කිරීම තුළින් තමන්ගේ වැදගත්කම ගිලිහී යාම පිළිබඳව මෙම කණ්ඩායම් බියට පත්ව සිටින බවයි.

 

විස්ස ගේන්නේ බැසිල්ගේ උවමනාවට !

විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ මුලික අරමුණ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට ඉඩකඩ සලසා දීම බව 'ජාතිකවාදීන්ගේ' චෝදනාව වී ඇත.

වාසුදේව නානායක්කාර ඇමතිවරයා පවසන්නේ, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට ඉඩකඩ විවර කිරීම සම්බන්ධයෙන් කිසිසේත් එකඟ විය නොහැකි බවයි.

විමල් වීරවංශ ඇතුළු ආණ්ඩුවට පක්ෂ ජාතිකවාදීන් සියලු දෙනාම පාහේ එම ස්ථාවරයේ සිටිති.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය ස්ථාවරය දක්වමින් පිවිතුරු හෙළ උරුමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යොමු කරමින්, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ජනාධිපති වීමට අවස්ථාව සැලසීම සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා ඇත.

''ඕස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 97%ක් සැකසී ඇත්තේ පසුගිය වසර 200 තුල එරටට සංක්‍රමණය වුණු ජනතාවගෙනි. නමුත් එරට පවා ද්විත්ව පුරවැසියන්ට දේශපාලන තනතුරු දැරීමට අවස්ථාවක් ලබා නොදෙයි. ලොව බොහෝ රටවල ද එම නීතිමය සීමාව දැකිය හැක.

එකී නීතිය පසුගිය ආණ්ඩුව ගෙන ආවේ රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙන ද්වේශ සහගත චේතනාවෙන් වුවද එය සාධනීය පියවරක් ලෙස අපි දකිමු.

යම් ජනාධිපතිවරයෙකුගේ හෝ ඇමතිවරයෙකුගේ පක්ෂපාතිත්වය රටවල් දෙකක් අතර බෙදී ඇත්නම් එකී රට සමග ගනුදෙනු කිරීමේ දී ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් අවංකව පෙනී සිටීදැයි යන සාධාරණ සැකයක් ජනතාවට ඇති වනු ඇත.''

Leads

මේ අතර, ගෝඨාවාදී හිමිනමක් ලෙස ප්‍රකට පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ඊයේ (19 දා) විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ද පැවසුයේ, අපේ රටේ ඉහළ තනතුරු ද්විත්ව පුරවැසිභාවය තියෙන අයට ලබා නොදිය යුතු බවයි.

ජනතා ආශිර්වාදය නොමැතිව විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළත් එය ජයග්‍රහණයක් නොව පරාජයක් වන අතර අඩුපාඩු සකස් කරගෙන විස්ස සම්මත කිරීම ගැන මහා සංඝරත්නයේ විරෝධයක් නැතැයි ද උන්වහන්සේ පැවසුහ.

Leads .2

කෙසේවුවද, ඊයේ (19) පැවති කැබිනට් මණ්ඩල හමුවේ දී ද මෙම කරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී ඇති අතර ද්විත්ව පුරවැසිභාවයට අදාළ වගන්තිය හැර විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී එකඟ වී ඇති බව වාර්තා වෙයි.

කියවන්න

රාජපක්ෂවාදය හඳුනාගැනීමේ අපූරු දර්ශකයක් - ගාමිණී වියන්ගොඩ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්