කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර ඊයේ දින පාර්ලිමේන්තුවේ දී හදිසියේ
අසනීප වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.
පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේ දී ඔහුට පපුවේ වේදනාවක් ඇති වී තිබිණි.
පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේදී ප්‍රතිකාර ලබා දීමෙන් පසුව ඔහුව රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඇමතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් අවශ්‍ය ප්‍රතිකාර පහසුකම් ලබා දී ඇති බවත්ය.
විසිවන සංශෝධනය සම්මතකර ගැනීම සඳහා හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේදී ආණ්ඩුවට මන්ත්‍රීවරුන් 150කගේ සහය අනිවාර්ය වේ.
කතානායකවරයට ඡන්දය භාවිතා කිරීමට නොහැකි තත්ත්වයක් තුල මේවනවිට ආණ්ඩුවට හිමිව ඇත්තේ මන්ත්‍රීවරුන් 149කි.
ආණ්ඩු පක්ෂයේ දෙදෙනෙකු ඡන්දය නොදී සීටීමේ සූදානමක් !
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (21) විවාදයට ගැනේ. එම කෙටුම්පතට අදාළ විවාදය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට ඉකුත් දා පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය විය.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු එක් එක් කරුණ සඳහා වෙන් වෙන් වශයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව ඇත.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු තීරණය කර ඇති බව 'නෙත් නිව්ස්' වාර්තා කරයි.
කෙසේවෙතත්, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම ඡන්දය ලබාදීමට නියමිතව ඇති බව ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
සබැඳි පුවත් :
විමල්ලාගේ සහය නැතත් ද්විත්ව පුරවැසි වගන්තිය සම්මතකර ගන්න බැසිල් සුදානම් !
ජාතික සංවිධාන නොසන්සුන්: ද්විත්ව පුරවැසි බාධකය ඉවත් නොකිරීම ගැන විමල් විරෝධය පළකරයි