පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී කිඹුලාවල හන්දියේ ස්ථාපිතකර 'දියවන්නා බෞද්ධ පුස්තකාලය'
ගැන නාගරික සංවර්ධන අධිකාරිය විසින් තීරණයක් ගනු ලැබුවේ ප්‍රදේශවාසී භික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසනා මත යැයි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසයි.
ඔහු එබව සඳහන් කර ඇත්තේ, 'වියත්මග' නාලකගේ තවත් වැඩක්!' යන ශීර්ෂයෙන් යුතුව ඔක්තෝම්බර් 18 දා theleader.lk පළවූ ලිපියට ප්‍රතිචාර දක්වමිනි.
'පිළිතුරුදීමට ඇති අයිතිය' යටතේ ඔහුගේ ප්‍රතිචාරය කිසිඳු සංශෝධනයකින් තොරව පහත පළකර ඇත.
''කිඹුලාවල හන්දියේ පිහිටා ඇති සීමාමාලකයක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් බේකරියක් ආරම්භ කිරීම සඳහා විකුණා ඇති බවට හැඟවෙන අකාරයෙන් පසුගිය 18 දා theleader.lk හි පලවී ඇති පුවත මගින් ම හට බලවත් අසාධාරණයක් සිදුව එය නිවැරදි කිරීම පිණිස පහත කරුණු ඉදිරිපත් කෙරේ.
''මෙහි සඳහන් වන ගොඩනැගිල්ල පසුගිය පාලන සමයේ අමාත්‍යාංශය භාර හිටපු ඇමතිවරයාගේ උපදෙස් මත ජාතික භෞතික සැලසුම් දෙපාර්තුමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් වරයා විසින් සැලසුම් නිර්මාණ කොට ආරම්භ කරනු ලැබූ ව්‍යාපෘතියකි.
ඉදිකිරීම සඳහා මුල් අවස්ථාවේ පෞද්ගලික සමාගමකින් ධන පරිත්‍යාගයක් ලබාගෙන තිබුනි.
කිසිදු විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලීමක් හෝ අවශ්‍යතාවයක් නොමැතිව අසාර්ථක සැලැස්මක් මත ඉදිවූ මෙම ගොඩනැගිල්ල වැඩිකලක් ගතවන්නට පෙර කිඹුලාවල ඇලේ ගිලා බැසීමට ලක්වන්නට විය.
''කිසිදු විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලීමක් හෝ අවශ්‍යතාවයක් නොමැතිව අසාර්ථක සැලැස්මක් මත ඉදිවූ මෙම ගොඩනැගිල්ල වැඩිකලක් ගතවන්නට පෙර කිඹුලාවල ඇලේ ගිලා බැසීමට ලක්වන්නට විය.''
මේ සම්බන්ධයෙන් මුහුණු පොතේ විශාල ප්‍රචාරයක් සිදු වූ අතර ඒ අනුව මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු කරනා ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට වෙත පවරණ ලදී.
එම ආයතනය විසින් ලක්ෂ 125කට වැඩි මුදලක් පිරිවැය දරමින් ගල් පුරවා මෙම ඇළෙහි ගිලුණු ගොඩනැගිල්ල නැවත ගොඩගනු ලැබුවේය.
එසේම නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා රු. ලක්ෂ 10ට වැඩි මුදලක් වියදම් කර ඇත.
නමුත් මෙම ගොඩනැගිල්ල සීමා මාලකයක් සදහා කිසිදු ආකාරයකින් අනුමත කළ නොහැකි නිසාත් සීමාමාලකයට තියෙන අවශ්‍යතා සපුරා නොමැති බැවින් ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා ගෙන් ලැබුණු විරෝධතාවය මතත් එම ව්‍යාපෘතිය නවතා තැබීමට සිදු විය.
''මෙම ගොඩනැගිල්ල සීමා මාලකයක් සදහා කිසිදු ආකාරයකින් අනුමත කළ නොහැකි නිසාත් සීමාමාලකයට තියෙන අවශ්‍යතා සපුරා නොමැති බැවින් ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා ගෙන් ලැබුණු විරෝධතාවය මතත් එම ව්‍යාපෘතිය නවතා තැබීමට සිදු විය.''
මේ අනුව ගොඩනැගිල්ල දිගටම ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයේ පැවතුනි.
පසුගිය ජනාධිපතිවරණයට ආසන්න කාලයකදී වෙනත් ප්‍රදේශවලින් භික්ෂූන් වහන්සේලා වැඩම කොට දානයක් පිළිගන්වා බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කලද, පටන් ගත් දවසේ සිට අවුරුදු එකහමාරකට ආසන්න කාලයක් තුල කිසිදු පාඨකයකු මෙහි පොත්පත් පරිශීලනය කර නොමැති වූ අතර එහි පොත්පත් කිහිපයක් පමනක් තැන්පත් කර තිබූ ස්ථානයකි.
විවිධ ශබ්ද ඝෝෂා ඇති ජනාකීර්ණ ස්ථානයක පිහිටා ඇති මෙම විවෘත ගොඩනැගිල්ලේ පිහිටීම අනුව පුස්තකාලයක පාඨකයන්ට අවශ්‍ය ජලය, වැසිකිළි කැසිකිළි අවශ්‍යතා සහ කැලිකසල බැහැර කිරීම වැනි කිසිදු පහසුකමක් ලබාදී නොතිබිනි.
එහි ඉදිකල දා සිට අවුරුදු දෙකකට වැඩි කාලයක් පුරා කිසිවෙකු ප්‍රයෝජනයට නොගන්නා මෙම ගොඩනැගිල්ල නඩත්තුව, සේවකයන් හා ආරක්ෂකයන් යෙදවීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට භාරවූ අතර ඒ සඳහා මෙම අධිකාරියට විශාල පිරිවැයක් දැරීමට සිදුවී ඇති බැවින් මෙය ආර්ථික හා ජාතික වශයෙන් වැදගත් වන මහජනතාවට වඩා ඵලදායී ව්‍යාපෘතියකට යෙදවීම සඳහා අරමුණු කර ගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ගොඩනැගිල්ලේ තැන්පත් කර තිබූ පොත්පත් අවට විහාරස්ථානවලට ලබා දීමට කටයුතු කරන ලදී.
වර්තමානයේ මෙම ස්ථානය කළමණාකරනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත් 100% උප සමාගමක් වන Water’s Edge Ltd. ආයතනය වෙත පවරා ඇත.
සබැඳි පුවත:
(theleader.lk හි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු. - සංස්කාරක)