වර්තමානය වන විට ලෝ පුරා සියළුම වැසියන් පාහේ කොරෝනා වෛරස වසංගත තත්වය නිසාවෙන්
දැඩි ලෙස පීඩා විදිමින් පවතින අතර ශ්‍රි ලාංකික අප සියළුම දෙනාට මාස දෙදකට අදික කාලයක් නිවෙස් තුලටම වී සිටීමට සිදු විය. 
 
මේ කාල වකවානුව තුලදී රටේ සියළුම සාමාන්‍ය ක්‍රියාකාරීත්වය බිඳ වැටීම සිදුවූ අතර සියළුම දෙනා තමාගෙ නිවස ආශ්‍රිතව ක්‍රියාකාරම්වල නිරත විය. 
 
එම කාලවකවානුවේදි කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයට අයත් මොරපිටිය, මානානගොඩ ගම්මානයේ ගසක් කපා බිම හෙලීමෙදී එහි කැදැල්ලක් තනා දරුසුරතල් විඳමින් සිටි දඬුලේන් පවුලකට දින දෙකක් තුනක් වයසැති කුඩා පැටවා සමඟින් සිය වාසස්තානය අහිමි විය.
 
Saki 3
 
මෙලෙසින් අනතුරට පත් දඬුලේන් පැටවා රැක ගැනීමට ඉදිරිපත් වූයේ අසල නිවසක පදිංචි ඉෂිනි සෙව්වන්දි තරුණියයි. ඇය සතුන්ට බොහෝ සෙයින් ආදරය කරුණාව දක්වන ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ විශේෂවේදී උපාධි පාඨමාලාවක් හදාරන සරසවි සිසුවියකි. 
 
එය දඩුලේන් පැටවා තම භාරයට ගනිමින් දඩුලේන් මවට ලබා දිමට ඇය කෙතරම් උත්සහ කලත් එම උත්සහය අසාර්ථක වී ඇත. 
 
පසුව මේ සිද්ධිය පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇති අතර එවට රට තුල පැවති වාතාවරණය නිසාවෙන් ඔවුන්ගෙ පැමිණිමද සිදු නොවුන බව  ඉෂිනි සෙව්වන්දි පැවසීය.
 
ජීවිතයත් මරණයත් අතර සිටි මෙම දඩුලේන් පැටවාට මවක් වී ජීවත්වීමට අවස්ථාව ලබා දීමට ඉෂිනි සෙව්වන්දිට හැකි වී තිබුනි.  
 
සමාජ ජාලා මාධ්‍යන්හි සහය ලබා ගනිමින් සත්ව වේදීන්ගේ සහයද ඇතිව දඩුලේන් පැටවාට වැඩීමට අවශ්‍ය පෝෂණ සහිත ආහාර පාන ලබා දෙමින් එම දඩුලෙන් පැටවා රැක ගැනීමට ඇයට හැකි වී තිබේ. 
 
තමාගේ දරුවෙක් මෙන් හදාවඩා ගත් මෙම සත්වයා පුවලේ කාගේත් සුරතලෙකු වූ අතර එම නිසාම මෙම දඬුලේන් පැටවට ‘සකී’යන සුරතල් නාමයද තබා ඇත.
 
දිනෙන් දින නිරෝගීව වැඩුනු මෙම සත්වයාට හිමි ලෝකයට බාර දීමේ අරමුණු ඇතිව බාහිර පරිසරටය ක්‍රමක් ක්‍රමයෙන් හුරු කිරීමට කටයුතු කර ඇත. 
 
මාස හයක පමණ වයසක සිටි මෙම දඩුලෙන් පැටවා නිවස සහිත ගෙවත්තේ ඇති ගස් අතර සැරිසරමින් බාහිර පරිසරයේ පහස විදිමින් සිට ඇත. 
 
අනෙකුත් දඩුලේනන් මිනිසුන් දුටු තැන බිය වී පලා ගියද සකී යන නාමයෙන් හඳුන්වන මෙම පැටවා මිනිසුන් කෙරෙහි බියක් නොදැක්වූයේ තමාට මවක් ලෙස ජීවිතය ලබා දුන්නේ මිනිසෙකු නිසාවෙනි.
 
 
 
හැටියේම අතුරුදහන් ! 
 
Saki 2නිදහසේ නිවසත් ගෙවත්තේ ගස් අතරත් සැරිසරමින් සිටි සකී පසුගිය ඔක්තෝබර් 19 දා හිටි හැටියේම අතුරුදහන් වී ඇති බව ඉෂිනි සෙව්වන්දිට දැනුන අතර ඇය සැම තැනකම සකීව සොයමින් සිටින විට අසල සෙල්ලම් කරමින් සිටි ලමුන් පිරිසක් ඇයට පවසා ඇත්තෙ හදකම්පා කරන පුවතකි.  
 
ප්‍රදේශයේ වන සතුන්ට කෙල හලමින් සිටින සිත්පිත් නැති මස් වැද්දෙකු විසින් තවත් අයෙකු හා එක්ව සකී නැමති අහින්සක දඬුලේන් පැටවාට පොල්ලකින් පහර දී මරා මස් පිනිස ගෙන ඇති බවයි. 
 
එය ඇසු ඉෂිනි සෙව්වන්දිට එය දරාගත නොහැකි වේදනාවක් ගෙන දුන් බවත් එය විස්වාස කිරීමට කිසිසේත්ම නොහැකි වූ බවත් ඇය පැවසීය.
 
තමාගේ දරුවෙක් මෙන් මාස හයක කාලයක් පුරා හදාවඩාගත් එම සත්වයා ආහාරය සඳහා මාරා ඇති බව දැනීගැනීමට හැකි වීම කෙතරම් අපහසු කාර්යක් වේද? 
 
මේ පිළිබඳව ඉෂිනි සෙව්වන්දි පසුගිය ඔක්තෝබර් 23 වන දා බදුරලිය පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති අතර වනජීවි දෙපාර්තමේන්තුවද දැනුවත් කලත් මෙතෙක්  කිසිඳු පියවරක් අදාල අංශ විසින් ගෙන නොමැති බව ඇය පැවසීය.
 
ශ්‍රී ලංකාවේ තෙත් කලාපය පරිසර පද්ධති සහිත ප්‍රදේශයන්හි දක්නට ලැබෙන දඬුලේනා (Ratufa macroura) ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා වේ.  
 
'ශ්‍රී ලංකාවේ තෙත් කලාපය පරිසර පද්ධති සහිත ප්‍රදේශයන්හි දක්නට ලැබෙන දඬුලේනා (Ratufa macroura) ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා වේ.  2009 අංක 22 වශයෙන් සංශෝධිත 1937 අංක 02 දරන වනසත්ව සහ වෘක්ෂලතා  ආරක්ෂක ආඥා පනත යටතේ ආරක්ෂිත සත්වයෙකුද වේ.'' 
 
සෙ.මී. 25-50 දිගැති ශරීරයක් සහ ඊට ආසන්නතම දිග වලිගයකින් යුතු දඬු ලේනෙකුගේ ආයු කාලය වසර අටක් පමණ වේ. 
 
එමෙන්ම දිනෙන් දින ඉහල යන වන හායනය නිසාවෙන් වාසස්තාන අහිමිවීම සහ මස් පිණිස දඩයම් කිරීම ආදී හේතූන් මත මෙම දඬුලේනා වඳවී යාමේ ආසන්න තත්වයක පසුවන සතෙකු බව සොබාදහම සංරක්ෂණය සඳහා වන ජාත්‍යන්තර සංගමය (IUCN) මගින් නිවේදනය කොට තිබේ.
 
 2009 අංක 22 වශයෙන් සංශෝධිත 1937 අංක 02 දරන වනසත්ව සහ වෘක්ෂලතා  ආරක්ෂක ආඥා පනත යටතේ ආරක්ෂිත සත්වයෙකුද වේ.
 
ජිවිතයත් මරණයත් අතර සටන් වැදී කරුණාව දයාව සහිත තරුණියකගේ සේවනේ හැදී වැඩුනු සකිගේ ජීවිතය වන සතුන්ට වින බදින සිත්පිත් නැති මිනිස් මෘගයෙකුගේ පවුකාර දෑතින් අවසන් වීම කිසිවෙකුටවත් දරාගත නොහැකි කරුණකි. 
 
සකීට අත් වූ ඉරණම වෙනත් කිසිඳු සත්වයෙකු අත් නොවීමට පෙර නීතිය ක්‍රියාත්මක වේ යැයි සියලු දෙන මේ සිද්දිය දෙස බලා සිටී.
 
 
පේශල පසන් කරුණාරත්න
මතුගම හරිත මිතුරෝ සංවිධානය
0710580734

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්