වසංගතයට පිළියම් යෙදීම හමුදා ප්‍රධානියා යටතට පවරා තිබීම නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩල
නිරෝධායනය සම්බන්ධයෙන් ද යුද හමුදාවෙන් අනුමැතිය ලබා ගන්නට සිදුවී තිබේ.
 
එම අර්බුදය ප්‍රසිද්ධියට පත්වූයේ දෙවැනි වසංගත රැල්ල රට පුරා පැතිර යද්දී කොරෝනාබාධිතදැයි සැක සහිත සෞඛ්‍ය සේවකයන් හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු නොකරන ලෙස දිවයිනේ ප්‍රමුඛතම හෙද නිලධාරී සංගමයක් ඉල්ලා සිටීම සමගයි.
 
හෙද නිලධාරීන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් නිරෝධායනයට සෙසු රෝගීන් සමග රෝහල් ගත කිරීම සෞඛ්‍ය සේවය අවදානමේ හෙලන්නක් බවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.
 
හෙද නිලධාරීන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් නිරෝධායනයට සෙසු රෝගීන් සමග රෝහල් ගත කිරීම සෞඛ්‍ය සේවය අවදානමේ හෙලන්නක් බවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.
 
"මොකද සෞඛ්‍ය සේවකයෙක් කියලා කියන්නේ, වෛද්‍යවරයෙක් කියලා කියන්නේ, නර්ස් කෙනෙක් කියලා කියන්නේ මේ ගැන දැනුමක් තියන කෙනෙක්. ඒ අය ගිහිල්ලා අනිත් ලෙඩ්ඩුත් එක්ක එක ගොඩේ දාන්න ඕනේ නෑ. ඒක අනතුරක්. ඒ අයට දැනුම තියනවා මේකෙන් ගැලවෙන්න. ඒ අයට දැනුම තියනවා මේ රෝගය තව කෙනෙකුට බෝවීම  වලක්වාගන්න."
 
 එබැවින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දී නිවෙස් තුලට සීමා කරන ලෙස රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය කෝවිඩ් 19 වළක්වාලීම භාර බලධාරීන්ගෙන්  ඉල්ලා සිටියේ ඔක්තෝබර් 28  අඟහරුවාදා  කොළඹදී පැවැත්වු මාධ්‍ය හමුවකදීය.
 
 
 
 හමුදා මැදිහත්වීම් එපා !
 
samanRසෞඛ්‍ය අංශයේ නිලධාරීන් නිවෙස් තුළ නිරෝධායනය වීමේදී ආරක්ෂක අංශ වල මැදිහත්වීමක් සිදු නොකරන ලෙසත් වෘත්තිය සමිති නායකයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
 
 "ඒ ගොල්ලෝ කාමරයට වෙලා, ගෙදරට වෙලා අනිත් අයට රෝගය බෝ කරන්නේ නැතුව අනිවාර්යෙන්ම ඉතාම හොද විදිහට ඒක කළමණාකරණය කර ගනිවී. ඒකට හමුදාව මැදිහත් කරන්න එපා. වෙන කවුරුවක්වත් පොලීසිය මැදිහත් කරන්න එපා," යි සමන් රත්නප්‍රිය වැඩි දුරටත් ඉල්ලා සිටියේය.
 
 
 
 ප්‍රථම ආශ්‍රිතයන් නිවෙස් තුළ
 
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඔක්තෝබර් 26 සදුදා මාධ්‍ය වෙත  පවසා තිබුනේ, මින් ඉදිරියට කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රථම ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය නොකරන බවයි.
 
 "මින් පසුව මේ ආකාරයෙන් කොවිඩ් ආසාදනය වන පුද්ගලයා රෝහල් වෙත රැගෙන ගියත් ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයන් නිවෙස් වල, නිවෙස් නිරෝධායනයකට ලක් කිරීමකට කටයුතු කරනු ලබනවා. මෙසේ නිවෙස් නිරෝධායනයකට ලක් කරලා අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන් ඒ ආකාරයෙන්ම  නිවෙසට වී නිරෝධායනය කටයුතු වල යෙදෙයි කියලා,” යි හමුදාපති වැඩි දුරටත් පවසා තිබුනි.
 
 යුද හමුදා නිරෝධායනයේදී පුද්ගලයන් දැඩි පීඩාවන්ට ගොදුරු වන බවට වෘත්තීය සමිති ක්‍රියාධරයන් මීට ඉහතදී අවස්ථා කිහිපයකදීම  චෝදනා කර තිබුණි.
 

 
සබැඳි පුවත් :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්