1200 x 80 DMirror
 
 

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ නිලධාරියෙකු,
එම කාර්යාලයේ සේවිකාවකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අද ආරම්භ කිරීමට නියමිතය. 
 
ඒ, බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයාගේ උපදෙස් පරිදිය.
 
පහර දුන් නිලධාරීවරයා බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ කළමානාකාරවරයෙකු බවත්, පහරකෑමට ලක්ව ඇත්තේ එහි කළමනාකාර සහකාර නිලධාරිනියක් බවටත් වාර්තාවේ. 
 
එම පහරදීම සහ ඊට පෙර සිදුවූ බහින් බස්වීම ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර තිබූ අතර එය ඊයේ දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ 'වයිරල්' වෙමින් තිබේ. 
 
'සේවා ස්ථානවල ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් සමාජයේ හා මාධ්‍යවල විශේෂ අවධානයක් යොමු විය යුතුව ඇත.''
 
මෙම සිද්දිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුයේ, කාර්යාලයක සේවය කරන සේවිකාවකට අමානුෂික ලෙස පහරදීමක් සිදුකළ පුද්ගලයාට එරෙහිව කඩිනම් හා දැඩි දඬුවම් ලබා දෙන ලෙස තමා රජයේ බලධාරීන් ගෙන් ඉල්ලා සිටි බවයි.
 
 මෙම බිහිසුණු සාපරාධී ක්‍රියාව සියලු දෙනා විසින් දැඩි ලෙස හෙළා දැකිය යුතු බවද ඔහු කියා සිටියේය.
 
එමෙන්ම එවැනි ක්‍රියාවන්ට දඬුවම් ලබා දෙන නීති ශක්තිමත් කළ යුතු බවත්, රැකියා ස්ථානයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම්, සුරක්ෂිතභාවය සහ සුභසාධනය වඩා හොඳින් ආරක්ෂා කළ යුතු බවත් ඔහු අවධාරණය කර සිටියේය.
  

subscribeYT

subscribeYT

නවතම පුවත්