රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා, මහාධිකරණ විනිසුරු පද්මිනී රණවක ට දුරකථන ඇමතුමක් ලබාදෙමින් දුමින්ද සිල්වාට එරෙහි නඩුව සම්බන්ධයෙන් කතාබහ කළේ නඩු තීන්දුව දීමට පෙර ද, පසුවද යන්න පිළිබඳව
සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් සිදුවෙමින් තිබේ.
ඒ, සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා 2021 ජනවාරි මස 06 දා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයකින් පසුවය.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එදින පාර්ලිමේන්තුවේදී පැවසුයේ, පද්මිනි රණවක මහාධිකරණ විනිසුරුවරිය රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග නඩු තීන්දුවට පෙර කතා කලේ නම් වැරදි බවයි.
ඉන් අනතුරුව ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් මාධ්‍ය විසින් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය උපුටා දක්වමින්, 'මෙන්න තිත්ත ඇත්ත' යන තේමාවෙන් යුතුව වීඩියෝ පෙළක් අන්තර් ජාලය වෙත මුදාහැර තිබේ.
හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවක සහ හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක අතර සිදුවූ බව පැවසෙන දුරකථන සංවාදයක හඬපටයක් මිට ඉහත දී ප්‍රකාශයට පත්ව තිබු අතර එම හඬපට යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති ඉහත වීඩියෝ වලට අනුව, තීන්දුවට යම් බලපැමක් වන ආකාරයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විනිසුරුවරියට දුරකථන ඇමතුමක් ලබාදී ඇත්තේ, දුමින්ද සිල්වාගේ නඩුට කලින් බව හෙලිවෙයි.
2011 වසරේ ඔක්තෝබර් මස 08 වැනිදා බස්නාහිර පළාත් සභා ඡන්දය පැවැති දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීම පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම වූයේ, 2016 වසරේ සැප්තැම්බර් 08 වෙනිදාය.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න තීන්දුව දෙමින් කියා සිටියේ මෙම විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කල චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බැවින් විත්තිකරුවන් 11 දෙනා නිදොස් කොට නිදහස් කරන බවයි.
එහෙත් විනිසුරු මඬුල්ලේ පද්මිණි.එන්. රණවක සහ එම.කේ.ඩි. මොරායස් යන බහුතර විනිසුරුවරු මෙම දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු චෝදනා වලට වරදකරු කරන බව කියා සිටියේය.
ඉහත දැක්වෙන වීඩියෝවලට අනුව රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා සහ පද්මිනී රණවක විනිසුරුවරිය අතර දුමින්ද සිල්වාගේ නඩුව සම්බන්ධයෙන් සාකච්ජා කර ඇත්තේ, 2016 ජූලි මස 14 වන දින රාත්‍රී 9.33ට ය.
නඩු තීන්දුව ගැන රටම බලා ඉන්නා බවත් එය රන්ජන් ගේ ඇතුලු බොහෝ දෙනාගේ 'ටාගට්' එකක් බවත් රන්ජන් රාමනායක විසින් විනිසුරුවරියට පවසා සිටින්න ආකාරය හඬපටයේ සටහන්ව ඇත.
දුමින්දට එරෙහිව තීරණ ගන්න තැන විනිසුරුවරිය සිටීම සතුටට කරුණක් බව මන්ත්‍රීවරයා පවසන ආකාරය ද හඬපටයේ සඳහන්වේ.
රන්ජන්, ශානිට දුරකතන ඇමතුමක් දෙන්නේ නඩුවට කලින් දා ?
අන්තර් ජාලයට මුදාහැර ඇති වීඩියෝ හඬපටවලට අනුව රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට දුරකථන ඇමතුමක් ලබාදී ඇත්තේ, දුමින්ද සිල්වාගේ නඩු තින්දුව ලබාදුන් 2016 සැප්තැම්බර් මස 8 වෙනිදාට පෙරදා රාත්‍රීයේය.
එනම්, 2016 සැප්තැම්බර් මස 7 සවස 5.37ට ය.
රන්ජන් රාමනායකගේ නිවසේ වලන්ද සෝදන්න සූදානම් බවක් ඊට අදාල හඬපටයේ සටහන්ව ඇත.
මෙම හඬ පට සම්බන්ධයෙන් මේවනවිට අධිකරණය හමුවේ නඩුවක් විභාවෙමින් තිබේ.
එම හඬපට වල සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීම සම්බන්ධව මේ වන විට මරණ දඬුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමාදුර ලෝරන්ස් රෙමෙලෝ දුමින්ද සිල්වාට (ආර්. දුමින්ද සිල්වා) යම් සහනයක් ලබාදීම යෝග්‍ය බවට ජනාධිපතිවරයාට නිර්දේශකර ඇත.
කෙසේ නමුත් මෙම නිර්දේශය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට 2015 සැප්තැම්බර් 08 දින ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියම කොට තිබූ මරණ දඬුවම සලකා බලා ඇතත් එකී තීන්දුව නැවත වරක් 2018 ඔක්තෝබර් 11 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සනාථ කළ බව සැලකිල්ලට ගෙන ඇති බවක් නොපෙනේ.
එවකට අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ, නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දුමින්ද සිල්වාට නියම කරන ලද මරණ දඬුවම ඒකමතිකව අනුමත කළේය.
කෙසේ වුවද දුමින්ද සිල්වාට ජනධිපති සමාව ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.
ඒ සඳහා මන්ත්‍රීවරුන් 115 දෙනෙකු අත්සන් තබා තිබු අතර විපක්ෂයේ මන්ත්‍රීවරු 06 දෙනකුගේ අත්සන් ද ඊට ඇතුලත්විය.
මේ අතර 20 වන සංශෝධනයට සහය පළ කිරීමට එක් වූ සමගි ජන බලවේල පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් කළ ඉල්ලීම අනුව ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් ලබා සිටි පුජ්‍ය ඌවතැන්නේ සුමන හිමිට ජනපති සමාව දී නිදහස් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබිණ.
සබැඳි පුවත් :
###################
ඇත්තටම යුද්ධ කළේ ගෝඨාභයද ? ෆොන්සේකාද ?
රටට හොරෙන් කොරෝනා එන්නත විදගත් රාජපක්ෂවරයා ?