කොටි සංවිධානයේ හිටපු සාමාජිකයකු තමන්ගේ දැනුවත්භාවයකින් තොරව
ආණ්ඩු පක්ෂයේ ක්‍රියාකාරීව කටයුතු කරමින් මුලතිව් ප්‍රදේශයේ ජනතාව අතර ගැවසීම පිළිබදව රජයේ ඔත්තු සේවා බලධාරීහු කලබලයට පත් ව සිටිති.
 
 අවසන් සටන තෙක් යුද වැදුණු බව පවසන හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයා බුදු දහම වැළඳ ගත් බව ආණ්ඩුවට හිතවත් පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් මගින් විකාශය කිරීමත් සමග ප්‍රදේශයේ බුද්ධි අංශ මෙසේ කලබලයට පත් ව තිබේ.
 
 මාධ්‍ය මගින් එම තොරතුරු අනාවරණය කරන තෙක් බුද්ධි මුලස්ථාන වෙත එවැනි තොරතුරු වාර්තා කර නොතැබීමෙන් පහළ තනතුරු දරන බුද්ධි අංශ සාමාජිකයන්ට උසස් නිලධාරීන්ගේ දොස් ඇසීමට සිදු වීම එයට හේතු වී තිබේ.
 
 යෝගරාසා කිරුබාකරන්  23 වියේදී 2006 වසරේ කොටි සංවිධානයට සම්බන්ධ වී යුද්ධය අවසන්වීමට මාසයකට පෙර තෙක් ම එම සංවිධානයේ කටයුතු කළ බව එම මාධ්‍ය ආයතනය සදහන් කර තිබුනි.
 

57858

 
යුද හමුදාවට බාර වීමෙන් පසු පුනරුත්ථාපනය වී සමාජ ගත වු යෝගරාසා කිරුබාකරන් සැදැහැවත් බෞද්ධයෙක් ලෙස කටයුතු කරන බව එම මාධ්‍ය ආයතනය වාර්තා කරද්දී ඔහු පවසා තිබුනේ තමන් මේ වන විට මුලතිව් ප්‍රදේශයේ රජෙක් ලෙස ජීවත් වන බවයි.
 
 ඒ සම්බන්ධයෙන් සොයා බැලු ප්‍රදේශයේ ආරක්ෂක බුද්ධි අංශ පසුව සොයා ගෙන ඇත්තේ යෝගරාසා කිරුබාකරන් මේ වන විට ජනපති, අගමැති නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා සම්බන්ධව කටයුතු කරන අතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බවයි.

 

 
 
විකුනන්නෙත් නැති බදු දෙන්නෙත් නැති කොළඹ වරායේ ඔට්ටු සෙල්ලම
 

ඇත්තටම යුද්ධ කළේ ගෝඨාභයද ? ෆොන්සේකාද ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්