දිවයිනේ උතුරු හා නැගෙනහිර දෙපළාතට මහ වැසි ඇද වැටී ගංවතුර ගැලීම හේතුවෙන් පුද්ගලයන් විසි එක් දහසකට අධික පිරිසක් පීඩාවට ලක්වද්දී, මහ කන්නයේ වී අස්වැන්න විනාශ වීමේ අවදානමක්ද ගැනද ගොවීන්

අනතුරු අගවා තිබේ.

 
ලංකවේ දිස්ත්‍රික්ක 14 ක 23032 විපතට පත් වෙද්දි ඉන් 21453 ම උතුරු නැගෙනහිර දෙපළාතේ පවුල් 6673කට අයත් පුද්ගලයන් 21453ක් බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
 
 අධික වැසි සහ ගංවතුර හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුව තිබෙන්නේ නැගෙනහිර පළාතටයි.
 
 එම මධ්‍යස්ථානය 2021 ජනවාරි 14 බ්‍රහස්පතින්දා දහවල් 12 ට නිකුත් කළ අලුත්ම තත්ව වාර්තාවට අනුව අධික වැසි සහ ගංවතුර හේතුවෙන් උතුරු පළාතේ දිස්ත්‍රික්ක තුනක පවුල් 1536 ට අයත් පුද්ගලයන්  5010 දෙනෙකු බලපෑමට ලක් වෙද්දී, නැගෙනහිර පළාතේ පවුල් 5137 ට අයත් පුද්ගලයන් 16453 ක් පීඩාවට ලක්ව සිටී.
 
 
 
නැගෙනහිර වැඩිම බලපෑම මඩකලපුව දිස්ත්‍රික්කයට : 
 
 
 
නැගෙනහිර පළාතේ වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයයි.
 
 ගං වතුර තත්වය හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 3750 ට අයත් 11289 දෙනකු බලපෑමට ලක්ව සිටින අතර අධික සුළං, අධික වැසි සහ ගංවතුර හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 1387 ට අයත් පුද්ගලයන් 5164 දෙනෙකු බලපෑමට ලක්ව සිටි.
 
ඔවුන් අතුරින් පවුල් 89 ට අයත් පුද්ගලයන් 267 ක් ආරක්ෂිත මධ්‍යස්ථාන  තුනක රදවා සිටි.
 
 දිවයිනේ උතුරු පළාතේ යාපනය, කිලිනොච්චි සහ මන්නාරම යන දිස්ත්‍රික්ක තුනකට බලපා තිබෙන අධික වැසි සහ ගංවතුර තත්වය හේතුවෙන් බලෑමට ලක් වු  5010 දෙනා අතුරින් පවුල් 22 ට අයත් පුද්ගලයන් 71 දෙනෙකු ආරක්ෂිත ස්ථාන දෙකක් තුළ රදවා තිබෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩි දුරටත් පවසයි.
 
 
 
 625.0.560.320.160.600.053.800.700.160.90 6
 
 
උතුරු පළාතේ වැඩිම බලපෑම කිලිනොච්චිය දිස්ත්‍රික්කයට : 
 
 
එම මධ්‍යස්ථානය පවසන පරිදි  ගංවතුරින් උතුරු පළාතේ  වැඩිම පිරිසක් බලපෑමට ලක්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයයි.
 
 එම දිස්ත්‍රික්කයේ පවුල් 745 ට අයත් පුද්ගලයන් 2426 දෙනෙකු පීඩාවට පත්ව සිටී.
 
 යාපනය දිස්ත්‍රික්කයේ අධික වර්ෂාව සහ ගං වතුර තත්වය හේතුවෙන් පවුල් 558 ට අයත් පුද්ගලයන් 1745 දෙනෙකු පීඩාවට පත්ව සිටී.
 
 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු අනුව ගංවතුර තත්වය හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ බලපෑමට ලක්ව සිටින්නේ පවුල් 233 ට අයත් පුද්ගලයන් 839 දෙනකු පමණි.
 
 අධික වාර්ෂාව සහ ගං වතුර තත්වය හේතුවෙන් උතුරු පළාතේ එම දිස්ත්‍රික්ක තුන තුළ  අර්ධ හානියට පත් නිවාස ගණන 92 කි.
 
 ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ තත්ව වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙන පරිදි ජනවාරි 14 බ්‍රහස්පතින්දා දහවල් 12 වන විට  පරිදි උතුර, මධ්‍යම, වයඹ, නැගෙනහිර, සබරගමුව, දකුණ, උතුරු මැද, බස්නාහිර සහ ඌව පළාත් වලට අයත් දිස්ත්‍රික්ක 14 ක අධික වැසි, ගංවතුර ඇතුළු විවිධාකාර  ආපදා හේතුවෙන් පවුල් 7051 ට අයත් 23032 ක් පීඩාවට පත් ව සිටී.
 
 
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ උතුරට බල පා තිබෙන   අධික වැස්ස හේතුවෙන් උතුරේ මහකන්නයේ වී අස්වැන්න විනාශ වීමේ දැඩි අවදානමකට මුහුණ දී සිටින බවයි.
 
 අස්වැන්න නෙලීමට ආසන්න කුඹුරු වැසි ජලය සහ වාන් ජලය හේතුවෙන් විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බව  ගොවීහු පෙන්වා දෙති.
 
 ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ උතුරේ කුඹුරු රැසක මේ වන විට ගොයම් මහබණ්ඩි අවධියේ පසුවන අතරම අධික වර්ෂාව හේතුවෙන් ගොයම් පෙරලීම නිසා වී පැලවීමේ අවදානමක්ද පවතින බවයි.
 
 
 
###################
 
 
 
 
 
විකුනන්නෙත් නැති බදු දෙන්නෙත් නැති කොළඹ වරායේ ඔට්ටු සෙල්ලම
 
 

 
ඇත්තටම යුද්ධ කළේ ගෝඨාභයද ? ෆොන්සේකාද ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්