අපේ ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත් වී සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආණ්ඩු පක්ෂයට සහාය දීම සඳහා තීරණය කර ඇතැයි ආණ්ඩුවට පක්ෂපාති 'ලංකා සී නිව්ස්' වාර්තා කර තිබේ.
ඒ බව දන්නවමින් අගමැති මහින්ද රාජපක්ෂට පණිවුඩ ගණනාවක් යවා ඇති බවද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
නමුත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ වැඩි උනන්දුවක් නැති බවද පැවසෙයි.
ආණ්ඩුවට තම සහාය ලබා දීමට කැමති බවත් ඒ අනුව ආණ්ඩු පක්ෂයේ අසුන් පනවන ලෙසත් ඉල්ලමින් රතන හිමියන් විසින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට ලිපියක්ද යවා ඇතත් ඒ ගැනද ආණ්ඩු පක්‍ෂය සැලකිය යුතු ප්‍රතිචාරයක් දක්වා නැතැයි ද වාර්තා වෙයි.
අද මෙතන - හෙට අතන - හිමි රතන - ආණ්ඩුවට!
###################
මුළු රටේම ආර්ථිකය බංකොළොත් - මුදල් ඇමති අනතුරු අඟවලා
බැසිල් විමල් ගැටුම මහරගමින් පොලා පනී