මීළඟ ජනාධිපතිවරණයේ දී තමන්ගේ සහය හිමිවන්නේ හිටපු අමාත්‍ය මංගල සමරවීර නියෝජනය කරන
කඳවුරකට බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් පවසයි.
 
ඔහු එම කාරණය අවධානය කර සිටියේ, SL VLOGE  සමග පැවති සම්මුඛ සාකච්ජාවක දී ''මීළඟ ජනාධිපතිවරණයේදී සහය දක්වන්නේ කාටදැයි'' මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ විමසා සිටි අවස්ථාවේදී ය.
 
මංගල සමරවීර සිටින කඳවුරකට සහයදීමේ තීරණය සුමන්තිරන් මන්ත්‍රීවරයා කරුණු කාරනා සහිතව මෙහිදී පැහැදිලි කළේය. 
 
සිය දේශපාලන ඉතිහාසය පුරාම ජාතික සමගිය වෙනුවෙන් පෙනීසිටි මංගල සමරවීරට සිය දේශපාලන ප්‍රතිපත්තිය  නිසා රාජපක්ෂ ආණ්ඩුවේ විදේශ අමාත්‍ය ධුරය අහිමිවූ බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කළේය. මංගල සමරවීර යනු ප්‍රතිපත්තිගරුක දේශපාලන නායකයකු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
 
පාර්ලිමේන්තු මැතිවරණ දේශපාලනයෙන් සමුගෙන සිටින මංගල සමරවීර මේවනවිට 'සැබෑ දේශප්‍රේමියෝ' (True Patriot) නමින් මතවාදීමය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.  ඒ වෙනුවෙන් 'ෆ්‍රීඩම් හබ්' (Freedom Hub) නමින් සන්නිවේදන මධ්‍යස්ථානයක් ද මේවනවිට ක්‍රියාත්මක කර ඇත. 
 

 

 

 


 

 

 
 

 

සැකයක් තියාගන්න එපා! පාස්කු වැරදිකරුවන්ට එරෙහිව මේ ආණ්ඩුව කිසිම පියවරක් ගන්නෙ නෑ.

 

සියලුම ආගමික නීති රටේ නීතියට යටත් - වෛද්‍ය අජිත් අමරසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්