ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට සුදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ විසින් රාජිත සේනාරත්න, චම්පික රණවක හා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන එම පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් වෙත දැනුම් දී තිබු අතර මේවනවිට ඔවුන් අතරින් එජාප නායකයාගේ වැඩිම කැමැත්ත පලවී ඇත්තේ චම්පික රණවක අමාත්‍යවරයා වෙත බව අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ඒ, චම්පික රණවක අමාත්‍යවරයා පසුගිය සති කිහිපයෙහි සිදුකල ප්‍රචාරක මෙහෙයුම් හරහා එජාපෙ අනෙක් සිංහල නායකයින් දෙදෙනාට වඩා භික්ෂුන් වහන්සේලාගේ හා මධ්‍යම පාන්තික විශ්වාසය දිනාගෙන ඇති බව අගමැති කාර්යාලයේ විසින් රහසිගතව සිදුකර ඇති සමීක්ෂණයකින් අනාවරණය වී ඇති හෙයිනි.

මිට පෙර අවස්ථා දෙකකදීම (2010 හා 2015) පරිදි මෙවරද ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නැයි එජාප නායකයාට පක්ෂයේ අභ්‍යන්තරයෙන් බලපෑම් එල්ලවී ඇති අතර එම බලපෑම් දැඩි වුවහොත්, එක්සත් ජාතික පක්ෂයෙන් පිට අයකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට අගමැතිවරයා දැනටමත් තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නිවසටම ගොස් ඔහුට එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කර තිබිණ. එහෙත් ඒ සම්බන්ධයෙන් එජාප අභ්‍යන්තරයෙන් දැඩි විරෝධයක් එල්ලවූ අතර ඉහත නම් සඳහන් එජාපෙ මැති ඇමතිවරුන්ට සුදානම් වන්නැයි අගමැතිවරයා දැනුම්දී ඇත්තේ ඉන් අනතුරුවය.

සිංහල මධ්‍යම පන්තියේ ආශාව !

එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයාගේ ජයග්‍රහණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදායික ඡන්ද ගිණුමට අතිරේකව තවත් ඡන්ද ලක්ෂ 35කට වඩා අවශ්‍ය බවට ගණන් බලා ඇති අගමැති කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක්, එහිදී සුළු පක්ෂවල ඡන්ද වලට අමතරව පාවෙන ඡන්දදායකයින්ගේ තීරණය අතිශයින් වැදගත්වන බවට රහසිගත වාර්තාවක් මගින් අගමැතිවරයාට දැනුම්දී තිබේ.

මෙම පාවෙන ඡන්දදායකයින් සම්බන්ධයෙන් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ එහිදී සිංහල මධ්‍යම පාන්තික ආශීර්වාදය අතිශයින්ම තීරණාත්මක බවය. එහිදී පෙර පරිදිම ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයට පිටින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නම් වඩාත්ම සුදුස්සා අමාත්‍ය චම්පික රණවක බව එම රහස් වාර්තාව මගින් පෙන්වා දී ඇත.

සංකල්ප මාරසිංහගේ ලිපිය:

මේ අතර මෙවර ජනාධිපතිවරණයේදී මාධ්‍ය පාන්තික තීරණය වැදගත්බව අවධාරණය කරමින් Colombo Telegraph වෙබ් අඩවියේ පලවී ඇති 'The UNP Presidential Hopeful & The Middle-Class Hopeful 'ශීර්ෂයෙන් යුතු සංකල්ප මාරසිංහගේ ලිපියට ප්‍රතිචාර දක්වා ඇති එජාප සමාජ මාධ්‍ය ප්‍රධානියකුව සිටි තුෂාර වන්නිආරච්චි සිය FB පිටුවේ මෙසේ සටහනක් තබා ඇත.

''දොස්තර සංකල්ප මාරසිංහ ලියල තියෙන මෙම ලිපිය අඩුම තරමින් අභ්‍යන්තර කවයේ එක්සත් ජාතික පාක්ෂිකයෝ කියවන්න පුළුවන් නම් හොඳයි. මෙම ජනාධිපතිවරණයේ තීරණාත්මක බලවේගය වන්නේ මධ්‍යම පන්තියේ ආශාවයි. පක්ෂයට එයට ආමන්ත්‍රණය කළ නොහැකි නම් එක්සත් ජාතික පක්ෂයේ පරාජය වැළැක්විය නොහැකිය.''
patlai and Ranil
කෙසේවුවද එම ලිපියට ප්‍රතිචාර දක්වා ඇති colombotelegraph  කර්තෘ උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ මෙසේ සටහනක් පළකර ඇත.

''මධ්‍යම පංතියෙ අදහස් මොනව උනත් මම නම් කියන්නෙ චම්පික ඔය බලයක් නැති ජනාධිපති තරඟෙට නොයා ඉන්න එක තමා හොඳ.''

Uvindu FB


උවිඳු එම කාරණය සඳහන් කරන්නේ, 2015 වසරේ මෛත්‍රීපාල සිරිසේන මෙරට 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව එම වසරේ ම මැයි 01 දා, 19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරමින් විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කර තිබීම නිසාය.

එම සංශෝධන ප්‍රකාරව යළි බලයට පත්වන ජනාධිපතිවරයෙකුට සීමා සහිත බලයක් හිමි වුණ ද රටේ ප්‍රධාන පක්ෂ මීළඟ ජනාධිපති අපේක්ෂක ධුරය වෙනුවෙන් යුහුසුළු වන බවක් පෙනෙන්නට තිබේ.

රනිල් ගෙන් 'ස්මාට්' ගේමක් !

sajith premadasa and karu jayasuriya 

කෙසේවුවද, මේවනවිටත් ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුම් ආරම්භකර ඇති එජාප නායකයාගේ ඉලක්කය වී ඇත්තේ ජනාධිපතිවරණයට තරඟ කිරීම නොව පක්ෂ නායකත්වය රඳවා ගනිමින් අගමැති ධුරය ලබාගැනීම බව ඔහුගේ සමිපතමයින්ගේ අදහසයි.

අගමැතිවරයාගේ ඇතැම් සමීපතමයින් රාත්‍රී සමාජ ශාලාවල දී කෙරෙන සංවාදවලදී පවසන්නේ, කරු ජයසුරිය හෝ සජිත් ප්‍රේමදාස යන එජාප නායකයින් ජනාධිපති අපේක්ෂකයින් ලෙස ලෙස ඉදිරිපත් නොකිරීමේ දැඩි තීරණයකට එළඹ සිටින අගමැතිවරයා, එක්සත් ජාතික පෙරමුණේ සිංහල බෞද්ධ නායකයින් වන චම්පික, රාජිත හා ෆොන්සේකාට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදානම් වන්නැයි දැනුම් දී ඇත්තේ ඔවුන් සජිත්ගේ හෝ කරුගේ කඳවුර වෙත හේත්තුවීම වලක්වා ගැනීම සඳහා බවයි.

චම්පිකගේ ප්‍රතිචාරය මෙන්න !

එජාප රනිල් හිතවාදීන් අතර එවැනි කතාබහක් සිදුවෙමින් තිබිය දී ඇමති චම්පික රණවක පවසන්නේ, මීළඟ ජනාධිපති ධුරය සඳහා තරග වැදීමට එක්සත් ජාතික පක්ෂයෙන් සිංහල බෞද්ධ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවයි.
මල්වතු මහ විහාරයේදී පැවැති අක්තපත්‍ර ප්‍රදානෝත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ඔහු එබව අවධාරණය කර සිටියේය.

සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවට මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුනත් ඒ පිළිබදව එක්සත් ජාතික පෙරමුණ තවමත් සාකච්ඡා කොට නොමැති බව චම්පික රණවක අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

“යැංකින්ගේ සිංහල බෞද්ධකම වෙනුවට, නියම ශ්‍රී ලාංකිකබෞද්ධ කමත් එක්ක අනිකුත් ආගම් ආරක්ෂා කරන අපේක්ෂකයෙක් එයි.”

තරගයටඉදිරිපත් වීම සඳහා සූදානම් වන ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය රණවක විසින් හඳුන්වන ලද්දේ “පවුල්වාදීවරිග සභාවේ අපේක්ෂකයා”ලෙසයි. 

වීඩියෝ 
https://www.youtube.com/watch?v=5fXO85GAtDY

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්