ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට ප්‍රවීණ මාධ්‍යවේදියකු වන සුදේව හෙට්ටිආරච්චි පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තාවේ.
 
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස ජනාධිපතිවරයා විසින් පසුගියදා පත්කරනු ලැබිය.
 
එම අනුව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට සුදේව හෙට්ටිආරච්චි හෝ සිසිර පරනතන්ත්‍රී යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් දෙදෙනා ගෙන අයකු පත්කරන ලෙස ජනාධිපතිවරයාට සමීප කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයින් 
ඉල්ලිමක් කර තිබී ඇතැයි වාර්තාවේ. 
 
සුදේව හෙට්ටිආරච්චි හා සිසිර පරනතන්ත්‍රී යන දෙදෙනාම කොළඹ ආනන්ද විදුහලේ ආදී ශිෂ්‍යයින් වේ.
 
කෙසේවුවද සුදේව හෙට්ටිආරච්චි පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවත්, එබව දැනුම්දීමෙන් අනතුරුව ඔහු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට දින කිහිපයක් ඉල්ලා සිටිබවත් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අප කළ විමසීමකදී පැවසිය.
 
දැනට සේවයකරන මාධ්‍ය ආයතනයේ බලධාරීන්ට නිසි පරිදි දැනුම්දී තමන් දරන වගකීම් වලින් නිදහස්වීම සඳහා ඔහු එම කාලය ඉල්ලා සිටිබව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
 
සුදේව හෙට්ටිආරච්චි මේවනවිට ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. එසේම, ඔහු ශ්‍රී ලංකා - චීන මාධ්‍ය සංසදයේ ප්‍රධානියකු ද වේ. 
 
 
 
THE LEADER TV

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

 

 මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image