අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසන පරිදි, පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ
යාපන නගරාධිපති විශ්වලංගම් මනිවන්නන්ට ඇප ලබාදීමට කටයුතු කර ඇත්තේ ජනාධිපතිවරයා නම්, පොලිස් දෙපාර්තමේන්තුවට සහ උසාවියට කොතරම් දුරට නිදහස අහිමි වී තිබේද යන කාරණය පෙන්නුම් කෙරෙන බව උතුරේ හිටපු මහ අමාත්‍ය විග්නේශ්වරන් පවසයි.
 
නිවේදනයක් නිකුත්කරමින් ඔහු පවසන්නේ, ඇමතිවරයාගේ ප්‍රකාශය අධිකරණය සහ පොලිස් දෙපාර්තමේන්තුවට සිදුකළ බරපතල අපහාස කිරීමක් ලෙස සැලකිය හැකි බවයි. 
 
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය 09දින පොලීසිය විසින් යාපන නගරාධිපති විශ්වලංගම් මනිවන්නන් අත්අඩංඟුවට ගනු ලැබුවේ එල්ටීටීඊ සංවිධානය යළි ගොඩනැගිමට යන්නේය යන බරපතල චෝදනාවක් ගොනුකරමිනි.
 
ඔහු විසින් යාපන නගරයේ පරිසය බලකායකට ලබා දෙන ලද නිල ඇදුම මෙයට දස වසරකට පෙර එල්ටීටීඊ සංවිධානයේ පොලීසියේ නිල ඇදුමම යැයි ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම ආණ්ඩුවට පක්ෂපාත ජනමාධ්‍ය ද චෝදනා කළේය.
 
8512 
 
'දෙරණ' නාලිකාවේ 'සන්ඩේ මෝර්නින්' පුවත්පත කීයේ එල්ටීටීඊ නිල ඇදුමින් යාපන නගරාධිපති පොලීසියක් සදා ඇතැයි කියාය.
 
 
මෙම අත්අඩංඟුවට ගැනීමට කිසිදු නීතිමය පදනමක් නොතිබුන අතර එහෙයින් ඊට එරෙහිව දෙස් විදෙස් විරෝධතා පැන නැගුණි. 
 
 ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනියද ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කනස්සල්ල පලකර තිබිණ.
 
 
 
 
ඩග්ලස් දේවානන්දාගේ මැදිහත්වීම !
 
මේ අතර රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වන ඊපීඩීපී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින්, යාපන නගරාධිපතිට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු නොපවරනු ඇති බවත් ඔහුට සමාව දීමට ජනාධිපතිවරයා තීරනය කර ඇති බවත් කීවේය.
  
ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ පක්ෂයේ ජාතික සංවිධායක වන නමුත් මනිවන්නන් නගරාධිපති වුයේ නගර සභාවේ වැඩි  බලය ඇති දෙමළ ජාතික සංන්ධානයට විරුද්ධව ඩග්ලස් දේවානන්දාගේ පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ඇතිවය.
 
 Eyvpd0NUUAA yEn
ආණ්ඩුවේ 'තිනකරන්' පුවත්පත දේවානන්දාගේ ප්‍රකාශය පළ කළේය.
 
 
  
දේවානන්නදාගේ ප්‍රකාශය පෙන්වන්නේ ඔහු මනිවන්නන් අත්අඩංඟුවට ගැනීම ගැන ජනාධිපති රාජපක්ෂ සමඟ සාකච්ජා කළ බවත්, ඒ අනුව ඔහුට සාමාන්‍ය නීතිය යටතේ ඇප ලබාදීමට තීරණය කළ බවත්ය. 
 
වෙනත් වචනයෙන් කියන්නේ නම් පොලීසිය සහ අධිකරණය ජනධිපතිවරයාට අවශ්‍ය පරිදි කටයුතු කරන්නේද යන ප්‍රශ්ණය දැන් මතුව තිබේ.
 
පොලිසිය සහ අධිකරණය හරියටම ඩග්ලස් දේවාන්නදාගේ අනාවැකිය නිවැරදි බව සනාථ කරමින් සාමාන්‍ය නීතිය යටතේ මනිවන්න්නට ඇප ලබා දුන්නේය. 
 
ඊළඟ නඩු දිනය ජූනි මාසයේය. 
 
මනිවන්නන් ජනමාධයට ප්‍රකාශ කර ඇත්තේ එම නිල ඇදුම් වෙනස් කරන්නටයැයි තමාට නියෝගයක් ලැබී නැති බවත් එම නිල ඇදුම් සකස් කරන ලද්දේ කොළඹ මහ නගර සභා නිල ඇදුමට සමානව බවත්ය.
 
 
විග්නේශ්වරන්ගේ නිවේදනය ! 
 
CVVමේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති උතුරු පළාත් හිටපු මහ ඇමැති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී  විග්නේශ්වරන් පවසන්නේ, දේවානන්දාගේ ප්‍රකාශය පොලීසිය සහ අධිකරණය ජනාධිපතිවරයගේ කැමැත්ත අනුව ක්‍රියාකරන බව පෙනෙන බැවින් ඒ පිළිබඳව පැහැදිළි කිරීමක් අවශ්‍ය බවයි.
 
 
 
(එම නිවේදනයේ සිංහල පරිවර්ථනයක් පහත දැක්වේ.
 
 
යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සිකුරාදා රාත්‍රියේ යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්ට ඇප ලබා දීමට පෙර ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබුණේ ජනාධිපතිවරයා මනිවානන්ට සමාව දීමට යන බවයි. 
 
ගරු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ,
 
 (i) මනිවාන්නන් ඇප මත මුදා හරින බවයි. 
 
(ii) ඔහුට සාමාන්‍ය නීතිය යටතේ නඩු පවරනු ලබන බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු නොකරන බවත්ය.
 
ගරු අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය, මේ රටේ උසාවි සහ පොලීසිය නාමික වශයෙන් පමණක් පවතින අතර ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ ආන්ඩුවේ අභිමතයන් හා මනාපයන් අනුව ක්‍රියාත්මකවන්නේද යන ප්‍රශ්ණය මතු කරයි. 
 
ගරු ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් පෙන්වන්නේ මනිවන්නන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දේශපාලන හේතූන් මත බවයි. 
 
මනිවානන්ට සමාව දීමට ජනාධිපතිවරයා එකඟ වූයේ නම් එයින් අදහස් වන්නේ මනිවාන්නන් යම් වරදක් කර ඇති බවයි. 
 
නමුත් මනිවාන්නන් කිසිදු වරදක් කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ ඔප්පු කර නොතිබුණි. එබැවින් මනිවානන්ට “සමාව දීමට” ජනාධිපතිවරයා එකඟ වූයේ කුමන පදනමකින්ද?
 
ගරු අමාත්‍යවරයා පැවසූ පරිදිම මනිවාන්නන් ඇත්ත වශයෙන්ම ඇප මත මුදා හැර ඇති අතර ඔහුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරූයේද නැත. 
 
නමුත් මට අසන්නට ලැබී ඇත්තේ පොලිසියේ සහ මනිවානන්ගේ නීතිඥයින්ගේ තර්ක යාපනය අධිකරණය හමුවේ විභාග වූ බවත් පසුව අධිකරණය විසින් ඇප ලබා දීමට පමණක් තීරණය කළේ ඉන්පසු බවත්ය.
 
මනිවාන්නන් උසාවියට ගෙන යාමට පෙර ගරු අමාත්‍ය දේවානන්ද ප්‍රකාශ කර තිබුනේ ජනාධිපතිවරයා සමාව දීමට එකඟ වී ඇති බවත්, මනිවාන්නන්ට ඇප ලබා දෙනු ඇති බවත්ය. 
 
ඔහු ප්‍රකාශයට එකඟව පොලිසිය කටයුතු කරනු ඇති බවත් ය. 
 
පොලිස් දෙපාර්තමේන්තුවට සහ උසාවියට කොතරම් දුරට නිදහස අහිමි වී ඇත්ද යන්න මෙම සිදුවීම විසින් පෙන්නුම් කරයි. අධිකරණය සහ පොලිස් දෙපාර්තමේන්තුවට අපහාස කිරීමක් ලෙස මෙම ප්‍රකාශය සහ සිදුවීම් අපට සැලකිය හැකිය.
 
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ගරු අමාත්‍ය දේවානන්ද ප්‍රකාශයක් නිකුත් කිරීම අත්‍යවශ්‍ය වේ. 
 
බලධාරීන්ගේ කැමැත්තට හා උමතුවට අනුව සාමාන්‍ය පුරවැසියන්ට හිරිහැර කිරීමට යන්නේ නම්, උසාවිවලින් ඇති ප්‍රයෝජනය කුමක්ද? අද මෙරට පොලිසිය යනු ජනතාවට සේවය කරන පොලිසියක්ද හෝ ජනාධිපතිගේ සේවකයෙක්ද?
 
මෙරට මහජනයාට මේ පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍යය.''
 
 
(උපුටා ගැනීම - srilankabrief.org)
 
සබැඳි පුවත් :
 
 
 

 

 

 


 

 

THE LEADER TV

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

 

 මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්