වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටුකළ භික්ෂූන් වහන්සේලා ද කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත මූලික කරගනිමින් දෙපිළ බෙදී ඇති බව උන්වහන්සේලාගේ
ප්‍රකාශවලින් තහවුරු වේ.
 
මෙම පනත් කෙටුම්පතට පක්ෂපාතිත්වය දක්වන සියලු දෙනා දේශද්‍රෝහීන් වන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ දැඩිලෙස මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. 
 
එසේම පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ඇතුළු භික්ෂූන් වහන්සේලා රැසක්ද මෙම පනත් කෙටුම්පතට විරුද්ධව ප්‍රසිද්ධියේ කරුණු දැක්වීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇත.
 
 
 
බැසිල් විරෝධී හිමිවරු මත දෙකක : අභයතිස්ස හිමි චීන පිලට !
 
මේ අතර 'ජාතික විද්වත් භික්ෂු සංසදය' මෙම පනත් කෙටුම්පතට පක්ෂව කරුණු ඉදිරිපත් කිරීමට පටන්ගෙන තිබේ.  
 
එම සංවිධානයේ කැදවුම්කරු මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසන්නේ, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ඉතා වටිනා අවස්ථාවක් බවයි.
 
 
 
 
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හා පූජ්‍ය ඇග්ලේ ගුණවංශ වැනි බැසිල් විරෝධී හිමිවරුන් මෙම පනතට විරුද්දව පෙනී සිටියදී, බැසිල් විරෝධියකු ලෙස සැලකෙන අබයතිස්ස හිමියන් ඊට පක්‍ෂව මතයක් ඉදිරිපත් කිරීම විශේෂය.
 
 
 
මෙම පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් සිදුනොවන බව මැදගොඩ අභයතිස්ස හිමියෝ අවධාරණය කරති.
 
උන්වහන්සේ සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව තුළ හිඳිමින් ඩොලර් ආදායම් උපදවා ගැනීමට හැකියාවක් ලැබෙනවා එය ඉතා හොඳ දෙයක් බවයි. වැඩිපුර ඩොලර් ලැබීම රටේ ආර්ථිකයට වඩා යහපත් දෙයක් බවද උන්වහන්සේ සඳහන් කළහ.
 
මෙම ව්‍යාපෘතිය මගින් අසූ දහසක් පමණ සෘජු රැකියා ප්‍රමාණයක් ඇති කළ හැකි යැයිද පැවසූ උන්වහන්සේ ඊට අමතරව වක්‍ර රැකියා අවස්ථා බොහොමයක් ඇති වන බවද කියා සිටියහ.
 
 
කෙසේ නමුත් මෙම යෝජිත කොමිෂන් සභාවට ද්විත්ව පුරවැසියන් හෝ විදේශිකයන් පත්වීම වැළකිය යුතු බව ද උන්වහන්සේ කියා සිටියහ.
 
මෙම වැදගත් ව්‍යාපෘතියට විරුද්ධ අය මෙහෙයවන්නේ කවුදැයි අවධානයෙන් සිටිය යුතු බව ද පැවසූ උන්වහන්සේ මීළඟට ලෝක බලවතා වීමට නියමිත චීනයට එරෙහිව ඉන්දියාව සහ ඇමරිකාව කටයුතු කරමින් සිටින බවද පැවසූහ.
 
 
 
 
 
 
පෝට් සිටි පනත හෙවත් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ සිය ෆේස්බුක් පිටුවේ දීර්ග සටහනක් පළකර ඇති සමාජ හා දේශපාලන විශ්ලේෂකයකු වන අජිත් පැරකුම් ජයසිංහ, ''වරාය නගර පනත යනු රාජපක්ෂවාදයේ මරලතෝනියයි.'' යයි අවධාරණය කර තිබේ.
 
ඔහුගේ එම ලිපියේ මෙසේද සඳහන් වේ.
 
''චීනය විසින් ශ්‍රී ලංකාවේ කරනු ලබන අත්පත් කරගැනීම්වල සුවිසල්භාවය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයක් ඇති නොකර සුපුරුදු සූරාකෑම පමණක් කරගෙන යාමට චීනයට බැරිවනු ඇත. චීනයට වරාය නගරය ලබාදීමෙන් පසුව පවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටුණහොත්, මේ වසර අවසානය වනවිට ගෝඨාභය රාජපක්ෂගේ සිංහල ජාතිවාදී ආණ්ඩුවට හා ඔවුන්ගේ සහායකයන්ට ද දැවැන්ත විරෝධයකට මුහුණදෙන්නට සිදුවනු ඇත. චීන අධිරාජ්‍ය විරෝධය එහි ප්‍රධාන කොටසක් වනු ඇත.
 
ඒ වන විට, ඉන්දියාව, එක්සත් ජනපදය හා යුරෝපය තම මූලෝපායන් කුමන ආකාරයෙන් හැඩගස්වාගෙන තිබේ ද යන්න ද ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් වැදගත් වනු ඇත.
 
 
 
අවසාන වශයෙන් කියන්නට තිබෙන්නේ වරාය නගරය සමග ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ද, රාජපක්ෂවාදය ද, සිංහල ජාතිවාදය ද මරණ මංචකයට වැටෙන බවයි.''

 

සබැඳි පුවත් :
 
 
 
 
 
 
 
 
THE LEADER TV 
 
 
 

අලුත් අවුරුද්දේ වඳුරු කතාව

 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්