ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව),

ඒකාබද්ධයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග ද්විපාර්ශ්වීය ගිවිසුම් ගතවීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙසෙන කොළඹ විජේරාම නිවසේදී අද (26) සිදු කිරීමට නියමිතව තිබුන ද එම අවස්ථාව වර්ජනය කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කර තිබේ.

එම අවස්වථාට සහභාගි වන ලෙස පොදුජන පෙරමුණ ලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයන් ට ආරාධනා කර තිබු අතර ඊයේ (25) සවස රැස් වී මේ පිළිබඳව දීර්ග වශයෙන් සාකච්ඡා කර ඇති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අද පැවැත්වෙන පොහොට්ටුව හා කුඩා පක්ෂ අතර ගිවිසුම් ගත වීමේ අවස්ථාවට සහභාගිවීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබේ.

එයට හේතුව ලෙස එකී පක්ෂ නායකයන් පවසන්නේ සියලු පක්ෂ ඒකරාශි කර පුළුල් සන්ධානයක් ගොඩනැගීම මග හැර පොදුජන පෙරමුණ තනි තනි පක්ෂ සමග වෙන වෙනම ගිවිසුම් ගතවීම තමන් ප්‍රතික්ෂේප කරන බව ය.

ඒ අනුව මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂ 8ක් මෙකී වර්ජනය සිදු කිරීමට තීරණය කර ඇත.

මීට අමතරව හිටපු අමාත්‍ය ඒ. එල්. එම්. අතාවුල්ලා සහ ප්‍රභා ගනේෂන් යන මහතුන්ගේ පක්ෂ ද මෙම අවස්තාවට සහභාගි නොවී සිටීමට තීරණය කර තිබේ.

 

විමල් - උදය නැතත් බැසිල් තනිවම වැඩ !

ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කිරීම සහ තිරසාර වැඩපිළිවෙලක් සදහා වූ ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සෙසු දේශපාලන පක්ෂ සාකච්ඡා ආරම්භ කොට ඇත.

ඒ අනුව ඊයේ (25) පෙරවරුවේ ඊ. පී. ඩී. පී පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ යන පක්ෂ සමග නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදි සාකච්ඡා වට කිහිපයක් පැවැත්විනි.

විශේෂඥ කමිටු විසිහයක් යටතේ සහ ගම සමග පිළිසදරක් වැඩ පිළීවෙල යටතේ ගම් මට්ට්ටමෙන් රැස් කළ තොරතුරුත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව කටයුතු කරන දේශපාලන පක්ෂවල යෝජනාද ඇතුළත් කරමින් අනාගතයේදි ක්‍රියාත්මක කිරිමට නියමිත මෙම ජාතික ප්‍රතිපත්තිය සකස් කෙරෙයි.

baSIL 1

අදාල දේශපාලන පක්ෂවල යෝජනා සහ අදහස් ලිඛිතව ලබාදීමටත්, ප්‍රතිපත්ති සම්පාදක කමිටු සදහා නියෝජතයින් සහභාගි කරවීමටත් මෙහිදි එකගත්වය පළවිය.

එමෙන්ම රටට අහිතකර ගිවිසුම්, රාජ්‍ය දේපල පෞද්ගලීකරණය ඇතුලූ මාතෘභූමිය අභියෝගයට ලක්කරන තීන්දුවලට එරෙහිවත්, ජාතික ආරක්ෂාව තහවුරු කර සුරක්ෂිත රටක් බිහිකිරීම උදෙසාත් ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂ විරෝධී බලමුලූවක් ලෙස එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පක්ෂ නියෝජිතයින්ගේ දැඩි අවධානයට ලක්විය.

ඊ. පි. ඞී. පී පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා ඇතුලූ මහජන නියෝජිතයින් පිරිසක්ද, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඞීව්. ගුණසේකර ඇතුලූ පිරිසක්ද, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ජී. වී. ඩි. තිලකසිරි ඇතුලූ පිරිසක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, පක්ෂයේ ලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී සි. බී. රත්නායක ඇතුලූ පිරිසක් ද සහභාගි වූහ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්