ජූනි මස ඇනවුම සදහා නිකුත් කරන එල් පී ගෑස් සඳහා නව මිල අද (31) ප්‍රකාශයට පත් කල
අතර එම මිල ටොන් එකක් සඳහා ඇමරිකානු ඩොලර් 530 කී. 
 
මෙම මිල ගනන් තීරනය කරනු ලබන්නේ සව්දි ඇරම්කෝ ආයතනයයි.
 
මෙය පසුගිය මාසය (මැයි) ට වඩා 9% වැඩිවීමකි.
 
මේ අනුව දේශිය වෙළඳපොල තුල අලෙවි කරන සිලින්ඩරයක මිල රුපියල් 2100 ක් වත් විය යුතු බවට ගැස් අලෙවි කරන සමාගම් දෙකේම නියොජිතයින් අවධාරණය කර සිටිති.
 
 
 
 
ජනාධිපතිගේ ස්ථාවරය :
 
ලෝක වෙළඳපොල එල් පී ගෑස් මිල ඉහළයාමට සමාන්තරව දේශීය එල් පී ගෑස් සිලින්ඩරයක මිළ ඉහල දැමීමට අනුමැතිය ලබාදෙන ලෙස මෙරට ගෑස් සමාගම් දෙකේම නියෝජිතයින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ. 
 
ඒ අනුව පසුගියදා රජයේ අදාල නිලධාරීන් හා ලිට්රෝ - ලාෆ් ගෑස් සමාගම් දෙකේ නියෝජිතයින් කැඳවා ඇති ජනාධිපතිවරයා, ගෑස් සිලින්ඩරයක මිල වැඩි නොකොට සමාගම් දෙකට සහනයක් දෙන වැඩපිළිවෙලක් යෝජනා කරන්නැයි දැනුම් දී තිබේ. 
 
මෙම සාකච්ජාව සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආටිගල, ශ්‍රී ලංකා යෝජනා මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල, ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ සභාපතිවරුන් හා එම ආයතන දෙකෙහි සාමාන්‍යධිකාරිවරුන් දෙදෙනා මෙන්ම ලිට්රෝ ආයතනයේ සභාපති අනිල් කොස්වත්ත හා ලාෆ් සමාගමේ සභාපති W.K.H. වැගපිටිය සහභාගිවී තිබිණ. 
 
කිසිඳු ලෙසකින් ගෑස් මිළ වැඩිකිරීමට මේ මොහොතේ දී අනුමැතිය  දිය නොහැකි බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ.
 
එම අවස්ථාවේදී ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මෙසේ ගෑස් මිළ වැඩිවීමට බලපාන මුලික කාරණයක් වන නැව් ගාස්තු අවම කරගැනීමට යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත. 
 
ලාෆ් සමාගම සතු හම්බන්තොට ලාෆ් ටර්මිනලය, ලිට්රෝ සමාගම සමග හවුලේ  පවත්වාගෙනයාම සම්බන්ධ යෝජනාව ඉදිරිපත්ව ඇත්තේ එහිදීය. හම්බන්තොට ලාෆ් ටර්මිනල් සමාගමේ කොටස් ප්‍රමාණයක් ලිට්රෝ සමාගමට මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙහිදී අදහස් හුවමාරු වී ඇත. 
 
 
 
ගෑස් ගබඩා කිරීමේ පහසුකම් :
 
LAUGFS Terminals Hambanthota Image 01
ලාෆ් සමාගම සතු හම්බන්තොට ලාෆ් ටර්මිනලය
 
 
මෙරට පරිභෝජනය සඳහා මසකට එල් පී ගෑස් මෙට්‍රික් ටොන් 43,000 ක් පමණ අවශ්‍යවේ. එම අවශ්‍යතාවයෙන් මෙට්‍රික් ටොන් 32,000 ක් ලිට්රෝ සමාගම විසින් සපයන අතර ලාෆ් සමාගම විසින් සපයන්නේ මෙට්‍රික් ටොන් 11,000ක ප්‍රමාණයක් පමණි. 
 
කෙසේවුවද  ලිට්රෝ සමාගමට පහසුකම් ඇත්තේ ගෑස් මෙට්‍රික් ටොන් 8,000 ක් ගබඩා කිරීමේ පහසුකම් පමණි. එහෙත් ලාෆ් සමාගම සතු හම්බන්තොට ලාෆ් ටර්මිනලයේ එල් පී ගෑස් මෙට්‍රික් ටොන් 31,000ක් ගබඩා කිරීමේ පහසුකම් ඇත. 
 
ගබඩා කිරීමේ අර්බුදය නිසා ලිට්රෝ සමාගම ගෑස් ආනයනය කරන්නේ කුඩා නෞකා වලින් සුළු ප්‍රමාන වශයෙනි. එහිදී නව ගාස්තු වශයෙන් වැයකරන මුදල විශාලය . 
 
ඊට විසඳුමක් ලෙස නැව් ගෑස් ටර්මිනලයක් ඉදිකිරීමට ලිට්රෝ සමාගම යෝජනා කර ඇතත් ඒ සඳහා රුපියල් බිලියන 20කට වැඩි මුදලක් ආයෝජනය කිරීමට සිදුවීමත් ඉඳිකිරීම් කටයුතු සඳහා වසර 3කට වැඩි කාලයක් ගතවන නිසාත් එය ප්‍රයෝගික විසඳුමක් නොවන බව මුදල් අමාත්‍යංශයේ නිගමනය වී ඇත. 
 
ලාෆ් සමාගම සතු හම්බන්තොට ලාෆ් ටර්මිනලය ලිට්රෝ සමාගම සමග හවුලේ යොදාගැනීමේ යෝජනාව සලකා බලමින් පවතින්නේ මෙම තත්වය තුලය.
 
කෙසේවුවද එවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමෙන් නැව් ගාස්තු යම් පමණකට අඩුකර ගැනීමේ හැකියාවක් ඇතත් 
තම සමාගම් මේවනවිට පාඩුපිට ගෑස් අලෙවි කිරීමෙන් ලබන දැවැන්ත පාඩුව පියවා ගැනීමේ හැකියාවක් නොමැති බව ලිට්රෝ හා ලාෆ් සමාගම් දෙකෙහිම නියෝජිතයින් අවධාරණය කර සිටිති.
 

 

 


 

THE LEADER TV 
 
 
එන්නත් විජ්ජාවෙන් මහනුවර වැසියන් මරණිය අනතුරකට !
 

 
 
බැසිල් චීනෙට ගිහින් ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image