බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල
ඉහළ දැම්ම සම්බන්ධයෙන් 'පොහොට්ටු' පක්ෂයේ නායකයින්ගේ විරෝධය පළවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අද එම පක්ෂය විසින් මාධ්‍ය හමුවක් කැඳවා එම විරෝධය ප්‍රකාශකිරීමට නියමිත බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
 
'පොහොට්ටු' පක්ෂයේ ප්‍රබලයකු 'ද ලීඩර්' වෙත පැවසුයේ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල එවැනි තීරණයක් ගෙන ඇත්තේ කැබිනට් මණ්ඩලය හෝ ආණ්ඩුවේ ආර්ථික කටයුතු බාර වගකිවයුත්තන් ගේ විමසීමකින් තොරව බවයි.
 
කෙසේවුවද බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සිය අමාත්‍යාංශයේදී ඊයේ(11) පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ, ඉන්ධන මිල සංශෝධනය කිරීමට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව තීරණය කර ඇති බවයි.
 
'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ හා එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හා විමල් - ගම්මන්පිල - වාසුදේව ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 ක් අතර පවතින ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම මේවනවිට උත්සන්න වෙමින් පවතින බවත් ඉන්දන මිළ ඉහල දැමීමට 'පොහොට්ටුව' දක්වන විරෝධය එහි සන්ධිස්ථානයක් වියහැකි බවත් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු පැවසිය.
 
කෙසේවුවද ඊයේ (11) මධ්‍යම රාත්‍රී 12 සිට ඉන්ධන මිල වැඩි කිරීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර ඇත.
 
ඒ අනුව, ‍ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්  ලීටරයක මිල රුපියල් 20කින් වැඩි කර තිබේ. එහි නව මිල රුපියල් 157කි.
 
ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් රුපියල් 111 දක්වා වැඩිකර තිබේ.
 
අනෙකුත් ඉන්ධන මිල වැඩි කර ඇති ආකාරය මෙසේය.
 
ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23කින්ද ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින්ද ඉහළ දමා තිබේ. 
 
එම මිල ඉහළ දැමීම් අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 184 දක්වාත් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 157 දක්වාත් ඉහළ යනු ඇත.
 
එමෙන්ම සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12කින්ද සාමාන්‍ය ඩීසල් ලීටරයක් රුපියල් 7කින්ද ඉහළ දමා තිබේ. එම මිල ඉහළ දැමීම් අනුව සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 144 දක්වාත් සාමාන්‍ය ඩීසල් ලීටරයක් රුපියල් 111 දක්වාත් ඉහළ යනු ඇත.
 
එමෙන්ම භූම්තෙල් ලීටරයක් රුපියල් 07කින් ඉහළ දමා තිබේ. ඒ අනුව භූමිතෙල් ලීටරයක් රුපියල් 77 දක්වා ඉහළ යනු ඇත.
 
OIL Price
 
ඉන්දන මිළ ඉහල දැමීම ගැන දැනුම්දීමට කැඳවා තිබු මාධ්‍ය හමුවේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුයේ, ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ යද්දීත් ආණ්ඩුව මාස 21කට අධික කාලයක් මිල සංශෝධනය නොකර සිටියේ ජීවන වියදම ඉහළ යාම හා ආදායම් අහිමිවීම හේතුවෙන් ජනතාව අතිශය දුෂ්කර තත්වයක සිටින බව දන්නා නිසා බවයි.
 
නමුත් තවදුරටත් එම දැවැන්ත අලාභය දරාගැනීමේ හැකියාවක් ආණ්ඩුවට නැතැයි ඇමති ගම්මන්පිල සඳහන් කළේය.
 
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන විට මෙතරම් දිගු කලක් මිල වැඩි නොකර සිටි යුගයක් ඉතිහාසයේ කවදාවත්ම නොතිබුණු බව ද ඇමතිවරයා පැවසීය.
 
වියදමට වඩා අඩු මිලකට ඉන්ධන විකිණීම නිසා 2020 වන විට ඛනිජතෙල් සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 331ක් හෙවත් රුපියල් කෝටි 33,100ක් වී ඇතැයි කී ඇමතිවරයා, ඒ හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ණය ගෙවා ගත නොහැකි බංකොලොත් ආයතනයක් බවට පත් වී තිබෙන බව ද කීවේය.
 
ඉන්ධන සඳහා වසරකට ඩොලර් බිලියන තුනක් හෙවත් රුපියල් කෝටි 300ක් වැයවන බවත්, පවතින විදේශ විනිමය අර්බුදය මැද එම මුදල වැය කිරීම ද අභියෝගයක් බවත් ගම්මන්පිල ප්‍රකාශ කළේය.
 
 
 
''ලෝක වෙළඳපොලේ මිළ අඩුවෙද්දී ඒ සහනය ජනතාවට දුන්නේ නැහැ.''
 
මෙම මිළ වැඩි කිරීම සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව සමයේ මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'ද ලීඩර්' වෙත පැවසුවේ,  කෝවිඩ් ආරම්භක අවස්ථාවේදී එනම් 2020 අප්‍රේල් වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිළ ඇමරිකානු ඩොලර් 26 දක්වා පහත වැටුනද, එහි වාසිය ජනතාවට ලබානොදුන් වත්මන් ආණ්ඩුව ඒ කෙටි කාලය තුල දී ජනතාව හිමිවිය යුතුව තිබු ඇමරිකානු ඩොලර් බිලියන 2ක ලාබය ජනතාවට ලබා නොදී ගසා කෑ බවයි.
 
යහපාලන ආණ්ඩුවේ මිළ සුත්‍රය ක්‍රියාත්මක වුයේ නම් ඒ වාසිය ජනතාව හිමිවන බව ද ඔහු වැඩිදුරටත් පැවසිය.
 
නමුත් මාස 3ක් වැනි කෙටි කාලයක් තුළදී ජාත්‍යන්තර වෙළඳපොලේ බොරතෙල් මිළ ඩොලර් 63 සිට 70 දක්වා ඉහලගොස් තිබේ.
 
 ghdfghg
 
 
 
THE LEADER TV 
 
 

 

සතොස අරක්කු පැන්නුවේ ලොක්කාගෙ පාටියට? 

 

වෙන්න ජනාධිපති නාමල් - අගමැති විමල් ?

 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්