කෝවිඩ් 19 හමුවේ ලෝක වෙළඳපොලේ ඉන්දන මිල කඩා වැටීමෙන් ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සංස්ථාව ලැබූ
ඇමරිකානු ඩොලර් බිලියන 2ක අසන්න ලාභයෙන් ජනතාවට කිසිඳු සහනයක් ලබාදී නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය. 
 
එම ලාභය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 400කට ආසන්නය. 
 
 තම අනන්‍යතාවය හෙළිනොකරන්නැයි ඉල්ලා සිටිමින් තව දුරටත් කරුණු පැහැදිලි කළ එම නිලධාරියා පැවසුයේ, වත්මන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වූ අවස්ථාවේදී තමන්ගේ ජාවාරම්කරුවන්ට බදු සහන ලබාදෙමින් අහිමිකරගත් මුදල, ඉන්දන වලින් ලැබූ ලාබයෙන් සමනය කරගැනීමට කටයුතු කල බවයි. 
 
කෝවිඩ් ආරම්භක අවස්ථාවේදී එනම් 2020 අප්‍රේල් වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිළ ඇමරිකානු ඩොලර් 26 දක්වා පහත වැටුනද, එහි වාසිය ජනතාවට ලබානොදුන් වත්මන් ආණ්ඩුව ඒ කෙටි කාලය තුල දී ජනතාව හිමිවිය යුතුව තිබු ඇමරිකානු ඩොලර් බිලියන 2ක ලාබය ජනතාවට ලබා නොදී ගසා කෑ බවයි.
 
එම මුල්‍ය විශේෂඥයා පැවසු පරිදි, වත්මන් ආණ්ඩුව පාලන බලය ලබාගන්න අවස්ථාවේ දී එනම් 2019 නොවැම්බර් මාසය වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක බ්‍රෙන්ට් මිළ ඇමරිකානු ඩොලර් 62.49කි.
 
එතැන් පටන් දිගින් දිගටම ලෝක වෙළඳපොලේ ඉන්දන මිළ අඩුව ගොස් 2020 අප්‍රේල් වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක බ්‍රෙන්ට් මිළ ඇමරිකානු ඩොලර් 26.46 දක්වා පහත වැටිණ.
 
නමුත් එම අවස්ථාවේ දී ඛනිජ තෙල් සංස්ථාව තෙල් ආනයනය කර ඇත්තේ ඊටත් වඩා අඩු මිලකටය. එනම්, බැරලයක් ඇමරිකානු ඩොලර් 19.56 කටය. 
 
බහුතර ජනතාවක් විසින් යහපාලන ආණ්ඩුව බලයෙන් පහකරන අවස්ථාව වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිළ එම ප්‍රමාණයටම යළිත් වැඩිවී ඇත්තේ 2021 මාර්තු මාසයේදීය. එනම් ඇමරිකානු ඩොලර් 65.89ක් ලෙසයි.
 
අප වෙත මෙම සංඛ්‍යා හා දත්ත ඉදිරිපත්කළ මහ බැංකුවේ හිටපු ආර්ථික විශේෂඥයා පැවසුයේ, ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා ප්‍රකාශයට පත්කරන ආර්ථික දත්ත වලින් මෙම කාරනා පැහැදිලිව අනාවරණය කරගත හැකි බවයි.
 
මෙම  දත්ත අනුව, වත්මන් ආණ්ඩුව පසුගිය වසර එකහාමාර තුළ ඉන්දන වලින් අත්පත්කර ගත් සුවිශේෂී ආර්ථික වාසිය ඇමරිකානු ඩොලර් බිලියන 2 කවන අතර එම දැවැන්ත ලාභයෙන් අංශු මාත්‍රයක සහනයක් හෝ ජනතාවට ලබාදී නොමැත.
  
යහපාලන ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ මිළ සුත්‍රය ක්‍රියාත්මක වුයේ නම්, ජනතාවට පසුගිය මස කිහිපයේ දී ඉන්දන ලීටරයකින් අවම වශයෙන් රුපියල් 25ක සහනයක් ලබාදීමට හැකියාව තිබිණ.
 
  Mangala post 2
Mangala post 1
 
 
සබැඳි පුවත් :
 

 


 

 
THE LEADER TV 
 
 

 

මැති ඇමති සැප වාහන වෙන්දේසියේ විකුණයි! 

 

සතොස අරක්කු පැන්නුවේ ලොක්කාගෙ පාටියට? 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image