ජන ජීවිතය ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව තිබෙන අවස්ථාවක ඉන්ධන මිල ඉහල දමා ඔවුන් තවත් පීඩාවට පත් කිරීම සම්න්ධයෙන් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල වගකිව යුතු බවට ශ්‍රී ලංකා පොදුජන
පෙරමුණේ මහ ලේකම්වරයා විසින් නිකුත්කර ඇති නිවේදනය තුළින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද බලවත් අසීරුතාවයකට පත්ව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ඝෘජුව වගකිවයුතු බවත් මෙවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසින් අද (12) පස්වරුවේ එම නිවේදනය නිකුත්කර තිබිණ.
 
 
ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව :
 
 
කෙසේවුවද බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසන්නේ, ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව තෙල් මිල වැඩිකිරීමට අනුමැතිය දුන් බවයි. 
 
ජනපති, අගමැති (මුදල් ඇමති), වෙළද ඇමති, කෘෂිකර්ම ඇමති, ව්‍යාපාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති (නිවාඩ් කබ්රාල්) හා පාරිභෝගික සේවා රාජ්‍ය ඇමති (ලසන්ත අලගියවන්න) ජීවන වියදම් කමිටුවේ නිල සාමාජිකයින් වේ.
 
මුදල් අමාත්‍යංශයේ ආරංචිමාර්ග පවසන්නේ, ඉන්දන මිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ජූනි 9 දා කැඳවා තිබු ජීවන වියදම් රැස්වීමට විශේෂ ආරාධිතයින් ලෙස ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල හා නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් මෙන්ම ජනාධිපති ලේකම් ආචාර්ය පි. බී ජයසුන්දර,  අගමැති ලේකම් ගාමීණි සෙනරත් සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් සජීත් ආටිගල යන  රජයේ ජේෂ්ඨ නිලධාරින් තිදෙනාද සහභාගී විය.
 
 
 
එහිදී ඉන්දන මිල ඉහල දැමීමට ගත් තීරණයට ජීවන වියදම් කමිටුවේ සියලු දෙනාගේ එකඟත්වය හිමිව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් ලේඛනයට මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ අගමැතිවරයා අත්සන් කළ  බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි. 
 
 
ඒ කිසිත් නොදැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නිකුත්කළ නිවේදනය මගින් ජනාධිපතිවරයාට මෙන්ම මිල ගණන් ඉහල දැමීමේ ලිපියට අත්සන් කළ අගමැතිවරයා බලවත් අසීරුතාවයකට පත්කර ඇතයි ආණ්ඩුවේ පාර්ශ්වයන් වෙතින් ම චෝදනා එල්ලවෙමින් තිබේ.
 
 
 
199200598 2831490747101927 6888487341684205135 n
 මුදල් රාජ්‍ය ඇමැති කියන කතාව :
 
 
මේ අතර ජීවන වියදම් කමිටුවේ සාමාජික මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ, ඉන්ධන මිල සංශෝධනය කළේ රටේ මූල්‍ය ස්ථාවරත්වයට බලපෑමක් ඇතිවීම වැළැක්වීම සඳහා බවයි. 
 
ශ්‍රී ලංකා මහ බැංකුව ඒ අවදානම රජයට පෙන්වා දුන් බවද ඔහු සඳහන් කළේය .
 
කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල ඉන්ධන මිල පවතින්නේ ශ්‍රී ලංකාවට වඩා ඉහළින් යැයි පැවසූ කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයා, තෙල් නිෂ්පාදනය කරන ඉන්දුනීසියාවේ ඉන්ධන මිල ක්‍රියාත්මක වන්නේද මෙරටට වඩා ඉතාම පොඩි ප්‍රමාණයක අඩු මට්ටමකින් පමණක් බව කියා සිටියේය.
 
යම් හෙයකින් ලෝකයේ තෙල් මිල පහළ වැටුණහොත් එම මුදල මිල ස්ථායිකරණ අරමුදලට බැර කළ හැකි බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිර්දේශ කර ඇති බවත් රටේ මිල ස්ථායිකරණය සඳහා විශේෂ අරමුදලක් ඉදිරියේදී පිහිටුවීමට කටයුතු කරන බවත් අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළේය.
 
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා ඇති පාඩුව බැංකුවලට මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවටද යම් ආකාරයකට බලපෑම් ඇති කර ඇතැයි කී මුදල් රාජ්‍ය ඇමතිවරයා එසේම රටේ ණය අනුපාතයටද එම තත්ත්වය බරපතළ ගැටලුවක්වී ඇතැයි පැවසුවේය .
 
 
 
සබැඳි පුවත් :
 
 
 

 


 
THE LEADER TV 

 

 


මැති ඇමති සැප වාහන වෙන්දේසියේ විකුණයි! 

   

 


සතොස අරක්කු පැන්නුවේ ලොක්කාගෙ පාටියට? 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්