බැසිල් රාජපක්ෂ සිටියේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට කිසිඳු ලෙසකින් ඉඩ නොදෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා අවධාරණය කර සිටියි.
 
 
එහෙයින්, ඉන්ධන මිල අඩු කිරීම සඳහා මැදිහත් වන්නැයි බලශක්ති අමාත්‍යතුමා ගෙන් ඉල්ලා සිටින බව ඔහු කියා සිටියි.
 
එමෙන්ම ජනාධිපති අගමැති ඇතුළු ජීවන වියදම් කමිටුවද මේ සඳහා අවධානය යොමු කළ යුතුව ඇතැයි ද  රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසයි.
 
එසේ නොවුණහොත් සංචරණ සීමා අවසන් වූ පසු ජනතාව ආණ්ඩුවට විරුද්ධ වූ උද්ඝෝෂණය කරනු ඇතැයිද ඔහු අනතුරු අඟවා සිටියි. 
 
 
 
 
කෙසේවුවද උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඊයේ (13) මාධ්‍ය හමුවක් කැඳවා කියා සිටියේ, ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීන්දුව ගත්තේ ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුව විසින් බවයි. තමා කළේ එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම බවත් ඔහු සඳහන් කළේය.
 
මිල වැඩිකිරීමේ තීන්දුව ගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මුලසුන ගත් ජීවන වියදම් කමිටුව විසින් බව කී ඇමතිවරයා, එයට මුදල් ඇමතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂගේ එකඟතාව ලැබුන බව කියයි.
 
 
උදය වෙනුවෙන් ජනපති උත්තර බඳී 
 
 
ජනාධිපති මාධ්‍ය අංශය විසින්ද ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සනාථ කලේය.
 
පසුගිය මාස කිහිපය තුළ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල අඛණ්ඩව ඉහළ යාම තුළ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුවේ දී අවධානය යොමුකරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය සිය නිවේදනය මගින් පෙන්වා දී තිබිණ. 
 
 
 
සබැඳි පුවත් 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
##########
 
THE LEADER TV 
බැසිල්ට ගෙදර නවතින්නම ප්‍රහාරයක්!
 
 
ස'ගෙ වියත්මගත් නාමල්ට...? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්