වසංගත සමයේ පාසල් සිසුන්ට මාර්ගගත ක්‍රමවේදය හරහා ඉගැන්වීම සාර්ථක වී නොමැති බව රජයේ සංඛ්‍යාලේඛන වලින්ම හෙලි වී ඇත.
 
 
දිවයිනේ ප්‍රමුඛතම ගුරු වෘත්තිය සමිතියක් පෙන්වා දෙන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ ම දත්තවලට අනුව දිවයිනේ පාසල් 2000 කට වැඩි ප්‍රමාණයක් පවතින ප්‍රදේවලට අන්තර්ජාල ආවරණ නොමැති බව තහවුරු කරගෙන තිබේ.
 
මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ කෝවිඩ් 19 වසංගත තත්වය මත බිඳවැටී ඇති පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාමට සිදුකරනු ලබන අසාර්ථක online  අධ්‍යාපනය වෙනුවට විකල්ප වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සහ ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු-විදුහල්පති වෘත්තීය සමිති පැවැත්වු සාකච්ඡාවකදීය.
 
අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ජුනි 11 වැනි දින එම සාකච්ඡාව පවත්වා තිබේ.
 
 
ලංකා ගුරු සංගමය පෙන්වා දෙන පරිදි  2020.03.12 දින කෝවිඩ්  19 වසංගත තත්වය මත මුලින්ම පාසල් වැසීමෙන් අනතුරුව වසරකුත් මාස 3 කට පසු විකල්ප අධ්‍යාපන ක්‍රියාවලියක් පිළිබඳව  වෘත්තීය සමිති සමග රාජ්‍ය බලධාරීන්  සාකච්ඡාවක් පැවැත්වු පළමු අවස්ථාව මෙයයි.
 
 
"වසරකට වැඩි කාලයක් අති බහුතරයක් ළමුන්ට අධ්‍යාපන අවස්ථා අහිමි වී තිබියදී මේ සම්බන්ධයෙන් විකල්ප අධ්‍යාපන ක්‍රියාවලියක් පිළිබඳව සාකච්ඡා ප්‍රමාදවීම පිළිබඳව ද පෙන්වා දෙන ලදී. "
 
පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාම වෙනුවෙන් දැනට සිදු කරන online අධ්‍යාපනයේ අසාර්ථක භාවය වෘත්තීය සමිති විසින් පෙන්වා දුන් අතර, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ද එය පිළිගත් බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ.
 
 
"අධ්‍යාපන අමාත්‍යාංශයේ ම දත්තවලට අනුව දිවයිනේ පාසල් 2000 කට වැඩි ප්‍රමාණයක් පවතින ප්‍රදේවලට අන්තර්ජාල ආවරණ නොමැති බව තහවුරු කරගෙන ඇත. එසේම ශ්‍රී  ලංකාව තුළ පරිගණක සාක්ෂරතාවය පවතින්නේ 23% ක් වැනි අඩු ප්‍රතිශතයකට බවත්, වතුකර ප්‍රදේශවලදී එය 12% ක් තරම් අවම මට්ටමක් බවත් මෙහිදී අවධානයට ගන්නා ලදී."  
online  අධ්‍යාපනය, බිඳවැටුණු පාසල් අධ්‍යාපනයට එකම විකල්පය ලෙස පැවතීම තුළින් විශාල පිරිසකට අධ්‍යාපනය අහිමි වී ඇති බවත්, ඔවුන්ට අධ්‍යාපනය ලැබී ඇත්තේ 2020 සහ 2021 වසරවලදී පාසල් පැවැත්වූ සීමිත දින ගණන තුළ දී බවත් වෘත්තීය සමිති විසින් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමම්ජයන්ත ට  පෙන්වා දී තිබේ.
 
 
රූපවාහිනී පන්ති කාමර 
 
 z p10 Gurugedera
 
ලංකා ගුරු සංගමය පවසන්නේ මෙම තත්වයට විකල්පය ලෙස රූපවාහිනී වැඩසටහන් සකස්කර ඊට අදාළ ඉගෙනුම් කට්ටලයක් ද සිසුන්ට ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.
 
"එහිදී ලංකා ගුරු සංගමයේ නියෝජිතයින් පෙන්වා දෙනු ලැබුවේ දැනට සිදුකරනු ලබන online  ඉගැන්වීම් එම රූපවාහිනී වැඩසටහන් පවතින වේලාවලදී නොකළ යුතු බවත්, රූපවාහිනිය මගින් අධ්‍යාපන වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී පවතින පන්තිකාමර ඉගැන්වීම් රටාවෙන් පරිබාහිරව ප්‍රාසාංගිකව වැඩසටහන් සැකසීමට රූපවාහීනී අධ්‍යාපන වැඩසටහන් නිෂ්පාදකයන්ගේ සහ ඒ සම්බන්ධයෙන් නිපුණතාවයක් ඇති අය සමග සාකච්ඡා කර එම වැඩසටහන් සිසුන්ට ආකර්ශනීය වන ලෙස සකක් කළ යුතු බවත්ය."
 
එසේම සිසුන්ගේ මානසික ආතතිය අවම කිරීම සඳහා ද සිසුන්ට සහභාගි විය හැකි විවිධ වැඩසටහන් රූපවාහිනිය ඔස්සේ ඉදිරිපත් කළ යුතු බව ද අමාත්‍යවරයාට පෙන්වා දුන් බව ජෝසප් ස්ටාලින් පවසයි.
 
 
මේ වන විට දුරස්ථ අධ්‍යාපනය සම්න්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ කටයුතු සිදුකරන්නේ එහි තොරතුරු හා තාක්ෂණ ඒකකය විසින් වන අතර  එය කළ යුත්තේ තොරතුරු තාක්ෂණය අංශය නොව අධ්‍යාපන තාක්ෂණය සම්බන්ධ දැනුම ඇති අය විසින් බවත් වෘත්තීය සමිති නායකයන් රාජ්‍ය අමාත්‍යවරයාට අවධාරණය කර තිබේ.
 
 
අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන අධ්‍යාපන තාක්ෂණය විෂයක් ලෙස හැදෑරූ නිලධාරීන්ගෙන් සමන්විත අධ්‍යාපන තාක්ෂණ අංශයක් ස්ථාපිත කර ඒ මගින් දුරස්ථ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සිදු කළ යුතු බව පෙන්වා දුන් අතර, අමාත්‍යවරයා ද ඒ සම්බන්ධයන් එකඟතාවය පළ කළ බවයි ලංකා ගුරු සංගමය වැඩි දුරටත් පවසන්නේ.
 
 
‘ෆයිබර් ඔප්ටික්’ තාක්ෂණය
 
 
බිඳවැටුණු පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාම සඳහා ‘ෆයිබර් ඔප්ටික්’ තාක්ෂණය සිසුන්ට ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව  අමාත්‍යවරයා එහිදී සදහන් කර තිබේ.
 
වෘත්තීය සමිති යෝජනා කර ඇත්තේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට පෙනී සිටීමට නියමිත ලක්ෂ 8 ක් පමණ වන පිරිසගෙන් හඳුනාගත් පහසුකම් නොමැති සිසුන්ටවත් ආරම්භයක් ලෙස දුරස්ථ ඉගෙනුම් සම්පත් කඩිනමින් ලබාදෙන ලෙසයි.
 
එසේම පවතින තත්වය තුළ සුදුසු පරිදි විෂයමාලා සංශෝධනයක් සිදුකළ යුතු බව ද ගුරු වෘත්තිය සමිති විසින් පෙන්වා දී ඇති අතර බිඳවැටී ඇති පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාමට අදාළව නව කැබිනට් පත්‍රිකාවක්  ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් තිබෙන බව සුසිල් ප්‍රේමජයන්ත  අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.
 
 
 
##########
 
THE LEADER TV 
බැසිල්ට ගෙදර නවතින්නම ප්‍රහාරයක්!
 
 
ස'ගෙ වියත්මගත් නාමල්ට...? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්