රටේ ජනතාව පීඩාවට පත් කරමින්  ඉහළ දැමු  ඉන්ධන මිල වහා අඩු කරන ලෙස වැඩ කරන ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිති ආණ්ඩුවට බල කර සිටි.
 
මාරාන්තික වසංගත තත්වය තුළ බඩුමිල කිහිප ගුණයකින් වැඩි වී තිබියදී එදාවේලවත් පිරිමසා ගත නොහැකිව සිටින ජනතාවට මෙසේ තෙල් මිල ද ඉහළ දැමීම සැලසුම් සහගතව සිදුකළ මරු පහරක් බවයි 'වැඩ කරන ජන බලය' සංවිධානය පවසන්නේ.
 
"කෝවිඩ් 19 තත්වය මත සංචරණ සීමා පනවා තිබියදී තම දෛනික රැකියාවන් හෝ ආදායම් මාර්ගවල නිරත වීමට නොහැකිව සිටින අඩු ආදයම් ලාභී ජනතාවට කිසිදු හව්හරණයක් නොතිබියදී මේ ආකාරයෙන් තෙල් මිල ද ඉහළ දැමීම තුළ සිදුවන්නේ තවදුරටත් වැඩිවන බඩු මිල ඉදිරියේ බඩගින්නේ සිටීමටය."
 
ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාගේ ආරක්ෂාවට ජනාධිපතිවරයා ඇතුළු ඇමැතිවරුන් සමූහයක් ඉදිරිපත් වී සිටියදී එමගින් කම්කරු පිරිස් අනාරක්ෂිත භාවයට පත්ව ඇති අයුරු වෘත්තීය සමිති එකතුව පෙන්වා දී තිබේ.
 
 
භූමිතෙල් මිල ද රුපියල් හතකින්  ඉහළ දැමීම තුළ භූමිතෙල් භාවිතයේ යෙදෙන වතු සහ ධීවර ජනතාව දැඩි පීඩාවකට පත්වන බව 'වැඩ කරන ජන බලය' රජයට අවධාරණය කරයි.
 
වෘත්තිය සමිති නායකයන් පෙන්වා දෙන්නේ සමස්ත වැඩකරන පන්තියෙන් බහුතරයක් තම  ප්‍රවාහන මාධ්‍ය ලෙස භාවිතා කරනුයේ මෝටර් සයිකල්, ත්‍රීවිලර් වැනි වාහන බවයි.
 
පෙට්‍රල්  ලීටරයක මිල රුපියල් විස්සකින් වැඩි කිරීම තුළ එය වැඩකරන පන්තියේ බහුතරයකට ඍජුවම බලපාන අතර, සමස්තයක් ලෙස ජනතාවගේ ජීවන බර කිහිප ගුණයකින් ඉහළ යාම මෙම ඉන්ධන මිල ඉහළ යාම තුළ වැලැක්විය නොහැකි බව වැඩ කරන ජන බලය තව දුරටත් පෙන්වා දෙයි.
 
"මේ තත්වය තුළ මෙම ඉන්ධන මිල ඉහළ යාම දැඩිව බලපානුයේ මෙරට වැඩකරන ජනතාවටය."
කෝවිඩ් 19 වසංගතය තුළ පීඩාවට පත් තම රටවල ජනතාවට අනෙකුත් සෑම රටකම ආණ්ඩු විසින් විවිධ සහන සලසමින් තිබියදී ලංකාවේ වත්මන් ආණ්ඩුව මේ ආකාරයෙන් ජනතාවට පීඩනයට පත් කිරීම තුළින් පැහැදිලි වන්නේ රටේ ජනතාවගේ ජීවත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවට "වගේ වගක්" නොමැති වීම බවයි වැඩ කරන ජන බලය පවසන්නේ.
 
 
ජනතාව නොමග යවා ජනතා විරෝධය ද හකුලා දැමීමට:
 
 
තෙල් මිල වැඩි කිරීමට එරෙහිව නැගෙන හඬ යටපත් කිරීමට ජනතාව නොමග යවන සුළු  ආණ්ඩුවේ උත්සාහයන්ද වෘත්තිය සමිති නායකයන්ගේ දෝෂ දර්ශනයට ලක් වී තිබේ.
 
"තෙල් මිල වැඩි කළා පමණක් නොව ආණ්ඩුවේම මැති ඇමතිවරුන්ගෙන් සමන්විත ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණ විසින් තෙල්මිල වැඩිකිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බව ප්‍රකාශ කිරීම තුළින් පෙන්නුම් කරන්නේ තවදුරටත් ජනතාව නොමග යවා ජනතා විරෝධය ද හකුලා දැමීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවයි.  උදය ගම්මන්පිල පමණක් නොව සමස්ත ආණ්ඩුවම ජනතාවට එල්ල කළ මෙම මරණීය ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතුය."
 
ghdfghg
 
2020 වසරේ ලොව පුරා කෝවිඩ්  19 වසංගත ව්‍යාප්තියත් සමග ලෝක වෙළඳපොළේ තෙල්මිල සෘණ අගයක් ගත් අතර, එම අවස්ථාවේදී තෙල් මිල තඹ සතයකින්වත් අඩු කිරීමට කටයුතු නොකළ වත්මන් ආණ්ඩුව ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති තත්වය තුළ  මැති ඇමතිවරුන්ට සැප වාහන ආනයනය, කායවර්ධන මධ්‍යස්ථාන සැකසීම, අධිවේගී මාර්ග ඉදිකිරීම වැනි හදිසියේ අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා මුදල් ආයෝජනය කරමින් සිටින බවටත් වෘත්තිය සමිති නායකයන් චෝදනා කරති.
 
 
සැලසුම් සහගතවම සිදුකර ජනතා රැවටීමක් :
 
 
"මෙවැනි දේ සඳහා මුදල් වෙන් කරමින් සිටියදී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් පවසන්නේ තෙල්මිල වැඩි කළේ රටේ මූල්‍ය ස්ථාවරයට බලපෑමක් ඇතිවීම වැලැක්වීමට බවයි."
 
තෙල්මිල වැඩි කිරීම හා ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ නියෝජිතයන් විසින්ම සිදු කරන මෙවැනි ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ තෙල් මිල ඉහළ දැමීම ආණ්ඩුව විසින් සැලසුම් සහගතවම සිදුකර ජනතාව රැවටීමට ද සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවයැයි වැඩ කරන ජන බලය වෙනුවෙන් ජොස්ප් ස්ටාලින්, රවී කුමුදේශ්, ජගත් ගුරුසිංහ හා  චින්තක බණ්ඩාර යන වෘත්තිය සමිති නායකයන් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබේ.
 
 
  
##########
 
THE LEADER TV 
බැසිල්ට ගෙදර නවතින්නම ප්‍රහාරයක්!
 
 
ස'ගෙ වියත්මගත් නාමල්ට...? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්