ජනපතිවරණයට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරය මෙන් තවත් කලබැගෑනියක් රට තුල ඇතිකිරීමට ඇමරිකාව සුදානම් වන බවට ගෝඨාවාදීන් අනතුරු අඟවයි.

'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ දැඩි ඇමරිකානු ගැත්තකු බවටත්, ඔහුට ඇමරිකානු රජයේ පුර්ණ අනුග්‍රහය ලැබී ඇති බවටත් මේ වනවිට දිනපතා අනාවරනය වෙමින්, ඔහුගේ 'දේශප්‍රේමී' සළුපිලි එකින් එක ගැලවීයාමේ අවධානම තේරුම්ගෙන ඇති ගෝඨාගේ කල්ලි කණ්ඩායම් මේ වනවිට ව්‍යාජ ඇමරිකානු විරෝධයක් සමාජගත කිරීමට උත්සහ දරමින් සිටින අතර ඉහත අනතුරු ඇඟවීම ද එහි ප්‍රකාශයක් ලෙස සැලකිය හැක.

ගෝඨාභය රාජපක්ෂගේ 'එළිය' සංවිධානය ශ්‍රී ලංකාවේ පමණක් නොව ශ්‍රී ලංකික ප්‍රජාව බහුලව ජිවත්වන විදෙස් රටවලද සම්මන්ත්‍රණ හා රැස්වීම පවත්වමින් ඇමරිකානු රජය දැඩි ලෙස විවේචනය කරමින් ගෝඨා ඇමරිකානු විරෝධියකු බව ඇඟවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටියි.

ඒ අනුව පසුගියදා 02දා ඩුබායිහිදී පැවති 'එළිය' සම්මන්ත්‍රණයේ දී අනුශාසනාවක් කල එම සංවිධානයේ ප්‍රධානියකු වන මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ඇමරිකාවට පහර ගසමින්, රට ගොඩනැගීමට ගෝඨාභය රාජපක්ෂ වැනි අයකුගේ අවශ්‍යතාවය පෙන්වා දී ඇත.

අමෙරිකානු උපාය මාර්ගයකට අනුව පාස්කු ඉරිදා සහරාන්ගේ ත්‍රස්ත ප්‍රහාරය ක්‍රියාත්මක වු බව එහිදී පවසා ඇති උන්වහන්සේ, සහරාන්ගේ බෝම්බේ රිමොට් එක තියෙන්නේ ඇමරිකාව අතේ යයි සඳහන් කර තිබේ.

අමෙරිකාව විසින් ලොව පුරා රටවල්වල ආගමික ගැටලුවක් නිර්මාණය කිරීම තුළින් රට තුළට ඇතුළු වීමට උත්සාහ ගන්නා බවත් පාස්කු ඉරිදා මෙරට සිදුවු ප්‍රහාරය ගැන අමෙරිකාව පූර්වයෙන් දැන සිටි බවත් උන්වහන්සේ අවධාරණය කර සිටිති.

   

බළලා මල්ලෙන් එලියට පැනීමක් ද?

මේ අතර ගෝඨාවාදී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ද 'STOP USA' නමැති බැනරය යටතේ සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කර ඇමරිකාවට බැටදෙමින්, ගෝඨාබය ඇමරිකානු විරෝධියකු බව හැඟවීමට කටයුතු කරමින් සිටියි.

පසුගිය 04 දා "ගිවිසුම් තුනකින් මව්බිම වනසන ඇමරිකානු උගුල පරදවමු!" යන තේමාව යටතේ මහනුවරදී පැවැත්වූ එම සංවිධානයේ රැස්වීමක් අමතමින් ඔහු කියා සිටියේ, ජනපතිවරණයට පෙර රටේ තවත් කලබැගෑනියක් ඇති කිරීමට ඇමරිකාව සුදානම් වන බවයි.

Text 59මන්ත්‍රීවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

''ඇමරිකාවේ පළමුවෙනි උත්සාහය වුණේ සහරාන්ගේ බෝම්බය පත්තු කරලා සිංහල මිනිහා ලවා මුස්ලිම් මිනිහට ගහලා කලබැගෑනියක් ඇති කරලා එම කලබැගෑනිය විසඳීම සඳහා රට අස්සට රිංගා ගැනීමයි. ඇමරිකානු හමුදාව ගෙනල්ලා උතුරු මුහුදේ නැව් පිටින් නතර කරගෙන හිටියා. හැබැයි අපි ගැහුවෙ නැහැ. ඇමරිකාව අමාරුවේ වැටුනා.

මුන්ට මෙච්චර දෙයක් කරලත් ගහන්න බැරිද යකෝ කියලා හිතලා ගහන විදිය පොඩ්ඩක් මතක් කරලා දෙන්න හලාවතදී මුස්ලිම්වරුන්ට ගැහුවා. කුලියපිටියෙ දී ගැහුවා මිනුවන්ගොඩදී ගැහුවා. ඒත් අපි ගැහුවෙ නැහැ.

දැන් මොවුන්ට හරි ප්‍රශ්නයක් සිංහල මිනිසුන් කුපිත කරවන්නේ කොහොමද කියලා. එනිසා ජනපතිවරණයෙන් පරාජය අරගෙන මේ ගිවිසුම් හකුළා ගෙන යන්න ඇමරිකාව සූදානම් නැහැ. ජනපතිවරණයට පෙර රටේ තවත් කලබැගෑනියක් ඇමරිකාව ඇතිකරනවා ඇති කරනවාමයි. එයට සූදානමින් ඉන්නේ අප අනතුරු අඟවනවා.''

 

මෙවැනි කල්ලි කණ්ඩායම් මෙසේ ඇමරිකානු විරෝධයක් ඉස්මතු කරමින් සිටින්නේ, ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු ගත්තකු බවටත් ඔහුට ඇමරිකාවේ සහය පලවී ඇතිබවටත් දවසින් දවස හෙළිදරව් වෙමින් තිබෙන තත්වයක් තුලය.

ගෝඨාගේ ඇමරිකානු පක්ෂපාතිත්වය හෙළිකෙරෙමින් මෑතකදී සංවාදයට ලක්වූ කැරුණු කිහිපයක් මෙසේය.

# ගෝඨාභය පාර්ලිමේන්තුවට නොදන්වා, ඇමරිකාව සමග රහස් ගිවිසුමක් ගසා ඇතිබව:

 

# රොබට් ඕ බ්ලේක්, ගෝඨාට දුන් සහතිකය !

ගෝඨාභය රාජපක්ෂ මෙරට බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතු බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් පසුගියදා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපතිවරයෙකු ද වන බ්ලේක් මේ බව පැවසුවේ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දේශනයක් පවත්වමිනි.

# මිලින්ද මොරගොඩ, රොබට් බ්ලේක්, ගෝඨාභය එකම ව්‍යාපෘතියක් ද? -වාසුදේව නානායක්කාර මතුකරන සැකය :

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ සහ ශ්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් වැනි පාර්ශ්ව එක්ව බරපතළ සැකසංකා මතු කරන දේශපාලන ප්‍රවණතාවක් ඇති කරමින් සිටින බව මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර අවධාරණය කර සිටියේය.

 

# ඇමරිකානු ගැති රොහාන් ගුණරත්නගේ සම්ප්‍රාප්තිය:

උතුරේ යුද්ධයට එරෙහිව යම් යම් මත ප්‍රකාශ කළ පුද්ගලයෙකු ලෙසත්, ඇමරිකන් ඔත්තුකරුවෙකු ලෙසත්, බටහිර එන්ජීඕ ඒජන්තයෙකු ලෙසත් ගෝඨාභය රාජපක්ෂගේ අනුගාමිකයින් විසින් ම ලේබල් කර සිටි ආචාර්ය රොහාන් ගුණරත්න පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතුව මෙරට රාජ්‍ය බුද්ධි අංශවල දුර්වලවීම බව හඟවමින් ගෝඨාබය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටියදී බුද්ධි අංශ මෙහෙයවූ ආකාරය ගැන ප්‍රසංශා කළේය.

කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවති 'වියත්මඟ' සම්මන්ත්‍රනයක ප්‍රධාන දේශනය සඳහා ද ආචාර්ය රොහාන් ගුණරත්න මහතාට ආරාධනා කර තිබිණි.

 

# ලංකාවට එනවිටත් ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවීම :

Text 60ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ දිවුරුම් ප්‍රකාශයකට අනුව, ඔහු 2005 දී සිය සහෝදරයාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහාය වීම සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ එරටින් සංචාරක විසාවක් ලබාගෙනය. 2005 දී ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඔහු ඇමරිකානු පුරවැසියෙකු මිස ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවීය.

# කැමැත්තෙන් ඇමෙරිකානුවෙකුව සිටීම:

ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකන් පුරවැසිභාවය ඉවත් කරගැනීම පිළිබඳ ලියකියවිලි බාරදී ඇත්තේ 2019 මාර්තු හා අප්‍රේල මාසවලදී බව මේ වෙද්දී තහවුරුවී ඇත.

ගෝඨාභය රාජපක්ෂ 2019 මාර්තු මාසය දක්වාම සිය කැමැත්තෙන් ඇමෙරිකානුවෙකුව සිටීම ගැටලුකාරී බවට සමාජ මාධ්‍ය ඔස්සේ මත පලවී ඇත.

# ගෝඨාභය රාජපක්ෂයේ පවුලේ සාමාජිකයින් සියලු දෙන දැනට ද ඇමරිකානු පුරවැසියන් බව :

මීට පෙර ගෝඨාභය රාජපක්ෂ තමන් ඇමෙරිකානුවෙක්ය යන කාරණාවද සඟවාගෙන සිටීමට උත්සාහ ගත්ත ද අන්තිමේදී එය පොදුජන සංවාද තලයට ආවේ ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නිසාය.

 

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ගොඩගිය ගෝඨා !

21දෙසිය පනහකට අධික ජීවිත බිලි ගනිමින් අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාගේ අනුගාමිකයින් ඇමරිකාවට චෝදනා කලද, 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ සංවිධාන යාන්ත්‍රනය තුළ දේශපාලනික වශයෙන් නන්නත්තාරව සිටි ගෝඨාභය හා ඔහුගේ කල්ලි කණ්ඩායම් යලි පිම්මකින් ඉපිල ආවේ එම ප්‍රහාරයෙන් පසුවය.

එහිදී ජාතික අනාරක්ෂාව කියන කාරණය ජනතාවගේ අනෙකුත් ගැටළු අභිබවා පෙරට ගැනීමට දිලිත් ජයවීරගේ මාධ්‍ය ජාලය සමත්වූ අතර ගෝඨා වැනි අයකු රාජ්‍ය නායකයා විය යුතු බවට සමාජ මතයක් ද ගොඩ නැංවිය.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගෝඨාභය දේශපාලනික වශයෙන් ගොඩදැමීමට සිදුකළ ජාත්‍යන්තර කුමන්ත්‍රනයක් ද? යන කාරණය සමාජ මාධ්‍ය ඔස්සේ විමසීමට ලක්වෙමින් තිබියදී ඔහුගේ කල්ලි කණ්ඩායම් මෙසේ ඇමරිකාවට බැන වදිමින් සිටින්නේ ගෝඨාභය එල්ලවෙමින් තිබෙන අපවාදයෙන් ගලවා ගැනීම සඳහාය.

(සංවාදයට විවෘතයි)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්