මැතිවරණ දේශපාලනයෙන් සමුගෙන සිටින හිටපු අමාත්‍ය මංගල සමරවීර 'සැබෑ දේශප්‍රේමියෝ' නමින් මතවාදීමය  දේශපාලන ව්‍යාපෘතියක් එළිදැක්වීමට කටයුතු යොදා ඇත. 
රට ගොඩනැගීමේ අරමුණින් යුතුව 'සැබෑ දේශප්‍රේමියෝ' හරහා මංගල, රැඩිකල් මැද මාවතක් යෝජනා කර සිටියි.
 
අනාගතයේ රට බාර ගැනීමට සිටින තරුණ ප්‍රජාව මතවාදීමය වශයෙන් සන්නද්ධ කිරීම සඳහා ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය තරුණ තරුණියන්ගේ මුලිකත්වයෙන් යුතුව ක්‍රියාත්මක වීමට නියමිත බව එහි සංවිධායකවරියක් පැවසුවාය.
 
මෙම දේශපාලන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා වූ පළමු මාධ්‍ය හමුව ජුලි 25 ඉරිදා කොළඹ ටී.බී. ජායා මාවතේ පිහිටි  'ෆ්‍රීඩම් හබ්' හි දී පැවැත් වීමට නියමිතය. 
 
එම මාධ්‍ය හමුව True Patriot සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සජීවී ලෙස විකාශය කිරීමට කටයුතු යොදා ඇතැයි 'ෆ්‍රීඩම් හබ්' ප්‍රධාන සම්බන්ධිකාරක කෙශාල් ජයසිංහ 'ද ලීඩර්' වෙත පැවසිය.
 
'සැබෑ දේශප්‍රේමියෝ' නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට මිට මාස කිහිපයකට ඉහතදී සැලසුම් කර තිබුනද කෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ එය දිනෙන්දින කල්දැමීමට සිදුවූ බව පැවසු කෙශාල් ජයසිංහ, ඉරිදා පැවැත්වෙන මාධ්‍ය හමුව නිරෝධායන නීති අකුරටම ක්‍රියාත්මක කරමින් මාධ්‍යවේදීන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වැඩි දුරටත් කියා සිටියේය.
 
 
 
 
 
මංගල යෝජනා කරන රැඩිකල් මැද මාවත !
 
 
ශ්‍රී ලංකාවට මේ මොහොතේ අවශ්‍යතාව වන්නේ බුදුරජාණන් වහන්සේගේ මැද මාවතේ සිට මහත්මා ගාන්ධිගේ අවිහිංසාවේ මාවත දක්වා, නේරුගේ සිට මාටින් ලූතර් කිං දක්වා, නෙල්සන් මැන්ඩෙලාගේ සිට බැරැක් ඔබාමා දක්වා උකහා ගත් වටිනාකම පද්ධති යළි පණ ගැන්වීම මත පදනම් වූ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම බව මංගල සමරවීර පවසයි.
 
''සැබෑ දේශප්‍රේමියෝ'' මෙහෙයුමේ අරමුණ පැහැදිලි කරමින් මංගල සමරවීර විසින්  ඔහු විසින් ඉදිරිපත් කරන 'රැඩිකල් මැද මාවත'  සම්බන්ධයෙන් මිට ඉහත දී සමාජ මාධ්‍ය ඔස්සේ විග්‍රහයක් ඉදිරිපත් කර තිබිණ.
 
 
RADICAL CENTER :  රැඩිකල් මැද මාවත ?
 
 
# මැද මාවත නැතහොත් රැඩිකල් මැද මාවත, සාධාරණ, සැලකිලිමත් හා සෞභාග්‍යමත් සමාජයක් දරා සිටින කුළුණු සතර ලෙස ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සමානාත්මතාව සහ සාදාරණත්වය යන මූලධර්ම මත පදනම්ව ඇත. 
 
# රැඩිකල් මැද මාවත යනු යෙදුම් වල පරස්පරයක් බව බොහෝ දෙනෙකු කීමට ඉඩ ඇති නමුත්, මෙම වටිනාකම් ආරක්ෂා කිරීමට හා සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය වුවහොත් හා අවශ්‍ය වූ විටදී අවිහිංසාවාදී අරගලයක් දියත් කිරීමට පවා යම් අයෙකු විශ්වාස කරන දේ මතින් පැන නගින ධෛර්යය හා සමගම මධ්‍යස්ථ  ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි රැඩිකල් යළි කැපවීම් හදිසි අවශ්‍යතාවයකි. 
 
# රැඩිකල් මැද මාවත, ඒකාධිපතිවාදය, වර්ගවාදය සහ අනෙකුත් සියළු ආකාරයේ අන්තවාදයට සක්‍රියව හා ශක්තිමත්ව එරෙහිවීමට හා සටන් කිරීමට නිහඬ බහුතරයට සැපයෙන මධ්‍යස්ථතාවයෙහි වේදිකාවකි. 
 
# දේශපාලන පරාසයෙහි සෑම කොටසකින්ම නැගෙන විකල්ප මතධාරීන්ගේ හඬට හා මතවලට විමධ්‍යගත පාලනයක ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ස්ථානයක් හිමිවනු ඇත්තා වූ මධ්‍යස්ථවාදී මැද මාවතක් නිර්මාණය කිරීම රැඩිකල් මැද මාවතට උරුම වේ. එය, විද්‍යාමාන වන සියළු ආකාරයෙන් විවිධත්වයට ගරු කරන ක්‍රමයකි; 
 
# බහුත්වවාදය සහ ආගමික සහ අධ්‍යාත්මික සංකල්ප වලින් බැහැරවීම වැජඹෙන අවිහිංසාවාදී, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ විවිධ ප්‍රජාවන් අතර වසර ගණනක ගැඹුරු අවිශ්වාසයේ වේදනාව වියැකී යා යුතුය. 
 
# රැඩිකල් මැද මාවත, නොඉවසන සුලු තැනැත්තන්ට ඔවුන් වෛර කරන්නන් සැබැවින්ම ඔවුන්ට බොහෝ සෙයින්ම සමාන බවත්, මනුෂ්‍යයන් ලෙස ඔවුන්ටද එකම සිහින හා අභිලාෂයන් මෙන්ම බිය සහ කණස්සල්ලද තිබෙන බවද පෙන්වා දිය යුතුය.
 
# රැඩිකල් මැද මාවත, සියළු ශ්‍රී ලාංකිකයන්  ජාතියේ, ආගමේ හා කුලයේ සීමාවන්ගෙන් ඔබ්බට යමින් ඔවුන්ගේ පොදු මනුෂ්‍යත්වය සොයා ගන්නා ස්ථානය විය යුතුය. 
 
 
'ප්‍රතිපත්තිමය එකඟතාවයක් තුළ එක්සත් විය යුතුයි'
 
 
ශ්‍රී ලංකාව මුළුල්ලේ සිටින නිවැරදි චින්තනයක් ඇති සියළුදෙනා ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට ඔවුන්ගේ නිහඬතාවය බිඳදමා ප්‍රතිපත්තිමය එකඟතාවයක් තුළ එක්සත් විය යුතු බවද මංගල අවධාරණය කර සිටියි.
 
කිහිපදෙනෙකුගේ දුෂ්ට පාලනය පරාජය කළ හැක්කේ නිහඬ බහුතරය, සැබෑ දේශප්‍රේමීන් ‘ඇති කියන්නෙ ඇති‘  යැයි කීමට ඔවුන්ගේ නිද්‍රාවෙන් අවදි වුවහොත් පමණක් බව මංගල සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබු විඩියෝවෙන්  පෙන්වා දී ඇත.   
 
වැඩවසම් ගොත්‍රීක ආකල්ප සහ පශ්චාත් ‛56 යුගයේ ‘කුඩා ළිඳ තුළ විසල් මැඩියා‘ මානසිකත්වය ප්‍රතික්ෂේප කරමින් නූතන ශ්‍රී  ලංකාවක ඉලක්ක සහ අභිලාෂයන් පිලිබිඹු කිරීමට දේශප්‍රේමීත්වය යළි නිර්වචනය කිරීම අවශ්‍යව ඇති බව පෙන්වා දෙන මංගල,  අපගේ එක් එක් පෞරාණික සංස්කෘති සහ ආගම්වල විවිධත්වයට සහ මහිමයට ගරු කරන අතරම ශ්‍රී ලංකාවේ ජාතිකවාදී සහ විශ්ව දේශී සත්‍ය දේශප්‍රේමීන් නිදහස, ප්‍රීතිය හා සෞභාග්‍ය කරා සෙසු ලෝකය සමග අත්වැල් බැඳ ගමන් කිරීමට එක්සත් විය යුතු බව අවධාරණය කර සිටියි.
 
 

 
 
THE LEADER TV 
 
 
තලතාට මහින්දානන්ද කළේ ලිංගික අතවරයක් ! 
 
 
 
රිෂාඩ්ගේ නිවසේ මෙහෙකාර දැරියගේ මරණය ගැන සැඟවූ තොරතුරු මෙන්න ! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්