හිටපු ඇමැතිවරයකුගේ නිවසේ දී පිළිස්සුම් තුවාල ඇතිව මෙහෙකාර දැරිවියක් මරණයට පත්වීම
මෙරට ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ආණ්ඩුව  අසමත් වීමේ අදුරු පැතිකඩක් නිරාවරණය කරන බව කාන්තා, මානව හිමිකම්, බහුජන හා රාජ්‍ය නොවන සංවිධාන සමූහයක් පෙන්වා දෙයි.
 
හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාල වයස්කාර දැරියක් වූ හැටන්, දියගම පදිංචි ජූඩ් කුමාර් ඉශාලිනී මෙනවිය පිලිස්සුම් තුවාල සහිතව 2021 ජූලි මස 3 දින,  කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. 15 දා දැඩි සත්කාර ඒකක අංක 2 හි 73 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇයගේ තුවාල හේතුවෙන් ඇය මිය ගියාය.
 
එම දැරිවිය අධ්‍යාපනය අත්හැර මෙහෙකාර සේවයට යොමු කිරීමේ  වගකීම දැරිය යුත්තේ ද ආණ්ඩුව බව සඳහන් කරන සංවිධාන තිස් එකක් නිකුත් කළ නිවේදනයෙන්  කියා සිටින්නේ “ළමා පරිවාස නිලධාරි , ළමා ආරක්ෂණ නිලධාරි  සහ කාන්තා සංවර්ධන නිලධාරි  ආදී වශයෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම අනුයුක්ත නිලධාරින් සිටින අතර ඔවුන්ගේ කාර්ය වන්නේ මෙවන් ළමයින් අධ්‍යාපනය ලබන බවටත්, වයස අවුරුදු 16 ට පෙර පාසැල් හැර නොයන බවටත් වග බලා ගැනීමයි. මෙවැනි දරුවන් ආරක්ෂා කිරීම හා ඔවුන්ගේ අධ්‍යාපනයට සහය වීම මෙන්ම ප්‍රජාව තුල වැඩ කිරීම සඳහා මෙම නිලධාරීන්ට බලය පවරා තිබේ,’’ යනුවෙනි.
දශක ගණනාවක් පුරා සිදුවන කඳුරට දරුවන් බලහත්කාරී ලෙස මෙහෙකාර සේවයට යොදා ගැනීම අලුත් දෙයක් නොවුන ද, එම කෘරත්වය හෙළිදරව් වන්නේ කලාතුරකින් බවත්, පෙන්වා දෙන එම සංවිධාන එකතුව, බාල වයස්කාර දරුවන් ගෘහ සේවිකාවන් ලෙස විකිණීම පමණක් නොව මෙම වසංගත සමය තුළ ලිංගික අපයෝජනයට ලක්වීම හා අමානුෂික සැළකීම ඉහළ නැගීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවද පවසයි.
 
 1956 අංක 47 දරණ කාන්තාවන්, තරුණ අය හා ළමුන් රැකියාවේ යෙදවීමේ පනත අනුව වයස අවුරුදු 16 ත් 18 අතර  දරුවන් පොදු යහපතක් වෙනුවෙන් සේවයේ යෙදවිය හැක. නමුත් ඔවුන් සේවයේ යෙදවීමට පෙර ඒ ගැන කම්කරු කොමසාරිස් දැනුවත් කළ යුතු අතර පනතට අනුව දරුවාගේ පාසල් යාම වළක්වමින් සේවයේ යෙදවිය නොහැකිය. 
 
Birth Isilini
නම - ජූඩ් කුමාර් ඉෂාලිනී
උපන් දිනය - 2004/11/12
 
 
 
‘බාල වයස්කාර ගැහැණු දරුවෙකු රැකියාවේ යෙදවීම, අධ්‍යාපනය නැවත්වීමට බල කිරීම හා ලිංගික සුරාකෑම ආදී විවිධ බරපතල වැරදි හා සම්බන්ධවත්, මරණය හා අනෙකුත් සම්බන්ධිත හිමිකම් උල්ලංඝනය කිරීම ගැන වැරදිකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමට අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කළ යුතුය.’ යැයි යෝජනා කරන එම සංවිධාන සමුහය, සාධාරණ නඩු විභාගයක් මගින් යුක්තිය ඉටු කිරීම මෙවැනි අපයෝජන හා සුරාකෑම් අවසන් වනු ඇතැයි අපේක්ෂා කරයි.
 
දැරියගේ මරණයෙන් පසුව පවරන ලද අංක B/52944/2/21 දරණ ඇයගේ නඩුව අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍ර සූරියා මියගිය දැරියගේ දේහය නිරීක්ෂණයට කොළඹ ජාතික රෝහලට පැමිණි අතර, පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියම කර තිබේ. 
 
දිගුකාලයක් පුරා ඇය ලිංගිකව අපයෝජනයට ලක් වීම පිළිබඳ සැකය සම්බන්ධයෙන් ද පොලිස් පරීක්ෂණයක් පැවැත්වෙන බව කොළඹින් පලකෙරෙන ඇතැම් ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.
 
WhatsApp Image 2021 07 22 at 9.13.27 AM
අධිකරණ වෛද්‍ය වාර්තාව 
 
මෙම සිදුවීමත් ඇතුළු ගෙවී ගිය සති දෙකක කාලය තුල දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සහ  ලිංගික අපයෝජන සිදුවීම් පහක් වාර්තා වී තිබේ. මඩකළපුව දිස්ත්‍රික්කයේ පමණක් දරුවන්ට එරෙහිව ලිංගික අපයෝජන 16 ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා 63 ක් වාර්තා වී ඇති බව පෙන්වා දෙන එම සංවිධාන සමුහය කියා සිටින්නේ,  මේ වාර්තා වූ සිදුවීම් පමණක් වන අතර රටපුරා පවතින වසංගත තත්වය හේතුවෙන් තවත් බොහෝ සිදුවීම් හෙළිදරව් නොවන බවය.
  
‘’ සංචරණ සිමාවන් බලාත්මක කාලයේ දී ළමයින්ට එරෙහිව හිංසනය උත්සන්නව තිබියදීත්, ළමා ආරක්ෂණ අධිකාරිය හා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට... ඔවුන්ගේ රාජකාරිය එලදායිව හා කාර්යක්ෂමව ඉටු කිරීමට නොහැකි වූ බව අවධාරණය කළ යුතුය.’’ යනුවෙන් ආණ්ඩුවට චෝදනා  කරන එම සංවිධාන සමුහය, ශක්තිමත් නීති පද්ධතියක් තුලින් වින්දිතයා ආරක්ෂා කරන වැඩ පිළිවෙලක් නොපමාව ක්‍රියාත්මක කළ යුතු බවද යෝජනා කර සිටී.
 
සිංහල, දෙමල හා මුස්ලිම්  ප්‍රජාවන් නියෝජනය කරන උතුරු නැගෙනහිර හා කොළඹ කේන්ද්‍රීය කාන්තා, මානව හිමිකම්,බහුජන හා රාජ්‍ය නොවන සංවිධාන එකතුව මෙම නිවේදනය නිකුත් කොට ඇත.
 
මේ අතර, දැරිවියගේ මරණය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයට අදාළව අත් අඩංගුවට ගත් හිටපු ඇමැති  රිෂාඩ් බදියුද්දීන්ගේ බිරිඳ, ඇගේ පියා සහෝදරයා සහ දැරිවිය එම නිවසට රැගෙන ආ තැරැව්කරුවා මේ මස 26 දින දක්වා රැඳවුම් නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කිරීමට  ඊයේ  [24]අධිකරණය විසින් පොලිසියට අවසර ලබා දී තිබේ.
 
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා විසින් මෙසේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ  අපරාධ නඩු විධාන සංග්‍රහ පනත අනුව ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ගෙන් තවදුරටත් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට අවශ්‍ය හෙයින්, ඔවුන් රැඳවුම් නියෝග යටතේ තබා ගැනීම සඳහා පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවය.
 
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 360 [ඇ] වගන්තිය ප්‍රකාරව තැනැත්තන් වෙළෙඳාම් කිරීම, 308 [ආ] වගන්තිය ප්‍රකාරව ස්ථාපිත ස්ත්‍රී දුෂණයක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයාගේ ඥාති සහෝදරයා අත්අඩංගුවට ගත් බවද පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.
 
මෙම දැරිවිය පිලිස්සී මිය යාමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයට නීතිපති සංජය රාජරත්නම් විසින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් ගේ ප්‍රධානත්වයෙන් රජයේ නීතිඥ මණ්ඩලයක් ද පත් කර තිබේ. එහි මුලික වාර්තාවක් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විසින් ලබන සදුදා [26] වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත බාර දීමට නියමිතය.
 
 

 

 

 


 

THE LEADER TV 
 
 
ජනාධිපතිගේ ඉඟියෙන් සිහින බොඳවූ කස්ටිය?
 
 
කළු සල්ලි ජාවාරමුන්ට අති විශාල කප්පමක් ?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image