ඉදිරියේදී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම් කිරීමට සුදානම් වන ලෙස
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව වෙත දැනුම් දී සිටියි. 
 
ඔහු එම දැනුම්දීම සිදුකරනු ලැබුවේ  ජාතිය අමතමිනි. 
 
මේ තීරණාත්මක මොහොතේ රටේ සියලු දෙනාම බැරෑරුම් තත්ත්වය තේරුම් ගෙන සැලසුම් සහගතව රට ඉදිරියට ගෙන ආ යුතුයි. එම නිසා කණ්ඩායමක් ලෙස කොවිඩ් වසංගතය පරාජය කිරීමට එක්ව වැඩ කරන ලෙස සියලු දෙනා ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේය.
 
සෞඛ්‍ය අංශ පවතින තත්ත්වය සම්බන්ධයෙන් එක් කෝණයකින් බැලුවත් රජයක් ලෙස අප විදෙස් ණය ගෙවීම, වැටුප් ලබාදීම ඇතුළු විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුව ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේය.
 
රට නැවත වරක් සම්පුර්ණයෙන් වසා දැමීමෙන් රට ආර්ථිකයට දැඩි හානියක් සිදුවන බවත් පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් රට අද රාත්‍රී 10 සිට ලබන 30 වෙනිදා අලුයම 4.00 දක්වා තීරණය කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
 
මෙරට වාර්තා වන කොවිඩ් මරණ වලින් බහුතරයක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බවත් ඒ නිසා නිධන් ගත රෝග වලින් පෙලෙන අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සතියකට වරක් හෝ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් සිදුකරන ලෙස තමන් සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දුන් බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
 
කොරෝනා වසංගත මැඩ පැවැත්වීමට එකම විසඳුම එන්නත්කරණය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේත්, වෛද්‍ය විශේෂඥයින්ගේ මෙන්ම ලෝකයේ සම්මතමතයයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට එන්නත් ගෙන්වා ගැනීමට පසුගිය කාලයේදී තමන් විශේෂ උනන්දුවක් ගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේය.
 
චීනය, ඉන්දියාව වැනි රටවල රාජ්‍ය නායකයින්ට තමන් පෞද්ගලිකව කතා කරනු ලැබු බවත් ඒ වගේම තවත් රාජ්‍ය නායකයින්ට ලිපි යවමින් ද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ දුත කාර්ය මණ්ඩල හරහා එන්නත් නිෂ්පාදනය කරනු ලබන රටවල් සමග සම්බන්ධ වෙමින් එන්නත් ලබා ගැනීමට කටයුතු කරනු ලැබු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේය.
 
එමෙන්ම එම උත්සහයේ ප්‍රථිපලයක් ලෙස මේ වන විටසෑම මසකම ශ්‍රී ලංකාවට අවශ්‍ය එන්නත් සෑම මසකම ලැබෙමින් පවතින බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
ශ්‍රී ලංකාවට පළමුව ඉන්දියාවේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලැබූ බවත්, දෙවනුවට චීනයෙන් සයිනෝෆාම් එන්නත ලැබුවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාදීම මසකින් ප්‍රමාද වු බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ. 
 
කෙසේ වෙතත් පසුගිය මැයි මස 08 වෙනිදා සිට සයිනොෆාම් එන්නත අඛන්ඩව ජනතාවට ලබාදීමට හැකියාව ලැබු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
අමෙරිකාවෙන් ෆයිසර් සහ මොඩර්නා එන්නතත්, ජපානයෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත සහ රුසියාවෙන් ස්පුට්නික් එන්නත් ලැබී තිබෙන නිසා ලෝකයේ එන්නත් ලබා දෙන රටවල් අතර ශ්‍රී ලංකාව ඉහලින්ම සිටින බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ ය.
 
ජනපතිවරයාගේ විශේෂ ප්‍රකාශය පහතින් දැක්වේ.
  

 

 

 


 

THE LEADER TV 
 
 
ආණ්ඩුව රනිල් අතේ ද? 
 
 
වකුගඩු රෝගීන්ට වසංගත සමයේ අවදානමෙන් මිදෙන උපදෙස් 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්