ශ්‍රී ලාංකීය සමාජ පරිවර්තනයක් සඳහා හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත්කර ඇති න්‍යාය පත්‍රය පෙරට ගෙනයාමට
තමා ද ඇපකැප වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පවසයි. 
 
තම පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් බහුතරයකගේ මතය ද එය බව අවදාරණය කර සිටින මන්ත්‍රීවරයා, වෙනත් දේශපාලන පක්ෂවල තරුණ ක්‍රියාකාරී ද ඒ පිළිබඳව සුබවාදී ස්ථාවරයක සිටිනබව කියා සිටියි.
 
ඔහු එබව සඳහන් කර සිටියේ, මංගල සමරවීර දිවංගතව මාසයක් සපිරෙන අද (24) දිනයේ  NEXTV නාලිකාව විසින් මෙහෙයවූ විශේෂ වැඩසටහනකට එක්වෙමිනි.
 
'ලංකාවේ අනාගතය කොයිබටද ?' යන මාතෘකාව යටතේ සුම් තාක්ෂනය ඔස්සේ පැවති එම සාකච්ජාවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම ප්‍රවීන දේශපාලන විශ්ලේෂකයකු වන වික්ටර් අයිවන්ද සහභාගී වී සිටියේය. 
 
 #මංගලයෝජනා : පරිවර්තනයකට න්‍යාය පත්‍රයක්'  යන ශීර්ෂයෙන් යුතුව වික්ටර් අයිවන් විසින් පසුගියදා ප්‍රකාශයට පත්කර තිබු ලියවිල්ල පාදකකර ගනිමින් එම සාකච්ජාව මෙහෙයවුයේ මාධ්‍යවේදී ශානුක කරුනාරත්නයි.
 
සැබෑ දේශප්‍රේමියෝ (#TRUEPATRIOTLK) මතවාදය හරහා යහපත් රටක් ගොඩනැගීමේ මුලික අරමුණ පෙරදැරිව ඒ වෙනුවෙන් වූ 'රැඩිකල් මැදමාවත' (Radical Center) අදහස ඉදිරිපත් කිරීමට පෙර මංගල සමරවීර,  'පුනරුදය' සංවිධානය සමග සිදුකළ සාකච්ජා පදනම් කර ගනිමින් වික්ටර් අයිවන් විසින් එම ලියවිල්ල සකසා තිබිණ.
 
මෙම කෙටුම්පත අවසාන වූ කෙටුම්පතක් ලෙස නොසලකන ලෙසත් එය මහජන සංවාදයට ලක්කිරීම තුළ අවසාන වශයෙන් සකස් විය යුතු බවත් වික්ටර් අයිවන් පවසා තිබිණ.
 
මෙම සාකච්ජාවේදී තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු, මංගල සමරවීර විසින් යෝජනා කර ඇති පරිදි රට යළි ගොඩනැගීම සඳහා අඩිතාලමක් දැමීමට ඉදිරිපත් කර ඇති මුලික යෝජනා සම්බන්ධයෙන්  මෙරට සියලු දේශපාලන පක්ෂ අතර සංවාදයක් ආරම්භවිය යුතුබවද කියා සිටියි.  
 
විධායක ජනාධිපති ක්‍රමයේ විනාශය පෙන්වාදෙන හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා, ඉදිරි ජනාධිපතිවරණයකට තම පක්ෂයේ වුවද අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට විරුද්ධබව කියා සිටියි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකලයුතු බව ඔහුගේ මතයයි.
 

 
 
කියවන්න - සංවාදයට ලක්කරන්න 
 

#mangalasproposals: Agenda for Transformation - Victor Ivan

 

 


 

THE LEADER TV 
 
සිරිසේනගෙන් තව උගුලක්!
 
 
 
බැසිල් - විමල් ගැටෙයි: අගමැති නිහඬයි !
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්