අනවසරයෙන් සිදු කරන පස් කැපීමේ ජාවාරමක් නතර කිරීමට පියවර ගන්නා ලෙස බලකරමින් උතුරේදී විරෝධතාවයක් දියත් කර තිබේ.
යාපනය, නාගර්කෝවිල් දකුණ, කුඩාරප්පු ප්‍රදේශවාසීන් ඔක්තෝබර් 24 වැනි ඉරිදා විරෝධතාවය දියත් කළ බවයි පළාත් බද මාධ්‍යවේදීන් පවසන්නේ.
 
 
 
03
 
 
විරෝධතාකරුවන් පවසන්නේ තම පුද්ගලික ඉඩම් වල නාඳුනන පිරිසක් හොර රහසේ පස් කැපීමේ ජාවාරමක නිරත වන බවයි.
 
වැලි වලටත් වඩා  වානිජ වටිනාකමක් සහිත මෙම පස් මල් වගා කටයුතු සහ ගෙවතු සාරවත් කිරීම සඳහා යොදා ගන්නා බව පළාත් බද මාධ්‍යවේදීහු පවසති.
 
හොර රහසේ සිදු කරන පස් කැපීමේ ජාවාරම නිසා සිය ගවයන්ට තෘණ භුමි අහිමි වී ඇති බව පවසන විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ ඇතැම් ස්ථාන වල ගැඹුරට වලවල් කපා තිබීම නිසා සිය ගවයන් අනතුරට පත් වීමේ අවදානමක්ද පවතින බවයි.
 
මරදන්කේනි ප්‍රදේශිය ලේකම් කාර්යාලය විසින් රජයේ ඉඩම් වල පස්  කැපීමට අවසර දී ඇති බව පවසන විරෝධතාකරුවන් තවදුරටත් පෙන්වා දෙන්නේ, ජාවාරම් කරුවන් පිරිසක් හොර රහසේ පුද්ගලික ඉඩම් වලද පස් කැපිමේ යෙදී සිටින බවයි.
 
ඔවුන් සොයා ගත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට පැමිණිලි කළත් මේ තාක් යහපත් ප්‍රතිඵලයක් අත් වී නොමැති බව ඔවුන් වැඩි දුරටත් අවධාරණය කරති.
 
 
 

 
 
 
 
THE LEADER TV 

 

ස" ට තරු පේන්න විමලා ලියූ ලියුම | මොණරවිලගේ ලියමන

 

  

ස" ට මොළේ ඇත්තෙම නැද්ද ? | මොණරවිලගේ ලියමන

 

  37

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image