රජයේ හමුදා විසින් යුද්ධයෙන් බලහත්කාරයෙන් අත්පත් කර ගත් ඉඩම් තවදුරටත් නිදහස් නොකිරීම ගැන පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය
පළ වී තිබේ.
 
අත්පත් කරගත් පුද්ගලික  ඉඩම් හා පොන්නම්බලම් රෝහල හය මසක් ඇතුලත නිදහස් කරන බවට හමුදා ප්‍රධානින් පොරොන්දු වුවද සිව් වසරක් ගතවී ඇතත් තම ඉඩම් නිදහස් කිරීමට හමුදාව ක්‍රියා නොකරන බවට පුදුකුඩිඉරිප්පු ඉඩම් අහිමිවුවෝ චෝදනා කරති.
 
යුද්ධය අවසන්ව නැවත පදිංචියට පැමිණි පුදුකුඩුඉරිප්පු ජනතාවට දකින්නට ලැබී ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අක්කර 19 ඉඩමේ පාබල හමුදාවේ 682 වෙනි සේනාංකයට අයත්  කඳවුරක් නිර්මාණය කර ඇති බවයි.
 
  
2017 මාර්තු තුන් වැනිදා ඉඩම් අහිමිවූවන් විසින් පවුල් 49 ක් පදිංචිව සිටී අක්කර 19 ක මේ ඉඩමෙන් ඉවත්වන ලෙස ඉල්ලා දියත් කළ සත්‍යග්‍රහය හමුවේ රජයේ හමුදා ප්‍රධානින් පොරොන්දු වුයේ මාසයක් ඇතුලත පියවර තුනකින් නිදහස් කරන බවය. සත්‍යග්‍රහය අවසන්වුයේ පළමු පියවර ලෙස ඉඩම් අක්කර 7 ක් නිදහස් කිරීමෙන් අනතුරුවය. 
 
 
පාබල හමුදා කඳවුර කයිවේලි ප්‍රදේශයට මාරුකිරීමත් සමඟ ඉතිරි ඉඩම් සියල්ල හය මසකින් නිදහස් කරන බවට හමුදා ප්‍රධානීහු පොරොන්දු වුහ.
 
පාබල හමුදා අත්පත් කරගත්,පවුල් 29 පදිංචිව සිටී අක්කර 10 ඉඩම් කොටස දෙවැනි පියවර ලෙස මාස තුනක කාලයකින් හා හමුදාව අත්පත් කර ගත් පොන්නම්බලම් රෝහල නිදහස් කිරීමට මාස හයක කාලයක් ගත වන බවද  හමුදා ප්‍රධානින් සදහන් කර තිබුනි.
 
තම ඉඩම් නැවත ලබා දෙන ලෙස සෑම  පාර්ශවයක් වෙතම ඉල්ලීම් කළද මෙතෙක් එය ඉටු වී නොමැති බව පුදුකුඩිඉරිප්පු ඉඩම් අහිමිවූවෝ පවසති.
 
යුද්ධයෙන් අල්ලාගත් ඉඩම්වලින් සියයට අනූවක් පමණ ආපසු පවරා දී ඇති බවට ආණ්ඩුව පසුගිය සැප්තැම්බරයේ ජිනීවා මානව හිමිකම් කොමිසමට කළ ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් සිවඥානම් පෙන්වා දී තිබුනේ අක්කර දහස් ගණනක් තවමත් හමුදාව සන්තකයේ පවතින බවය.
 
682received 5235443816482592received 4537889936305079received 572408957327566received 580662773152599 

THE LEADER TV 
 
ගව තමෝ හමුවන්න ඉන්දියාවෙන් ගෞතම් ඇවිත් ! 
 
 
කක්කුස්සි පෝර නැව හම්බන්තොටට ! | අද ගොසිප් එක
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්