ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එම පක්ෂය සමග සිටින අනෙකුත් පක්ෂ අතර ඇති කර ගැනීමට බලාපොරොත්තුවන සන්ධානය සඳහා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ ව්‍යවස්ථාව පිළිබඳව අනෙකුත් පක්ෂවලින් විරෝධයක් මතුවී ඇතැයි සති අන්ත 'අනිද්දා' පුවත්පත වාර්තා කර ඇත.

එම පුවත් වාර්තාවට අනුව, අගෝස්තු 20 වැනි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමෙන් පසුව මහින්ද රාජපක්ෂගේ විජේරාම මාවතේ ඇති නිල නිවසේ පොදුජන පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානය පිළිබඳව සාකච්ඡා කර තිබේ. එම සාකච්ඡාව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර අනෙක් පක්ෂවල නියෝජිතයන් සහභාගිවී තිබේ.

එහිදී නව සන්ධානය සඳහා පොදුජන පෙරමුණ කලින් සකස් කළ ව්‍යවස්ථාවක් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඉදිරිපත් කර ඇත. එම ව්‍යවස්ථාවෙහි ඇති කරුණු ගණනාවකට ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පක්ෂ විරෝධය පළ කර තිබේ.

විධායක සභාවේ බහුතර බලය පොහොට්ටුවට !

විරෝධයට හේතු වූ එක් කරුණක් වන්නේ එම සන්ධානයේ විධායක සභාවේ බහුතර බලය පොදුජන පෙරමුණට ලැබෙන ලෙස ව්‍යවස්ථාව සකස් කර තිබීමයි. ඒ අනුව අනෙකුත් පක්ෂවල නියෝජිතයන් එම ව්‍යවස්ථාවට සංශෝධන ගණනාවක් ඉදිරිපත් කර තිබේ.

නව සන්ධානයේ නායකත්වය මහින්ද රාජපක්ෂට ලබා දිය යුතු බව එහිදී එකඟ වි තිබේ. ඊට අමතරව සන්ධානයේ මහලේකම් ධූරයද පොදුජන පෙරමුණට ලබාදිය යුතු බව එහිදී එකඟ වී තිබේ.

ඒකාබද්ධ පොදුජන පෙරමුණ හෝ නිදහස් පොදුජන පෙරමුණ වැනි පොදුජන පෙරමුණ යන වචන දෙක ඇති නමක් සන්ධානයට යෙදිය යුතු බවද එකඟ වී තිබේ. ඊට අමතරව සන්ධානයේ ලකුණ ලෙස පොහොට්ටුව යොදාගත හැකි බවද එහිදි එකඟ වි තිබේ. කෙසේ වෙතත් නව සන්ධානය පිළිබඳව සාකච්ඡාවක් ඉදිරි සතියකදී පැවැත්වීමටද එහිදී එකඟ වි තිබේ.

ඒකාබද්ධයේ නායකයින් වර්ජනයක !

ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව), ඒකාබද්ධයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග ද්විපාර්ශ්වීය ගිවිසුම් ගතවීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙසෙන කොළඹ විජේරාම නිවසේදී ජුලි මස 26දා සිදු කිරීමට නියමිතව තිබුන ද එම අවස්ථාව වර්ජනය කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් කටයුතු කළේය.

එයට හේතුව ලෙස එකී පක්ෂ නායකයන් සඳහන් කර සිටියේ, සියලු පක්ෂ ඒකරාශි කර පුළුල් සන්ධානයක් ගොඩනැගීම මග හැර පොදුජන පෙරමුණ තනි තනි පක්ෂ සමග වෙන වෙනම ගිවිසුම් ගතවීම තමන් ප්‍රතික්ෂේප කරන බව ය.

ඒ අනුව මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂ 8ක් මෙම අවස්ථාවට එක නොවිය.

මීට අමතරව හිටපු අමාත්‍ය ඒ. එල්. එම්. අතාවුල්ලා සහ ප්‍රභා ගනේෂන් යන මහතුන්ගේ පක්ෂ ද මෙම අවස්තාවට සහභාගි නොවී සිටීමට තීරණය කර තිබිණ.

සබැඳි පුවත් :

පොහොට්ටුව ගිවිසුම් ගහද්දීම අවුලක: දිනේෂ්-වාසු-විමල්-උදය දැඩි තින්දුවක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්