ජනාධිපතිවරයා විසින් ලබාදුන් නියෝගයක් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මුළුමනින්ම නොසලකා

හැර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

පසුගිය සඳුදා ජනාධිපතිවරයා විසින් විදුලිබල වෘත්තීය සමිති නියෝජිතයින් හා කැඳවා විශේෂ සාකච්ජාවක් සිදුකර ඇති අතර ඒ සඳහා විදුලිබල අමාත්‍යංශයේ හා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද සහභාගී කරගෙන තිබේ.

එහිදී විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී වරයාගේ සේවාකාලය වසරකින් දීර්ඝ කිරීම, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් කිහිප දෙනෙකුගේ ස්ථාන මාරු කිරීම හා යුගදනවී බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට අදාල දීර්ග වශයෙන් සාකච්ජා වී තිබේ.

එහිදී සාමාන්‍යාධිකාරී වරයාගේ සේවාකාලය වසරකින් දීර්ඝ කිරීමට හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් කිහිප දෙනෙකුගේ ස්ථාන මාරු කිරීමට ගෙන ඇති තීන්දු අවලංගු කරන්නැයි ජනාධිපතිවරයා, විෂයබාර අමාත්‍ය ගාමිණි ලොකුගේ ට හා විදුලිබල මණ්ඩලයේ සභාපතිට නියෝගකර ඇතත් එය මෙතෙක් ක්‍රියාත්මකවී නැති ජනාධිපති කාර්යල ආරංචිමාර්ග කියා සිටියි.

කෙසේවුවද මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් කළ විමසීමකදී පැවසුයේ, සේවා කාලය දිගු කිරීම්, සේවක ස්ථාන මාරු කිරීම් වැනි අභ්‍යන්තර කාරනා සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට තීන්දු තීරණ ගන්නා  ලෙස ජනාධිපතිවරයා එම රැස්වීමේදී උපදෙස් දුන් බවයි.


ජනාධිපතිට යුගදනවී ගැන උනන්දුවක් නැහැ !


එම රැස්වීමට සහභාගී වූ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු පැවසුයේ, යුගදනවී අර්බුදය සම්බන්ධයෙන් මතුව ඇති කරනා පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත්වීමක නොසිටි බවයි. නිලධාරීන් විසින් ජනාධිපතිවරයා නොමග යවා ඇතිබව එම රැස්වීමේදී අනාවරණය වූ  බව ඔහු කියා සිටියේය.

 

ඇමති මණ්ඩලය විසින් භාණ්ඩාගාර ලේකම්ට බලය දුන්නේ New Fortress Energy Incorporation සමග ගිවිසුම් ගත වීමට නමුත්, භාණ්ඩාගාර ලේකම් ගිවිසුම් ගත වී ඇත්තේ,  NFE Sri Lanka Power Holdings Limited නම් සමාගම සමග බවත්,  එම සමාගම 2021 පෙබරවාරි ආරම්භ කරන ලද ඩොලර් 300ක් පමණක් වත්කම් ඇති සමාගමක් බවත් වෘත්තීය සමිති විසින් පෙන්වා දී ඇත.

 

ඒ අනුව, ගිවිසුමේ 13 වන වගන්තිය අනුව ගිවිසුම අත්සන කළ 2021.09.17 දින සිට වසර දෙකක් එහි කරුණු ප්‍රසිද්ධ කිරීමට දෙපාර්ශවයටම නොහැකි බවද වෘත්තිය සමිති නියෝජිතයින් පෙන්වා දී ඇත.

යුගදනවී ගිවිසුම සම්බන්ධයෙන් සාධාරණ විරෝධයක් පවතින්නේ නම්, එය බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීමට තමාගේ අදහසක් නැතැයි ජනාධිපතිවරයා එම රැස්වීමේදී පැවසු බව එම වෘත්තීය සමිති ප්‍රධානියා වැඩිදුරටත් කියා සිටියේය.  


අමාත්‍යවරු තිදෙනෙක් විරෝධතා ගොනු කරති

wimal

කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධර්මායතනාධිපති ය ඇල්ලේ ගුණවංශ,  සමගි ජන බලවේගය, වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්ෂව උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් ඊයේ  සිය විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබූහ.

මෙම අමාත්‍යවරුන් තිදෙනා එම මූලික අයිතිවාසිකම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියදී පෙත්සම්වලට පක්ෂව විරෝධතා ඉදිරිපත් කර සිටිති.

නීතීඥ නිලන්ති විජේසිංහ විසින් ගොනු කළ මෙම විරෝධතා පිටු 58 කින් යුක්තය.


මෙම විරෝධතා වල සංක්ෂිප්තය මෙසේය.

 

# පසුගිය 06 වැනි දින මේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් කිසිදු ආකාරයේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් , අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් නොකළ අතර ඒ පිළිබද කරුණු සම්මත කිරීමක්ද සිදු නොවිණි.

 

#  ඒ අනුව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළේ යැයි යන කතාව සම්පූර්ණ අසත්‍යයකි.

 

#  මෙම ව්‍යාපෘතිය පිළිබදව ප්‍රසිද්ධ ටෙන්ඩර් කැදවීමක් සිදු කර තිබියදී, ටෙන්ඩර් ලංසුව ඉදිරිපත් නොකළ සමාගමකට මෙම ටෙන්ඩරය ලබා දීම නීතියට පටහැනි වේ.

 

# මෙම ටෙන්ඩරය ලබා දුන් සමාගම 2018 වසරේ ආරම්භ කළ සමාගමකි. මෙම සමාගමට ගෑස් කළමනාකරණය පිළිබද කිසිදු ඉතිහාසයක් නොමැත. එබැවින් මෙම සමාගමට රටේ ගෑස් කළමනාකරණය බාර දීමේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයකි.

 

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධර්මායතනාධිපති ය ඇල්ලේ ගුණවංශ හිමියන්, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, වසන්ත සමරසිංහ සහ ලංකා විදුලි සේවකයන්ගේ සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් යන මහත්වරු  මෙම පෙත්සම් ගොනු කර සිටිති.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය, භාණ්ඩාගාර ලේකම් වරයා, බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා, මහජන උපයෝගිතා කොමිසම, එහි සභාපතිවරයා, ලංකා විදුලි බල මණ්ඩලය, එහි සභාපතිවරයා, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, එහි කලමණාකරණ අධ්‍යක්ෂවරයා,වෙස්ට් කෝස් පවර් පෞද්ගලික සමාගම, ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම නීතිපතිවරයා ඇතුළු 54දෙනෙක් මෙහි වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.

 

සබැඳි පුවත් :


යුගදනවි ගිවිසුම : ජනපති කිසිවක් නොදනී ! - හවුල්කාර පක්ෂවලට දැනුම්දීමක්




THE  LEADER  TV
 
 
 

දයාසිරි අහුවුණ බැසිල්ගේ උගුලට මෛත්‍රීත් !

 

 
සර් මහින්ද ඉල්ලා අස්වෙයිද ?| "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්